ඓතිහාසික වශයෙන් පැමිණි සංස්කෘතිකාංගවල ගෙල සිඳලීම පුනරුදය නොවේ... රනිල්ගේ වැල්පාලමේම මේ ආණ්ඩුවත් යනවා නම් පුනරුදයේ නිර්මාතෘ රනිල් විය යුතුයි - විමල් වීරවංශ (වීඩියෝ)
පුනරුදය යනු යටත් විජිතකරණ නෂ්ඨාවශේෂ වලින් ගැලවීම බවත්, ඓතිහාසික වශයෙන් පැමිණි සංස්කෘතිකාංගවල ගෙල සිඳලීම පුනරුදය නොවන බවත් ජානිපෙ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
හිරු රූපවාහිනියේ 'සලකුණ' දේශපාලන සංවාදයට එක්වෙමින් ඒ මහතා පවසන්නේ වාමාංශික දේශපාලනයේ පතාක යෝදයකු බඳු පුද්ගලයකු වූ වෙනිසියුලාවේ හිටපු ජනපති හියුගෝ චාවේස් මහතා මියයාමෙන් පසු ඔහුගේ දේහය තැන්පත් කර තිබූ පෙට්ටියේ පිටුපසින් කුරුසය ගසාතිබුනේ ඔහු වාමාංශික නායකයකු වුවද එරට සංස්කෘතිකාංග ප්‍රතික්ෂේප කර දැමීමක් සිදුනොකළ නිසා බවයි.
ආර්ථික පුනරුදය යනු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැල්පාලම දිගේ දිගටම දරුවා රැගෙන යාමදැයි ප්‍රශ්න කරන ඒ මහතා, රනිල් වික්‍රමසිංහ ලබාදුන් රිලේ බැට්න් එක වර්තමාන ආණ්ඩුව විසින් දිගටම රැගෙන යන්නේ නම් පුනරුදයේ නිර්මාතෘ රනිල් විය යුතු බවද සඳහන් කරයි.
විදේශ විනිමය සම්බන්ධයෙන් අද පවතින පනත මගින් විදේශ විනිමය හොයන ඕනෑම ධනවතෙකුට ධනය ඕනෑම ප්‍රමාණයක් පිටරට තැබීමට හැකි බවද, කළින් පැවතුන විදේශ විනිමය පනත නැවත ගෙන ආ යුතු බවද ඒ මහතා මෙහිදී සඳහන් කරයි.
එමෙන්ම වර්තමාන ආණ්ඩුව නියෝජනය කරන්නේ වාම ලිබරල්වාදය බවද විමල් වීරවංශ මහතා මෙහිදී පැහැදිලි කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්