
ඓතිහාසික වශයෙන් පැමිණි සංස්කෘතිකාංගවල ගෙල සිඳලීම පුනරුදය නොවේ... රනිල්ගේ වැල්පාලමේම මේ ආණ්ඩුවත් යනවා නම් පුනරුදයේ නිර්මාතෘ රනිල් විය යුතුයි - විමල් වීරවංශ (වීඩියෝ)
පුනරුදය යනු යටත් විජිතකරණ නෂ්ඨාවශේෂ වලින් ගැලවීම බවත්, ඓතිහාසික වශයෙන් පැමිණි සංස්කෘතිකාංගවල ගෙල සිඳලීම පුනරුදය නොවන බවත් ජානිපෙ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
හිරු රූපවාහිනියේ 'සලකුණ' දේශපාලන සංවාදයට එක්වෙමින් ඒ මහතා පවසන්නේ වාමාංශික දේශපාලනයේ පතාක යෝදයකු බඳු පුද්ගලයකු වූ වෙනිසියුලාවේ හිටපු ජනපති හියුගෝ චාවේස් මහතා මියයාමෙන් පසු ඔහුගේ දේහය තැන්පත් කර තිබූ පෙට්ටියේ පිටුපසින් කුරුසය ගසාතිබුනේ ඔහු වාමාංශික නායකයකු වුවද එරට සංස්කෘතිකාංග ප්‍රතික්ෂේප කර දැමීමක් සිදුනොකළ නිසා බවයි.
ආර්ථික පුනරුදය යනු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැල්පාලම දිගේ දිගටම දරුවා රැගෙන යාමදැයි ප්‍රශ්න කරන ඒ මහතා, රනිල් වික්‍රමසිංහ ලබාදුන් රිලේ බැට්න් එක වර්තමාන ආණ්ඩුව විසින් දිගටම රැගෙන යන්නේ නම් පුනරුදයේ නිර්මාතෘ රනිල් විය යුතු බවද සඳහන් කරයි.
විදේශ විනිමය සම්බන්ධයෙන් අද පවතින පනත මගින් විදේශ විනිමය හොයන ඕනෑම ධනවතෙකුට ධනය ඕනෑම ප්‍රමාණයක් පිටරට තැබීමට හැකි බවද, කළින් පැවතුන විදේශ විනිමය පනත නැවත ගෙන ආ යුතු බවද ඒ මහතා මෙහිදී සඳහන් කරයි.
එමෙන්ම වර්තමාන ආණ්ඩුව නියෝජනය කරන්නේ වාම ලිබරල්වාදය බවද විමල් වීරවංශ මහතා මෙහිදී පැහැදිලි කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
