News Category
From Date
To Date
Maximum Number of Result

ලොව පුරා හින්දු බැතිමතුන් ඉමහත් භක්තියෙන් සමරන මහා ශිව රාත්‍රී දිනය අදට (08) යෙදී තිබේ.

පොදු ව්‍යාපාර පිළිබඳ කමිටු සභාපති ධූරය සඳහා ඉදිරිපත් වී ඡන්ද විමසීමෙන් පරාජයට පත්වීම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පැහැදිලි කිරීමක් කරයි.

කැනඩාවේ අගනුවර වන ඔටාවා හි ශ්‍රී ලාංකිකයින් බවට හඳුනාගත් පවුලක 6 දෙනෙකු ඝාතනය කර තිබේ.

'ඉන්දියානු ආක්‍රමණයේ මාර්ග සිතියම... එට්කා අවසන් සැතපුම' කෘතිය ජනගත කිරීම මාර්තු 12 දා සවස 3.15 ට කොළඹ 7 නිදහස් චතුරසුයේ පිහිටි පුස්තකාල හා ප්‍රලේඛන සේවා ශ්‍රවණාගාරයේ දී පැවැත් වේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පවා අවධානයට ලක්වීමට සහ "ශ්‍රී ලංකාව මූල්‍ය වහල්භාවය පවතින රටක්!" ලෙස අවමානයට ලක් වීමට හේතු වූ "ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය වෙළඳපොළ" පාලනය කිරීමට "ශ්‍රී ලංකා ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරිය" නමින් ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත, "ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලේ සිරවුණු මෙරට පවුල් විසිඅට ලක්ෂයට කිසිදු ප්‍රතිලාභයක් සලසා නොදෙතත් ක්ෂුද්‍ර මූල්‍ය වෙළඳපොළ තුළ ක්‍රියාත්මක මහා සමාගම් පහ හයක් ශක්තිමත් කරන බවට ලක්මව දියණියෝ කාන්තා සංවිධානයේ සභාපතිනිය, හිටපු පළාත් සභා මන්ත්‍රීයේ ප්‍රියංගා කොතලාවල මහත්මිය චෝදනා කළාය.

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර අත්සන් කර තිබෙන නිදහස් වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇති බව වාර්තා වේ.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් රචිත 'ජනාධිපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය' ග්‍රන්ථය අද (07) මෙරට ප්‍රධාන පෙළේ පොත් අලෙවිසැල්වලට නිකුත් කෙරිණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප් කමිටුවේ) සභාපති ධුරයට තේරී පත්ව තිබේ.

ොපාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙක් අතර පාර්ලිමේන්තුවේ අගමැති කාර්යාලය තුළ ගැටුමක් ඇතිවීමට ගොස් ඇති බව වාර්තා වේ.


ප්‍රධාන පුවත්

සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..

තමන්ගේ මරණය ආසන්න බව හැඟෙන බැවින් දෑස් දන්දීමට හා සිය අවසන් කැමැති පත්‍රය සැකසීමට අවශ්‍ය ලිපිලේඛන රැගෙන කඩිනමින් එන්නැයි සුරේෂ් සලේ මහතා දැනුම්දුන් බව ඔහුගේ නීතිඥයින් ඊයේ (07) අනාවරණ කර තිබිණි.

වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්

ශ්‍රී ලංකාවේ යුරෝපීය සංගමයේ නියෝජිත කණ්ඩායම විසින් "X" (ට්විටර්) සමාජ මාධ්‍ය තුළ රුසියානු සමූහාණ්ඩුවට එරෙහි කරන ලද නොමඟ යවන තොරතුරු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

යාපනයේ ජාතිව‍ාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්

යාපනය විශ්ව විද්‍යාලයේ වෙසක් උත්සවය සැමරීම වෙනුවෙන් නිර්මාණය කළ වෙසක් කූඩුවක් විනාශ කිරීම සම්බන්ධයෙන් තමන් මුලින්ම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අදාළ සිදුවීම වාර්තා කළ බවත්, මෙම සිදුවීම පාදක කරගනිමින් තමන් ජාතිවාදය අවුස්සන බවට කිහිපදෙනෙකු විසින් ප්‍රකාශ කර ඇති බවත්, එම ප්‍රකාශ හෙළාදකින බවත් යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ අරුන් සිද්ධාර්ත් මහතා පවසයි.

ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

බෙදුම්වාදීන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ආණ්ඩුවත් විපක්ෂයත් බරපතළ ලෙස මානසික බාධක පනවාගෙන සිටින බවත්, එල්.ටී.ටී.ඊ කොටි ත්‍රස්තයන් සැමරීම ඔවුන් විසින් කිසිඳු බාධාවකින් තොරව පාර්ලිමේන්තුව තුළ දී පවා සිදුකරමින් සිටින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!

දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ගේ (අවි දැරූ/නොදැරූ) සහ ඉන්දියාවේ වුවමනාවට 80 දශකයේදී ලංකාවේ ස්ථාපිත කළ පළාත් සභා ක්‍රමය පිළිබඳව නැවතත් විමසා බැලිය යුතුය.

මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..

වැරදි විදිහට කටයුතු කරන මූල්‍ය ආයතන රට තුළ තිබේ නම් මහ බැංකුව ඊට නීතිමය පියවර ගතයුතු බවත්, එසේ නොමැතිව දැන්වීම් ප්‍රචාරය කිරීමෙන් පමණක් ඒවාට එරෙහිව කටයුතු කළ නොහැකි බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය

රටවල් කිහිපයක් ඉලක්ක කරගනිමින් ශ්‍රම සාධක මත පදනම් වූ නව තීරුබදු ක්‍රමවේදයක් හඳුන්වා දීමට ඇමරිකා එක්සත් ජනපදය පියවර ගෙන ඇත. මෙරටින් යවන අපනයන භාණ්ඩ සඳහා ද සියයට 12.5 ක බද්දක් මෙයට ඇතුළත් වන අතර, මෙම තීරණය සම්බන්ධයෙන් ලංකා වාණිජ මණ්ඩලය සිය කනස්සල්ල පළ කර සිටියි.

මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට

සිදත්ත තිලකසිරි හෙවත් "සුදා" නමැති කුප්‍රකට අන්වර්ථ නාමයෙන් හඳුන්වන යූටියුබ් කරුවකුට එරෙහිව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් ලිඛිතව පොලිස්පතිට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?

ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු ආචාර්ය විනෝද් සුරනා සහ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අතර හමුවක් සිදුව ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.