News Category
From Date
To Date
Maximum Number of Result

හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂයෙන් ඉවත්ව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපතිවරණයේ දී සහාය දැක්වූ කණ්ඩායම දිලිත් ජයවීර මහතාගේ මවුබිම ජනතා පක්ෂය සමග සාකච්ඡා ආරම්භ කර ඇති බව වාර්තා වේ.

තම ජනාධිපති බලතල යොදා ගනිමින් ශ්‍රී ලංකාවේ සිරගෙවල්වල වෙසෙන සියලුම ඉන්දීය ධීවරයන් නිදහස් කිරීමට නියෝග කර අලුත් ආරම්භයක් ලබා දෙන ලෙස ඉන්දීය කොංග්‍රස් මන්ත්‍රී ආර් සුධා අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ඉල්ලීමක් කර තිබේ.

එක්සත් රාජධානියේ විදේශ ලේකම් ඩේවිඩ් ලැමී සැප්තැම්බර් 24 වැනි දින එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ රැස්වීමේදී දේශනයක් පවත්වමින් රුසියාව සහ එහි නයකයන් සම්බන්ධයෙන් දරුණු විවේචනයක් එල්ල කළේය. ඔහුගේ එම විවේචනයට සමාගාමීව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් මහ කොමසාරිස් ඇන්ඩෘ පැට්‍රික් මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් විදේශ ලේකම්ගේ අදහස ස්ම්පූර්ණයෙන් අනුමත කර ඇත. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය මගින් යටත් විජිත රාජ්‍යයක නියෝජිතයින්ට අන් රටවල රාජ්‍යන්ට සහ රාජ්‍ය නායකයන්ට නින්දා කිරීමට සදාචාරාත්මක අයිතියක් නැති බව අවධාරණය කර තිබේ. එලෙසම එක්සත් රාජධානිය සිය ධනය ගොඩනඟා ගෙන ඇත්තේ තුන්වන ලෝකයේ රටවල් කොල්ලකෑම මගින් බව පවසන අතර එම ධනය හිමි ශ්‍රී ලංකාව හෝ ඉන්දියාව වැනි නීත්‍යානුකූල අයිතිකරුවන්ට එය නැවත ලබා දිය යුතු මොහොත දැන් පැමිණ තිබෙන බවද අවධාරණය කර තිබේ.

මෙවර මහ මැතිවරණයේදී 2024 ඡන්ද හිමි නාම ලේඛනයට අනුව කොළඹ හා යාපනය දිස්ත්‍රික්කවලින් තෝරාගන්නා මන්ත්‍රීධුර එක බැගින් අඩුවී ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවලට එක බැගින් වැඩි කර තිබේ.

පෙර පැවති වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය යළි ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වෙත සුබ පැතුම් පණිවුඩයක් යොමු කර තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පළමුවන පත්වීම විශ්වාසය බිඳින සුළු එකක් බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

පසුගිය රජයයන් විසින් භාවිත කළ අතිසුඛෝපභෝගී වාහන අත්‍යවශ්‍ය සේවාවන්වලට පමණක් යොදා ගන්නා ලෙස ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බව ජනාධිපති පෞද්ගලික ලේකම් ආනන්ද විජේපාල මහතා පැවසීය.

ඉතිහාසයට නව පරිච්ඡේදයක් එක්කරමින් ශ්‍රී ලාංකිකයින් නව යුගයකට එළැඹ ඇති බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන්ග් මහතා පවසයි.


ප්‍රධාන පුවත්

ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ

කැනඩාවේ ඔන්ටාරියෝ (Ontario) පළාත් ව්‍යවස්ථාදායකය විසින් 'දෙමළ ජන සංහාරය' (Tamil Genocide) යන සංකල්පය හෝ එය නිල වශයෙන් පිළිගෙන නොමැති බව එරට අධිකරණ තීන්දු මඟින් තහවුරු වී ඇති බව ආචාර්ය නෙවිල් හේවගේ මහතා පෙන්වා දෙයි.

ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..

බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ පා ගමන අද (12) තෙවන දිනටත් පැවැත්වේ.

"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..

ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමට පෙර තමන්ට ඇමතුමක් ලබාදී හමුවන ලෙස දැන්වූ බවත්, එහිදී උන්වහන්සේ පැවසුවේ උන්වහන්සේව අත්අඩංගුවට ගත් පසු සිවුර ගැලවීම අනිවාර්යෙන් සිදුකරන බව යැයිද, කළින්ම උන්වහන්සේ මේ පිළිබඳව දැනසිටි බවත්, තමන් සමග මේ සම්බන්ධයෙන් උන්වහන්සේ කතා කළ බවත් නීතිඥ සංජීව වීරවික්‍රම මහතා හෙළිදරව්වක් සිදුකරමින් පවසයි.

අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි

අනුරාධපුර පූජා නගරය ගොඩනැගීම සඳහා විශාල ආධාර මුදලක් ඉදිරියේදී ඉන්දියානු රජයෙන් ලැබීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..

මාලිමාවට රැවටී තමන් වහන්සේද මාලිමාවට ඡන්දය දුන් බවත්, රට හදනවා කියා, උගන්ඩාවේ සල්ලි ගේනවා කියා, දූෂණ වංචා නොකරනවා කියා, ජනතාවට නැති කිසිවක් අපිට එපා කියා, ජනතාව අන්දවා ඡන්දය ගත් හැටි අද හොඳින් අවබෝධවී ඇති බවත් මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමියෝ පවසති.

රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි

ඇමරිකාව සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ මතු වී ඇති දැඩි ඉන්ධන හිඟයට විසඳුමක් ලෙස, රුසියාව සහ එක්සත් ජනපදය අතර සුවිශේෂී සහ ඓතිහාසික බලශක්ති ගිවිසුමකට එළඹ තිබේ.

2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..

කොළඹ රිච්වේ ආර්යා ළමා රෝහලට දානපතියන්ගේ පරිත්‍යාග ඉල්ලා සිටින ලේඛන රෝහලේ වෙබ් අඩවියේ පසුගිය ඔක්තෝබර් මස 5 දා දක්වා ප්‍රදර්ශනය කර තිබූ බවත්, මේ පිළිබඳව ජනමාධ්‍යයට පැවසූ පසු එම වෙබ්අඩවිය අවහිර කර සෞඛ්‍ය අමාත්‍යවරයාත් අදාළ රෝහලේ අධ්‍යක්ෂකවරයාත් මෙම වෙබ් අඩවියේ ඇත්තේ 2022 වසරට අයත් තොරතුරු බවට පවසන බවත්, එහෙත් 2026 ඔක්තෝම්බර් 5 දක්වා තොරතුරු මෙහි අන්තර්ගතව තිබූ බව සාක්ෂි සහිතව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් කළ බවත් වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.

ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමේ තීරණය ගනු ලැබුවේ මහා සංඝරත්නය, අමාත්‍යවරුන් සහ එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ පැවති පුළුල් සාකච්ඡාවලින් අනතුරුව බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..

පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ, බලවත් ජාතීන්ගේ අවශ්‍යතා මත වර්තමානයේ ලෝකය සහ කලාපය ගමන් කරන මාවත ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් කෙළවර වීමට ඉඩ ඇති බවයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.