
නුදුරේදී රාජ්‍ය සේවක සංඛ්‍යාව අඩු කිරීම ආරම්භ කළ යුතුයි... නැත්නම් අමාරුවේ - දුමින්ද හුළංගමුව කියයි
ශ්‍රී ලංකාවට විශාල රාජ්‍ය අංශයක් දැරීමට තව දුරටත් නොහැකි වනු ඇති බවත් නුදුරේදී රාජ්‍ය සේවක සංඛ්‍යාව අඩු කිරීම ආරම්භ කළ යුතු බවත් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුළංගමුව මහතා සඳහන් කරයි.
භාණ්ඩාගාරය දැනට සිදුකරන වියදම් ඉදිරියේදී පවත්වා ගැනීමට නොහැකි වනු ඇති බවද පැවසූ ඔහු දැනට රට තුළ සිටින ලක්‍ෂ දහතුනක් පමණ වන රාජ්‍ය සේවකයන් ඉදිරියේදී ලක්ෂ හත හමාරක් දක්වා අඩු කිරීමට සිදුවනු ඇති බවද කියා සිටියේය.
ඒ මහතා මෙම අදහස් පළ කළේ කොළඹ පැවති උත්සව අවස්ථාවක් අමතමිනි.
“අපි ඉදිරියට යන විට, භාණ්ඩාගාරයේ තිබෙන අරමුදල් ඉදිරි වසරවලදී ප්‍රමාණවත් නොවන බව මට ඔබට කියන්න පුළුවන්. විශාල රාජ්‍ය අංශයක් පවත්වාගෙන යාමට අපට හැකියාවක් නෑ. ඒ නිසා අපි රාජ්‍ය සේවාවන් තාර්කික කර, සේවකයින් ගණන අඩුකර ඩිජිටල්කරණය කරා ගමන් කළ යුතුයි,
අපට අවශ්‍ය වන්නේ මිලියන 1.3ක් වන සේවකයන් අවම වශයෙන් 750,000 දක්වා අඩු කර කාර්යක්‍ෂමතාවය සඳහා ඉතිරි කාර්ය මණ්ඩලයේ තරඟකාරී වැටුප් ගෙවීමටයි. අපි මෙම සේවාවන් ඩිජිටල්කරණය කිරීම ආරම්භ කළ යුතු අතර බදු ගෙවන්නන්ගේ අරමුදල් ඵලදායි ලෙස භාවිතා කිරීමට වග බලා ගතයුතුයි.
රාජ්‍ය සේවකයන්ට අකාර්යක්ෂම සේවාවන් හඳුනා ගැනීමටත්, ඒවා වළක්වා ගැනීමට සහ කාර්යක්ෂම කිරීමටත් හැකි ආකාරය බැලිය යුතුයි. අපි කියන්නේ නැහැ පුද්ගලීකරණය කරන්න කියලා. අපි කියන්නේ වැඩි ලාභයක් උපයා ගැනීමටත් වඩා හොඳ කාර්යක්‍ෂම සේවාවක් සමඟින් මහජනතාවට සේවය කරන්න කියලයි.”
මූලාශ්‍ර පහළින්...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
