මාලිමාව දුන් මැතිවරණ පොරොන්දු අයවැයෙන් ඉටුකරන්න අසීරු තත්ත්වයක් - ආර්ථික විශේෂයෝ පෙන්වා දෙති
ජාතික ජන බලවේගය පහුගිය මැතිවරණවලදී ලබාදුන් මැතිවරණ පොරොන්දු ඉදිරි අයවැයෙන් ඉටු කිරීම ඉතාම අභියෝගාත්මක තත්ත්වයකට පත්ව ඇති බව කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ කථිකාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පෙන්වා දෙයි.
සම්මුඛ සාකච්ඡාවකට එකමින් හෙතෙම මෙම අදහස් පල කර තිබේ.
"උපයන විට ගෙවන බද්ද අඩු කරනවා කියලා ජාතික ජන බලවේගය නිශ්චිතව සඳහන් කරලා තිබුණා. ඒ වගේම අධ්‍යාපනය, සෞඛ්‍ය, ආහාර ආදී ඇතැම් භාණ්ඩ හා සේවා වැට් බද්දෙන් නිදහස් කරනවා කියලත් කියලා තිබුණා. නමුත් මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශවලට අනුව නම් මෙලෙස බදු අඩු කරන්න තියෙන ඉඩකඩ ඉතාමත් සීමිතයි. මේ කිසිම දෙයක් කරන්න එපා කියලා මූල්‍ය අරමුදල කියන්නේ නැහැ. නමුත් මේ කරන දේවල් හරහා අදාළ ආදායම් ඉලක්ක සපුරා ගැනීමට හැකියාව තිබිය යුතුයි කියන මූලික තර්කය ඔවුන් ගෙන එනවා. අවසානයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බලාපොරොත්තු වන ආදායම් ඉලක්ක සැපිරෙනවා නම් මොන බදු අඩු කළත්, මොන බදු වැඩි කළත් ප්‍රශ්නයක් නැහැ.
අධ්‍යාපනය, සෞඛ්‍ය සහ අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවලට අදාළව වැට් බද්ද නිදහස් කරන්න පුළුවන්ද?
ඔබ ඔය අහන ප්‍රශ්නයට අදාළව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කියවීම මොකක්ද කියලා අපි බලමු. ඇත්තටම මේ වෙද්දි රටේ ආදායම වැඩි කරගන්න හැකියාව ලැබිලා තියෙන්නේ බදුවලට අදාළ නිදහස් කිරීම්, එහෙමත් නැත්නම් බදු සහන සීමා කළ නිසයි. උදාහරණයක් හැටියට ඇතැම් ක්ෂේත්‍රයන්වලට වැට් බද්ද 0 සිට 18% දක්වා අය කරන්න පටන් ගත්තා. එහි ප්‍රතිඵලයක් හැටියට බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් හැටියට 1.2% පමණ වැඩි කරගන්න හැකියාව ලැබිලා තියෙනවා. අනෙක් පැත්තෙන් ලබා දී තිබුණු බදු සහන බොහොමයක් ඉවත් කිරීමේ ප්‍රතිඵලයක් හැටියට සමස්ත බදු ආදායම 5% පමණ ඉහළ ගියා. එවැනි තත්ත්වයක් තුළ නැවැතත් බදු සහන ලබාදෙන්න ගියොත් සැලකිය යුතු බදු ආදායමක් රජයට අහිමි වෙනවා. රජයේ මුළු ආදායමෙන් තුනෙන් එකක් පමණ ලැබෙන්නේ වැට් බද්දෙන්. එවැනි තත්ත්වයක් තුළ වැට් බද්ද නිදහස් කළොත් රජයේ බදු ආදායම පහළ වැටෙනවා වගේම අනෙක් පැත්තෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේක්ෂිත ප්‍රතිඵල ලැබෙන්නෙත් නැහැ. ඒ නිසා වැට් බද්දට අදාළ සහන දෙන්න ගියොත් සැලකිය යුතු ආදායමක් අනිවාර්යයෙන්ම රජයට අහිමිවෙන්න පුළුවන්. උපයන විට බද්දට අදාළ කාරණාත් බොහෝ සෙයින් මේ තත්ත්වයට සමානයි. ඇත්තටම අපි ඉන්නේ බදු ආදායම වැඩි කරගතත යුතු තත්ත්වයක මිස බදු ආදායම අඩු කළ හැකි තත්ත්වයක නෙමෙයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේක්ෂිත ඉලක්කයන් කරා යා හැකි වෙන්නේ බදු ආදායම වැඩි කරගත්තොත් පමණයි. 2027 අවසන් වන විට රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් හැටියට 15.3% දක්වා වර්ධනය කර ගත යුතුව තියෙනවා. අපි තවමත් ඉන්නේ 12% පමණ මට්ටමේ. 2027 වර්ෂය වන විට තවත් 3.3% වැනි ප්‍රමාණයක් සම්පූර්ණ කරගත යුතුව තියෙනවා.
ඔබ ඔය කියන විදියට 2027 වන විට රජයේ ආදායම සියයට තුනකට ඉහළ දමාගන්න හැකියාව තියෙනවද?
ඒක එක්තරා ආකාරයක අභියෝගයක්. සරලවම කියනව නම් මේ වෙද්දි අපි සූරන්න පුළුවන් හැම එකකින්ම උපරිමයටම සූරලා අරගෙන තියෙන්නේ. ඉදිරියටත් සූරලා ගන්නවා කියන එක ලොකු අභියෝගයක්. ඒ වුණත් දැනට එකතුවන ප්‍රමාණයට අමතරව දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් හැටියට 1.5 % බදු ආදායම ඉහළ නංවා ගැනීම අත්‍යවශ්‍යයි. තියෙන බදු අඩු කරලා සහ දේපළ බද්ද වැනි බදු හඳුන්වා නොදී ඒ ඉලක්ක සපුරා ගන්නේ කොහොමද කියන ප්‍රශ්නය අපිටත් තියෙනවා. ඇත්තටම දේපළ බද්ද වැනි බදු අය නොකිරීමේ ප්‍රතිවිපාක අපිට 2025 වසරේ වගේම ඊළඟ වර්ෂවලත් විඳින්න වෙනවා.
ඔය කියන කාරණා අනුව රජයට රාජ්‍ය වියදම් වැඩි කරගැනීමට හෝ අමතර වියදම් කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නෑ නේද? එහෙම වුණොත් රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීම ආදී පොරොන්දුවලට මොකද වෙන්නේ?
ඇත්තටම රජයට අමතර වියදම් අසීමිතව වැඩි කරගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. තවත් විදිහකට කියනවා නම් නව රජයට රාජ්‍ය වියදම් වැඩි කර ගැනීමට ඉතාමත් සීමිත හැකියාවක් පමණයි තියෙන්නේ. ඒත් රාජ්‍ය සේවක වැටුප් වැඩි කරනවා, ජනතාවට විවිධාකාරයේ සහන ලබාදෙනවා කියලා ජාතික ජන බලවේගය මැතිවරණවලට පෙර කිව්වා. ප්‍රාථමික ගිණුමේ ශේෂයක් ඇති කරගන්නවා කියලා කියන්නේ මේ වගේ සහන ලබාදීමට තියෙන ඉඩකඩ ඉතාමත් සීමිත වෙනවා. ඒ නිසා 2025 අයවැය නව රජයට ඉතාමත් අභියෝගාත්මකයි කියලා කිව්වත් වරදක් නැහැ. ඔවුන්ට ආදායම් වැඩි, වියදම් අඩු අයවැයක් තමයි හදන්න වෙලා තියෙන්නේ."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්
ට්‍රම්ප්ගේ සාම සැලැසුම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි..
ආසියානු අපරාධ කල්ලිවල නව පාරාදීසය ශ්‍රී ලංකාව ද?..
ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...