මාර්ග රථවාහන වරදක් සම්බන්ධයෙන් වාහනයක් නතර කිරීමට අවශ්‍ය වූ විට පොලිස් නිලධාරීන් වෙනත් මාර්ග පරිශීලකයන්ට පැහැදිලිව පෙනෙන ස්ථානයක සිට විනිවිදභාවයෙන් සහ වෘත්තීය මට්ටමින් එම මෙහෙයුම සිදු කළ යුතු බවත්, හුදෙකලා ස්ථානවල හෝ පඳුරු අස්සේ සැඟවී සිටිමින් රියැදුරන් නතර කිරීමට උත්සාහ නොකළ යුතු බවත් රථවාහන සහ මාර්ග ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්.පී.ජේ. සේනාධීර මහතා අවධාරණය කරයි.
ශ්‍රී ලංකාවේ ඉහළ අධිකරණවල (ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය) විනිසුරුවන්ගේ විශ්‍රාමික වයස් සීමාව දීර්ඝ කිරීම පිළිබඳව මේ දිනවල ප්‍රසිද්ධ සංවාදයක් නිර්මාණය වී ඇති පසුබිමක විශ්‍රාමික වයස දීර්ඝ කිරීම වැනි සංශෝධනයක් ක්‍රියාත්මක කිරීමේදී මතු වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය සහ නීතිමය ගැටලු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීති අධ්‍යයන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නීතිඥ රාජා ගුණරත්න මහතා විසින් විශේෂ නීතිමය විශ්ලේෂණයක් සිදු කර තිබේ.
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට යැයි පවසමින් ආණ්ඩුව ගෙන ඒමට සූදානම් වන 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මෙරට පීඩිත ජනතාව වෙනුවෙන් නොව, ආණ්ඩුවේ සහ ජනාධිපතිවරයාගේ දේශපාලන ආයු කාලය දීර්ඝ කර ගැනීමේ තුච්ඡ අරමුණින් ගෙන එන්නක් බව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා අවධාරණය කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (16) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.