ඥානසාර හිමිගේ සිවුර ඉවත් කිරීම බුද්ධාගමට මෙන්ම ආගමික නිදහසට එල්ල කළ බරපතළ අභියෝගයක්.. - එජාපයෙන් නිවේදනයක්
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කර සිරකරු ඇඳුම් ඇන්දවීම බුද්ධාගමට මෙන්ම ආගමික නිදහසට එල්ල කළ බරපතළ අභියෝගයක් බවත්, එමඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි සහ 10 වැනි වගන්ති උල්ලංඝනය කර ඇති බවත් එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය ප්‍රකාශයට පත් කරමින් නිවේදනයක් නිකුත් කර ඇති ඒ මහතා, විනය පිටකයට අනුව භික්ෂුවකගේ සිවුර ඉවත් කිරීමේ බලය ඇත්තේ අදාළ නිකායට පමණක් බව අවධාරණය කරයි.
මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා කිසිවිටෙකත් ඥානසාර හිමියන් සිරගත කිරීමට හෝ සිවුරු ඉවත් කිරීමට අපේක්ෂා නොකළ බවත්, උන්වහන්සේට සමාව ලබාදෙන ලෙස ඉල්ලා ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබූ බවත් ඔහු පෙන්වා දෙයි.
අධිකරණ තීන්දුව ප්‍රකාරව ඥානසාර හිමියන්ව බන්ධනාගාරගත කළ අවස්ථාවේදී, උන්වහන්සේගේ සිවුර ඉවත් කිරීමට පෙර අධිකරණ අමාත්‍යාංශය විසින් මහානායක හිමිවරුන්ගේ අදහස් විමසීමට කටයුතු කළ යුතුව තිබූ බවත්, තීරණයක් ගත යුතුව තිබුණේ ඉන් අනතුරුව බවත් වජිර අබේවර්ධන මහතා සඳහන් කරයි.
මෙම නඩුව ගොනු වූයේ යහපාලන ආණ්ඩු සමයේ බව සිහිපත් කළ හෙතෙම, එම අවස්ථාවේදී ද මහානායක හිමිවරුන්ගේ ඉල්ලීම මත එවකට ජනාධිපතිවරයා විසින් උන්වහන්සේට සමාව ලබාදුන් බවත්, මහානායක හිමිවරුන්ගේ ඉල්ලීම මත මීට පෙර නිදහස ලැබූ හිමිනමකට අද වෙනස් අයුරකින් සැලකීම කෙසේ සිදුවූවක් දැයි ප්‍රශ්න කරන බවත් කියා සිටියේය.
මෙය සාමාන්‍ය නඩු කටයුත්තක් ලෙස පමණක් සලකා ක්‍රියා කළ නොහැකි බව පෙන්වා දෙන එජාප සභාපතිවරයා, රටේ මහානායක හිමිවරුන් විසින් කළ ඉල්ලීමක් බැවින් ආණ්ඩුවට මෙම ගැටලුව පාර්ලිමේන්තුව සමඟ සාකච්ඡා කර හෝ වෙනත් යෝග්‍ය ක්‍රමවේදයකින් විසඳීමට අවස්ථාව තිබූ බව ද අවධාරණය කරයි.
මේ අතර, මෙම සිදුවීමට අදාළ නීතිමය පසුබිම ඇතුළත් සවිස්තරාත්මක ප්‍රකාශයක්, අටවැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනට පැමිණි පසු සිදුකිරීමට නියමිත බව ද එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?
''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්
සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි