News Category
From Date
To Date
Maximum Number of Result

වෙළඳපොළ ආර්ථිකයක් මත පදනම් වූ ඉහළ තරගකාරී, අපනයනය ඉලක්ක කරගත් ආර්ථිකයක් බිහිකිරීම රජයේ අරමුණ බවත් එහිදී මෙරට ව්‍යාපාරික ප්‍රජාව කෙරෙහි තමා පූර්ණ විශ්වාසය තබා ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

ඇමරිකානු විශ්වවිද්‍යාලයක සිසුන් පිරිසක් රැගත් පර්යේෂණ නෞකාවකට ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළු වීමට අවසර නොදීමට මෙරට රජය තීරණය කර ඇති බව වාර්තා වේ.

ආණ්ඩුව විසින් ඉන්දියාවේ මීලඟ ප්‍රාන්තය බවට ශ්‍රී ලංකාව පත්කිරීමේ සැලසුමක නිරතවී සිටින බවත්, ස්වෛරී රාජ්‍යක් ලෙස පැවති සිකීම් රාජ්‍ය ඉන්දියාවේ 17 වැනි ප්‍රාන්තය බවට පත්කර ගන්නා ලද්දේ ද මෙබඳුම ආකාරයකට බවත් ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

"77න් ඇරඹි පරාධීන ආර්ථික මාවතෙන් ගැලවීමට එක්වව් එක්සත් මැයි දින රැලිය මැයි 01 සවස 2:00ට කිරුළපන ක්‍රීඩාංගණයේදී...

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර හමුවක් සිදුවී තිබේ.

එළඹෙන මැයි මාසයේ පාර්ලිමේන්තුව විසුරුවා හැරියොත් මාස දෙක කාලයක් තුළ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය හැකි බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.

රාජ්‍ය ආරක්‍ෂක කටයුතු පිලිබඳ සාකච්ජා කිරීම සඳහා වන 12 වැනි ජාත්‍යන්තර හමුව ලොව පුරා රටවල් නියෝජනය කරන උසස් නිලධාරීන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් 2024 අප්‍රේල් 22 සිට 25 දක්වා රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග්හිදී පැවැත්වින.

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා විසින් කාදිනල්තුමා විසින් ඔහුට එල්ල කරන්නට යෙදුණු චෝදනාවලට පිළිතුරු බඳිමින් යවන ලද ලිපිය පිළිබඳව ‘ලංකා ලීඩර්‘ ජාතික සංවිධානවල මතය විමසන ලදී මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්.

ETCA ඇතුලු රටට අහිතකර ගිවිසුම් සහ රටට හතුරු බලමුලු පරදවා බත බුලතින් සරුසාර රටක් උදෙසා මහා සංඝරත්නය , ගොවිජනතාව , විද්වතුන් ඇතුලු අයවලුන්ගේ සහභාගිත්වයෙන් අප්‍රේල් 28 වෙනි ඉරිදා දින පෙ.ව. 5 .00 සිට පෙ: ව: 7.30 දක්වා


ප්‍රධාන පුවත්

සුරේෂ් සලේගේ ආරක්ෂාව වෙනුවෙන් දියත් කර ඇති සත්‍යග්‍රහයට උපරිමයෙන් දායක වන්න.. - ජාතික සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්

හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා පෞද්ගලිකව ඉලක්ක කර ගනිමින් ව්‍යාජ චෝදනා එල්ල කිරීම පිටුපස ආරක්ෂක හමුදා බිය වද්දා බෙදුම්වාදී අරමුණු ඉටුකර ගැනීමට අධිරාජ්‍යවාදී බලවේග දියත් කරන කුමන්ත්‍රණකාරී මෙහෙයුමක් පවතින බව ජාතික සංවිධාන එකමුතුව පවසයි.

ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ සඳහා රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටින හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්වෙන සත්‍යග්‍රහයට අද (08) ඔහුගේ මව සහභාගී විය.

ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"

පසුගියදා පිලිපීනයේ චීන තානාපති කාර්යාලය නැවත වරක් අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් සඳහන් කළේ, පිලිපීන හමුදා සහ නීතිය බලාත්මක කිරීමේ ආයතන විසින් පිලිපීනයේ වෙසෙන චීන පුරවැසියන් සහ ව්‍යවසායන් ඉලක්ක කරගනිමින් සිදු කරන පරීක්ෂා කිරීම්, හිරිහැර කිරීම් සහ තෝරා බේරා නීතිය බලාත්මක කිරීම් වැඩි වැඩියෙන් සිදුවන බවයි.

සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය කළ සත්‍යග්‍රහය අද (08) කොළඹ කොටුව දුම්රිය පොළ පරිශ්‍රයේදී ආරම්භ විය.

සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර වෙත ලිපියක් යොමු කර තිබේ.

මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් ජානිපෙ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සිය මුහුණු පොතේ තබා ඇති සටහනක් පහළින්..

සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..

තමන්ගේ මරණය ආසන්න බව හැඟෙන බැවින් දෑස් දන්දීමට හා සිය අවසන් කැමැති පත්‍රය සැකසීමට අවශ්‍ය ලිපිලේඛන රැගෙන කඩිනමින් එන්නැයි සුරේෂ් සලේ මහතා දැනුම්දුන් බව ඔහුගේ නීතිඥයින් ඊයේ (07) අනාවරණ කර තිබිණි.

වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්

ශ්‍රී ලංකාවේ යුරෝපීය සංගමයේ නියෝජිත කණ්ඩායම විසින් "X" (ට්විටර්) සමාජ මාධ්‍ය තුළ රුසියානු සමූහාණ්ඩුවට එරෙහි කරන ලද නොමඟ යවන තොරතුරු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

යාපනයේ ජාතිව‍ාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්

යාපනය විශ්ව විද්‍යාලයේ වෙසක් උත්සවය සැමරීම වෙනුවෙන් නිර්මාණය කළ වෙසක් කූඩුවක් විනාශ කිරීම සම්බන්ධයෙන් තමන් මුලින්ම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අදාළ සිදුවීම වාර්තා කළ බවත්, මෙම සිදුවීම පාදක කරගනිමින් තමන් ජාතිවාදය අවුස්සන බවට කිහිපදෙනෙකු විසින් ප්‍රකාශ කර ඇති බවත්, එම ප්‍රකාශ හෙළාදකින බවත් යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ අරුන් සිද්ධාර්ත් මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.