අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ පත්වීමේ නීත්‍යානුකූලභාවය පිළිබඳව ප්‍රශ්නයක්
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් පත් කරන ලද මහාධිකරණ විනිසුරු රංග දිසානායකගේ පත්වීම 2023 අංක 09 දරණ දූෂණ විරෝධී පනතට අනුකූලව එම පත්කිරීම නීති විරෝධී බව නීතිවේදීහූ පෙන්වා දෙති.
මේ පිළිබඳව කරුණු පැහැදිලි කළ මානව හිමිකම් ක්‍රියාකාරීකයෙක් සහ නීතිඥවරයෙක් වන නීතිඥ නාමල් රාජපක්ෂ කියා සිටින්නේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පත් කිරීම පිළිබඳව 2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනතේ පැහැදිලිව සඳහන් කර තිබෙන බවයි.
“මේ පනතේ 17 වන වගන්තිය තුළින් අධ්‍යක්ෂ ජනරල්වරයාට තිබිය යුතු සුදුසුකම් පිළිබඳව පැහැදිලිව සඳහන් කර තිබෙනවා. ඊට අමතරව අදාළ පනතේ 19 (ඇ) වගන්තියේ සඳහන් කර තිබෙනවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් පත් කරනු ලබන පුද්ගලයා අපරාධ නඩු මෙහෙයවීම පිළිබඳව අවම වශයෙන් වසර 15 ක පළපුරුද්දක් හා මනා දැනුමක් සහිත නීතිඥවරයෙකු විය යුතු බව. නව දූෂණ විරෝධී පනතට මෙම වගන්තිය ඇතුළත් කෙරුණේ ඉතා වැදගත් කාරණාවක් නිසා. මොකද පසුගිය කාලයේ අල්ලස් නඩු මෙහෙයවීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම දැඩි පසුබෑමකට ලක්වුණා. අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා කියන්නේ ඇතැම් අවස්ථාවල නඩු මෙහෙයවීම සඳහා අධිකරණය ඉදිරියේ පෙනී සිටිය යුතු පුද්ගලයෙක්. ඒ නිසා නව දූෂණ විරෝධී පනත සකස් කිරීමේ දී එම කාර්යයේ නියැළුණු විද්වත් කමිටුව විසින් තීරණය කර තිබුණා එම කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් පත්වීම් ලබන පුද්ගලයා අපරාධ නඩු මෙහෙයවීම පිළිබඳව පළපුරුද්දක් සහිත අයෙකු විය යුතු බව. ඒ නිසා තමයි නව පනතට වගන්තියක් ඇතුළත් කරමින් සඳහන් කරන්නට යෙදුණේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් තෝරා පත් කර ගන්නා පුද්ගලයා අපරාධ නඩු මෙහෙවීම පිළිබඳව අවම වශයෙන් වසර 15 ක පමණ පල පුරුද්දක් හා මනා දැනුමක් සහිත නීතිඥවරයෙකු විය යුතු බවට. නමුත් අපි දන්නවා දැනට අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් පත් කර තිබෙන රංග දිසානායක මහතා මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කළ තැනැත්තෙක්. ඔහු දක්ෂ අවංක මහාධිකරණ විනිසුරුවරයෙක් බවට විවාදයක් නැහැ. එහෙත් වසර 15 ක් අපරාධ නඩු මෙහෙයවීම පිළිබඳව එතුමාට පළපුරුද්දක් නැහැ.” යනුවෙන් සඳහන් කළ නීතිඥවරයා ඒ අනුව අදාළ පත්වීම නීත්‍යානුකූල නොවන බව සඳහන් කර සිටියේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..