
''නීතියට අත තියන්නේ නැතුව රට හදන්න බැහැ" ඇමති ලාල්කාන්ත වැරදි මානසික බාධකයක් පනවාගෙන - ජාතික සංවිධාන කියයි
''ලාල්කාන්ත මහතා සද්භාවයෙන් වෙන්නත් පුළුවන් එහෙම කියන්නේ. තිබෙන නීති නමන්න බලපෑම් කරන්නේ නැහැ කියලා වෙන්නත් පුළුවන් එතුමා කියන්නේ. එහෙත් තිබෙන යම් නීති සංශෝධනය නොකර යම් නීති අලුතෙන් පනවන්නෙ නැතුව රට හදන්න බැහැ කියලා ඔවුන් තේරුම් ගනියි."
වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා එසේ සඳහන් කළේ ලාල් කාන්ත අමාත්‍යවරයාගේ ප්‍රකාශයක් පිළිබඳව ජාතික සංවිධාන වල මතය විමසීමේදීය
තවදුරටත් අදහස් දැක්වූ ඔහු සඳහන් කළේ
''පවතින 2017 විදේශ විනිමය පනත සහ 2023 මහබැංකු පනතට යටත් වෙලා අර්බුදය අඩියක්වත් පියමං කරන්න බැහැ. ඒ නීති වලට අත තියන්න ඕන. ඒවා අහෝසි කරලා නව නීතියක් ගේන්න ඔ්න ඒකට තමයි පරමාධිපත්‍යයේ බලය තුනෙන් දෙකක් ලෙස ඉහළින්ම දුන්නේ" යනුවෙන්ද ඔහු සඳහන් කළේය
ඊට අමතරව නිලධාරීන්ට සහ දේශපාලන නායකයින්ට පොදු ආචාර ධර්ම පද්ධතියක් නීතිගත කරලා බිඳ වැටීම් විභාග කිරීම සඳහා ත්‍රී පුද්ගල විනිශ්චය සභාවක් පත්කරන නව නීතිමය රාමුවක් හඳුන්වා දෙන්නේ නැතුව ලාල්කාන්ත මහතා කියන නිලධාරීන්ගේ කඹ ඇදිලි වලට මුහුණ දෙන්න බැහැ. එසේම දේශපාලඥයන්ගේ සහ නිලධාරීන්ගේ බැරිකම් සහ අත්තනෝමතික හැසිරීම් පාලනය කරන්න නව නීතියක් නැතුව රට හදන්න බැහැ" යයි ඔහු වැඩිදුරටත් පැවසීය.
ලාල්කාන්ත මහතාගේ ප්‍රකාශය සහිත මොනරා පුවත්පත් වාර්තාව පහතින්
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
