News Category
From Date
To Date
Maximum Number of Result

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ(06) පැවසුවේ එක්සත් ජනපදය මීට පෙර ඉරාන පාලන විරෝධී විරෝධතාකරුවන්ට සන්නද්ධ කිරීමට උත්සාහ කර ඇති නමුත් ලබා දුන් ආයුධ වෙනතකට හරවා යවා ඇති අතර කිසි විටෙකත් නිවැරදි පුද්ගලයින් අතට අයුධ ළඟා නොවුනු බවයි.

ලක්විජය බලාගාරය සඳහා ලංකා ගල්අඟුරු සමාගම විසින් ගල්අඟුරු මිලදී ගැනීමේ ක්‍රියාවලිය සහ 2025/2026 වාරය සඳහා ගල්අඟුරු ප්‍රසම්පාදනය පිළිබඳ විශේෂ විගණන වාර්තාව එළිදක්වා තිබේ.

ලෝක වෙළෙඳපොළ සිදුවූ ගෑස් මිලේ ඉහළ යාම සැලකිල්ලට ගෙන මෙරට ගෑස් මිලද ඉහළ දැමීමට සිදුවූ බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

ඊශ්‍රායලය ඉරානයට එරෙහිව කරමින් සිටින සාපරාධී ආක්‍රමණයෙන් සති පහකට පසු, ටෙල් අවිව් පරිපාලනය ඩොලර් බිලියන 15 ක ණයක් රැස් කරගෙන ඇති බව ඊයේ(06) ඊශ්‍රායල ප්‍රාදේශීය මාධ්‍ය ආයතනයක් වාර්තා කරමින් අවධාරණය කළේ මෙම තත්ත්වය සියොන්වාදී රාජ්‍යයේ අයවැය මත ඇති කරන පීඩනය පිළිබඳව අනතුරු අඟවමිනි.

නවතම ජන හා නිවාස සංගණනය අනුව ශ්‍රී ලංකාවේ ජනගහනය ගෙවුණු වසර 12 තුළ ලක්ෂ 14කින් වැඩි වී තිබේ.

කහ ගෑස් පාරිභෝගිකයන්ට නිල් ගෑස් සිලින්ඩර ලබා ගැනීම සඳහා නිල් ගෑස් සිලින්ඩර් වෙළඳපොළට නිකුත් කරන බවත්, කහ ගෑස් සමාගමේ වගකීම පාරිභෝගිකයාට ගෑස් සැපයීම වුවත් එසේ නොදෙන්නේ නම් ඔවුන් පාරිභෝගිකයන්ට වැරැද්දක් කරන බවත් එසේ නොකරන්නේ නම් නීතිය අනුව කටයුතු කරන බවත් ඇමති වසන්ත සමරසිංහ මහතා පවසයි.

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ හිටපු සභාපතිවරකෙු වූ සරත් කෝන්ගහගේ සහ හිටපු අධ්‍යඛක්ෂ ජනරාල් දේවප්‍රිය අබේසිංහ අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉරානයට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් සිදු කරන ලද "නීති විරෝධී සහ ප්‍රකෝපකිරීමකින් තොරව කළ ආක්‍රමණයක්" මෙන්ම එහි ප්‍රතිඵලයක් ලෙස ඇති වූ ජාත්‍යන්තර අර්බුදය තවදුරටත් උත්සන්න වෙමින් සහ තීව්‍ර වෙමින් පැවතීම රුසියානු විදේශ අමාත්‍යාංශය හෙලා දක ඇතැයි වාර්තාවේ.

වත්මන් දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රබලයින්ගේ වත්කම් හා සිදුවී ඇතැයි පැවසෙන අක්‍රමිකතා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ජන හමුවකදී අදහස් පල කලේය.


ප්‍රධාන පුවත්

යාපනයේ ජාතිව‍ාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්

යාපනය විශ්ව විද්‍යාලයේ වෙසක් උත්සවය සැමරීම වෙනුවෙන් නිර්මාණය කළ වෙසක් කූඩුවක් විනාශ කිරීම සම්බන්ධයෙන් තමන් මුලින්ම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අදාළ සිදුවීම වාර්තා කළ බවත්, මෙම සිදුවීම පාදක කරගනිමින් තමන් ජාතිවාදය අවුස්සන බවට කිහිපදෙනෙකු විසින් ප්‍රකාශ කර ඇති බවත්, එම ප්‍රකාශ හෙළාදකින බවත් යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ අරුන් සිද්ධාර්ත් මහතා පවසයි.

ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

බෙදුම්වාදීන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ආණ්ඩුවත් විපක්ෂයත් බරපතළ ලෙස මානසික බාධක පනවාගෙන සිටින බවත්, එල්.ටී.ටී.ඊ කොටි ත්‍රස්තයන් සැමරීම ඔවුන් විසින් කිසිඳු බාධාවකින් තොරව පාර්ලිමේන්තුව තුළ දී පවා සිදුකරමින් සිටින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!

දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ගේ (අවි දැරූ/නොදැරූ) සහ ඉන්දියාවේ වුවමනාවට 80 දශකයේදී ලංකාවේ ස්ථාපිත කළ පළාත් සභා ක්‍රමය පිළිබඳව නැවතත් විමසා බැලිය යුතුය.

මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..

වැරදි විදිහට කටයුතු කරන මූල්‍ය ආයතන රට තුළ තිබේ නම් මහ බැංකුව ඊට නීතිමය පියවර ගතයුතු බවත්, එසේ නොමැතිව දැන්වීම් ප්‍රචාරය කිරීමෙන් පමණක් ඒවාට එරෙහිව කටයුතු කළ නොහැකි බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය

රටවල් කිහිපයක් ඉලක්ක කරගනිමින් ශ්‍රම සාධක මත පදනම් වූ නව තීරුබදු ක්‍රමවේදයක් හඳුන්වා දීමට ඇමරිකා එක්සත් ජනපදය පියවර ගෙන ඇත. මෙරටින් යවන අපනයන භාණ්ඩ සඳහා ද සියයට 12.5 ක බද්දක් මෙයට ඇතුළත් වන අතර, මෙම තීරණය සම්බන්ධයෙන් ලංකා වාණිජ මණ්ඩලය සිය කනස්සල්ල පළ කර සිටියි.

මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට

සිදත්ත තිලකසිරි හෙවත් "සුදා" නමැති කුප්‍රකට අන්වර්ථ නාමයෙන් හඳුන්වන යූටියුබ් කරුවකුට එරෙහිව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් ලිඛිතව පොලිස්පතිට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?

ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු ආචාර්ය විනෝද් සුරනා සහ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අතර හමුවක් සිදුව ඇති බව වාර්තා වේ.

චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය (UNODC) ද පෙන්වා දෙන ආකාරයට මාර්ගගත වංචා මධ්‍යස්ථාන අග්නිදිග ආසියාවේ සිට අනෙකුත් කලාප වෙත ව්‍යාප්ත වෙමින් පවතින බවයි. එලෙසම අපරාධ ජාල මිනිස් ජාවාරම් සමඟ වඩාත් සංකීර්ණ ලෙස සම්බන්ධ වෙමින් ඇති බවද එම නිවේදනය පවසයි.එලෙසම චීන ජාතිකයන් මෙම අපරාධවල ප්‍රධාන ගොදුරු කණ්ඩායම් අතර සිටින බවද තහවුරු වී තිබෙන බවද එම නිවේදනය මගින් පවසයි.

සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..

දකුණේ සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගනිමින් වර්ග සංහාරයක් සිදුකර ඇති බවත්, එය ආරම්භ වූයේ උතුරට එරෙහිව නොව දකුණට එරෙහිව බවත් ජීවනිත පීරිස් පියතුමා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.