නාගොඩ ද්විත්ව ඝාතනයේ වෙඩික්කරු ඇතුළු 3 ක් මඩකළපුවේදී අල්ලයි.. – වෙඩික්කරු හිටපු කොටියෙක්දැයි සැකයක්..
කළුතර නාගොඩ පිහිටි හෝටලයකට කඩාවැදී එහි හිමිකරු වූ ඩ්‍රැගන් සම්පත් සහ ඔහුගේ බිරිඳට වෙඩි තබා ඝාතනය කර පලාගිය කුලී ඝාතකයා ඇතුළු තිදෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් මඩකළපුව නාවල්අඩි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් කුලී ඝාතකයා කොටි සංවිධානයට සම්බන්ධවී සිටි අයකු බවට සැකයක් මතුවී තිබේ.
සැකකරු යුද්ධය පැවති සමයේ එල්ටීටීඊ පාලන ප්‍රදේශයේ ජීවත්වූ අයකු නිසාත් ඔහුට මනාව ටී 56 ආයුධ හැසිරවීමේ හැකියාව තිබූ නිසාත් ඔහු කොටි සංවිධානයේ සිටි සාමාජිකයකු බවට සැකයක් මතුවී ඇත. එහෙත් මෙම කුලී ඝාතකයා එල්ටීටීඊ හිටපු සාමාජිකයකු බවට තහවුරු කිරීමට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ වනතුරුත් කටයුතු කර නොතිබිණි. සැකකරු එල්ටීටීඊ සංවිධානයේ පුනරුත්ථාපන ලැයිස්තුවේ ද නොසිටින බව පොලිසිය පවසයි.
කෙසේ වෙතත් මෙම සැකකරු සම්බන්ධයෙන් පුළුල් විමර්ශන පොලිසිය විසින් ආරම්භ කර තිබේ. මොහුගෙන් ප්‍රශ්න කිරීමේදී තමන් කොටි සාමාජිකයකු ලෙස කටයුතු කළ බවට හෙළි කර නොමැති බවද පොලිසිය පවසයි.
ඉකුත් 09 වැනිදා උදෑසන කළුතර නාගොඩදී එල්ල වූ ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලබා නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හෝටල් හිමියාගේ බිරිඳ වූ ශිරෝමි සමරවීර ඊයේ (11දා) අලුයම මිය ගියාය. කුලී ඝාතකයා විසින් ටී 56 අවියෙන් උණ්ඩ 30 ක් මෙම ප්‍රහාරය සඳහා පාවිච්චි කර තිබිණි. ප්‍රහාරයෙන් හෝටල් හිමියා වූ තුෂාර සම්පත් එදිරිසිංහ හෙවත් ඩ්‍රැගන් සම්පත් සිද්ධිය වූ ස්ථානයේම මිය ගියේය.
මෙම ප්‍රහාරයට අදාළ සීසීටීවී දර්ශන දුරකථන විශ්ලේෂණ වාර්තා ඔස්සේ විමර්ශන ආරම්භ කළ පොලිසිය කුලී ඝාතකයන් හඳුනාගෙන තිබිණි. ඒ අනුව කළුතර කොට්ඨාස අපරාධ ඒකකය, විශේෂ කාර්ය බළකා බුද්ධි අංශ ඇතුළු පොලිස් කණ්ඩායම් කීපයක් සිදුකළ විමර්ශනයකදී කුලී ඝාතකයා කොටුකර ගැනීමට හැකි විය.
තිස්පස් හැවිරිදි වියේ පසුවන මෙම කුලී ඝාතකයා පාලවිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. විමර්ශනවලින් අනාවරණය වී ඇති අන්දමට මෙම ප්‍රහාරය එල්ල කිරීමට දින කීපයකට උඩදී මොහු කළුතර ප්‍රදේශයට පැමිණ ඇත. එසේ පැමිණ ස්ථාන 3 ක රැඳී සිටිමින් ප්‍රහාරය සඳහා නියෝග ලැබෙන තුරු සිට ඇති බවට තොරතුරු ලැබී තිබේ.
පසුගිය 09 වැනිදා උදෑසන 7.50 ට පමණ සිය ප්‍රහාරය එල්ල කළ කුලී ඝාතකයා ඔහු පැමිණි යතුරුපැදියෙන්ම පලාගොස් තිබිණි. මොහු එදින දහවල් පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ වෙත පැමිණ මඩකළපුව බලා ධාවනය වන බස් රථයකට ගොඩවී ඇත්තේ පාලවියේ පිහිටි සිය නිවස බලා යන අරමුණෙන් යුතුවය.
එහෙත් ඒ වනවිට මෙම කුලී ඝාතකයා විමර්ශන නිලධාරීන් විසින් හඳුනාගෙන සිටියේය. කුලී ඝාතකයා මඩකළපුව බලා ධාවනය වන බස් රථයක ගමන් කරන බව අනාවරණය කර ගත් විමර්ශන නිලධාරීන් ඔහු අත්අඩංගුවට ගැනීමට වාලච්චේන විශේෂ කාර්ය බළකා කඳවුරට දැනුම් දීමක් කර තිබිණි. ඒ අනුව කුලී ඝාතකයා ගමන් ගත් බස් රථය නාවල්අඩි හන්දිය ප්‍රදේශයේදී නතර කළ විශේෂ කාර්ය බළකාය ඔහු අත්අඩංගුවට ගන්නා ලදී.
සැකකරු සතුව තිබූ ගමන් බෑගය පරීක්ෂා කිරීමේදී එහි තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 40 ක්, ස්මාර්ට් ජංගම දුරකථනයක්, සිම් කාඩ්පත් 06 ක් සොයාගෙන තිබිණි. මෙම සැකකරු අධික ලෙස අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ අයකු බව විමර්ශනවලින් හෙළි වී තිබේ.
සැකකරු වාලච්චේන පොලිසියට ඉදිරිපත් කිරීමට පොලිස් විශේෂ කාර්ය බළකාය කටයුතු කළහ. පසුව ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කර දින 07 ක රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර විමර්ශන සඳහා කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය වෙත භාරදීමට වාලච්චේන පොලිසිය කටයුතු කර තිබිණ. මේ වනවිට කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ රැඳවාගෙන මොහුගෙන් ප්‍රශ්න කරගෙන යයි.
මේ අතර මෙම ද්විත්ව ඝාතනයට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනකු ද අත්අඩංගුවට ගැනීමට කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සමත් විය. එම සැකකරුවන් දෙදෙනා මෙම ප්‍රහාරය සඳහා ආධාර අනුබල දීම සහ ඔත්තු බැලීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූවන්ය.
විමර්ශන නිලධාරීන් පවසන අන්දමට ඩ්‍රැගන් සම්පත් සහ ඔහුගේ බිරිඳ ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වන්නේ බෝම්බුවල නවීන් නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු වෙතය. නවීන්ගේ නියෝග මත ඩුබායි හි සැඟවී සිටින දොඩංගොඩ ධනුක සහ නිපුණ නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනා මෙම ප්‍රහාරය මෙහෙයවා ඇති බවට පොලිසිය සැක පහළ කරයි.
ඝාතනයට ලක්වූ ඩ්‍රැගන් සම්පත් ද තමන්ගේ සමීප මිතුරකුව සිට ඇති බවත් මත්ද්‍රව්‍යවලින් උපයන මුදල් නීත්‍යනුකූල මුදල් බවට පරිවර්තනය කිරීමේ කාර්ය මොහු කර ඇති බවත් විමර්ශනවලින් හෙළිවී ඇත. එම මුදල් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් ඝාතනයට හේතු වන්නට ඇති බවට පොලිසිය සැක පහළ කරයි.
කෙසේ වෙතත් ඩ්‍රැගන් සම්බන්ධ එල්ල වන මෙම චෝදනා ඔහුගේ පවුලේ සාමාජිකයෝ සහ සමීප මිතුරෝ ප්‍රතික්ෂේප කරති. ඔහු කිසිම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමග සබඳතා පවත්වන්නේ නැති බවත් මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ නැති බවත් ඔවුහු කියා සිටිති.
- දිවයින
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි