News Category
From Date
To Date
Maximum Number of Result

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා වාර්තාව මගින් ලංකාවේ ගල් අඟුරු දහනයේදී තිබිය යුතු අළු ප්‍රතිශතය සියයට 11 වුවත් ආණ්ඩුව විසින් ගෙනෙන ලද ගල් අඟුරු දහනය කළ විට අළු ප්‍රතිශතය සියයට 21ක් බවත් හිටපු අමාත්‍ය ආචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

අමෙරිකා-ඉරාන සටන් විරාමයක් පවතින අතරතුර ඊශ්‍රායලය ලෙබනනයට ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන්, පාකිස්ථාන ආරක්ෂක අමාත්‍ය කවාජා අසීෆ් ඊශ්‍රායලය නපුරක් සහ මනුෂ්‍යත්වයට ශාපයක් ලෙස හඳුන්වමින් දැඩි විවේචනයක් එල්ල කර තිබේ.

ලෙබනනය වෙත එල්ල කරන හමුදා ප්‍රහාර සීමා කරන ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගෙන් ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බාල ගල්අඟුරු මෙරටට ගෙන්වීමේ සිද්ධිය මුල්කරගනිමින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහි විශ්වාසභංග යෝජනාව අද (10) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනේ.

ලෙබනනය සමග හැකි ඉක්මනින් සෘජු සාකච්ඡා අරඹන ලෙස ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු එරට කැබිනට් මණ්ඩලයට ඊයේ (9) නියෝගයක් ලබාදී ලබාදී ඇති බව වාර්තා වේ.

ගල් අඟුරු නැව් 5ක, මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක හදිසි ස්ථානීය ටෙන්ඩරයක් ලබා දී තිබෙන සමාගමද ලියාපදිංචි වීමට සුදුසුකම් සපුරා නොමැති බව විගණන වාර්තාවෙන් පෙන්වා දී ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ ප්‍රකාශ කරයි.

ලංකාවේ ඉතිහාසයේ බරපතලම හොරකම වන ගල් අගුරු සොරකම පිළිබඳව චෝදනාවට ලක්වෙච්ච වර්තමාන රජයේ බලශක්ති අමාත්‍යවරයාට එල්ල වී ඇති බරපතල වංචා චෝදනා සාධාරණීකරණය කිරීමට ඉතිහාසයේ පළමු වතාවට ජනාධිපතිවරයා මැදිහත් වීම සහ ඒ සදහා වෙහෙස මහනිසි වීම ශ්‍රී ලංකා ඉතිහාසයේ අතිශය නින්දිත “පූර්වාදර්ශයක්” බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළේය. ඔහු අවධාරණය කළේ මෙය බලශක්ති අමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා එක්ව සිදුකළ “ද්වී පුද්ගල” හෝ 'දෙමුහුන්' හොරකමක් බවයි.

ගල් අඟුරු වංචාවෙන් සිදුවන සමස්ත පාඩුව රුපියල් කෝටි 10000 කට වඩා අධික වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක ප්‍රකාශ කරයි.

2024 අප්‍රේල් 9 වන දින, “ඩේලි මිරර්” ප්‍රධාන සංස්කාරක ජමීලා හුසේන් තම පුද්ගලික “X” ගිණුම හරහා ඊශ්‍රායලය පිළිබඳ රුසියාවේ ස්ථාවරය සම්බන්ධයෙන් වූ අසත්‍ය තොරතුරු නැවත ප්‍රචාරය කර ඇති බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය පවසයි.


ප්‍රධාන පුවත්

යාපනයේ ජාතිව‍ාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්

යාපනය විශ්ව විද්‍යාලයේ වෙසක් උත්සවය සැමරීම වෙනුවෙන් නිර්මාණය කළ වෙසක් කූඩුවක් විනාශ කිරීම සම්බන්ධයෙන් තමන් මුලින්ම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අදාළ සිදුවීම වාර්තා කළ බවත්, මෙම සිදුවීම පාදක කරගනිමින් තමන් ජාතිවාදය අවුස්සන බවට කිහිපදෙනෙකු විසින් ප්‍රකාශ කර ඇති බවත්, එම ප්‍රකාශ හෙළාදකින බවත් යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ අරුන් සිද්ධාර්ත් මහතා පවසයි.

ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

බෙදුම්වාදීන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ආණ්ඩුවත් විපක්ෂයත් බරපතළ ලෙස මානසික බාධක පනවාගෙන සිටින බවත්, එල්.ටී.ටී.ඊ කොටි ත්‍රස්තයන් සැමරීම ඔවුන් විසින් කිසිඳු බාධාවකින් තොරව පාර්ලිමේන්තුව තුළ දී පවා සිදුකරමින් සිටින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!

දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ගේ (අවි දැරූ/නොදැරූ) සහ ඉන්දියාවේ වුවමනාවට 80 දශකයේදී ලංකාවේ ස්ථාපිත කළ පළාත් සභා ක්‍රමය පිළිබඳව නැවතත් විමසා බැලිය යුතුය.

මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..

වැරදි විදිහට කටයුතු කරන මූල්‍ය ආයතන රට තුළ තිබේ නම් මහ බැංකුව ඊට නීතිමය පියවර ගතයුතු බවත්, එසේ නොමැතිව දැන්වීම් ප්‍රචාරය කිරීමෙන් පමණක් ඒවාට එරෙහිව කටයුතු කළ නොහැකි බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය

රටවල් කිහිපයක් ඉලක්ක කරගනිමින් ශ්‍රම සාධක මත පදනම් වූ නව තීරුබදු ක්‍රමවේදයක් හඳුන්වා දීමට ඇමරිකා එක්සත් ජනපදය පියවර ගෙන ඇත. මෙරටින් යවන අපනයන භාණ්ඩ සඳහා ද සියයට 12.5 ක බද්දක් මෙයට ඇතුළත් වන අතර, මෙම තීරණය සම්බන්ධයෙන් ලංකා වාණිජ මණ්ඩලය සිය කනස්සල්ල පළ කර සිටියි.

මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට

සිදත්ත තිලකසිරි හෙවත් "සුදා" නමැති කුප්‍රකට අන්වර්ථ නාමයෙන් හඳුන්වන යූටියුබ් කරුවකුට එරෙහිව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් ලිඛිතව පොලිස්පතිට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?

ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු ආචාර්ය විනෝද් සුරනා සහ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අතර හමුවක් සිදුව ඇති බව වාර්තා වේ.

චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය (UNODC) ද පෙන්වා දෙන ආකාරයට මාර්ගගත වංචා මධ්‍යස්ථාන අග්නිදිග ආසියාවේ සිට අනෙකුත් කලාප වෙත ව්‍යාප්ත වෙමින් පවතින බවයි. එලෙසම අපරාධ ජාල මිනිස් ජාවාරම් සමඟ වඩාත් සංකීර්ණ ලෙස සම්බන්ධ වෙමින් ඇති බවද එම නිවේදනය පවසයි.එලෙසම චීන ජාතිකයන් මෙම අපරාධවල ප්‍රධාන ගොදුරු කණ්ඩායම් අතර සිටින බවද තහවුරු වී තිබෙන බවද එම නිවේදනය මගින් පවසයි.

සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..

දකුණේ සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගනිමින් වර්ග සංහාරයක් සිදුකර ඇති බවත්, එය ආරම්භ වූයේ උතුරට එරෙහිව නොව දකුණට එරෙහිව බවත් ජීවනිත පීරිස් පියතුමා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.