News Category
From Date
To Date
Maximum Number of Result

පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් ඉකුත් ඔක්තෝම්බර් මාසයේ සිට නිතිපතා කරන ලද විමර්ශනවලදී සහල් මෝල් හිමිකරුවන් සතුව සැඟවුණු තොග ඇති බව සොයාගැනීමට නොහැකි වූ බව එහි වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් තිලකරත්න බණ්ඩාර පවසයි.

චීනයේ ව්‍යාප්ත වන බව කියන නව වෛරසයක් පිළිබඳව ශ්‍රී ලංකාවේ ජනමධ්‍ය ඔස්සේ විශාල ප්‍රචාරයක් සිදුකෙරෙමින් පවතී. සෞඛ්‍ය අමාත්‍යංශයද මේ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන බව පවසා ඇත.

සභාපතිවරයාගේ කට වචනයෙන් සිදු කරන අනීතික නියෝග ක‍්‍රියාත්මක නොකිරීම හේතුවෙන් තම ධුරයෙන් ඉවත් වන ලෙස ඔහු විසින් බලපෑම් සිදු කළ බව, ශ‍්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ මානව සම්පත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී තිළිණ හිරිපිටිය විසින් මුදල්, ක‍්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ ලේකම්වරයා වෙත පැමිණිල්ලක් සිදු කොට තිබේ. පසුගිය දෙසැම්බර් 22 වැනි දින මේ පැමිණිල්ල ලිඛිතව අමාත්‍යාංශ ලේකම්වරයා වෙත යොමු කර ඇති අතර, එහි පිටපත් ජනාධිපති ලේකම්, ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපති, කම්කරු කොමසාරිස් ජෙනරාල්, රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්, ශ‍්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති සහ ප‍්‍රධාන විධායක නිලධාරී යන නිලයන් වෙත ද යොමු කර තිබේ.

සහල්වල උපරිම සිල්ලර මිල ඉවත් කරනවාද නැද්ද යන්න තීරණය කරන්නේ සහල් ආනයනයට පසුව බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි

ඉන්ධන ලීටරයකින් රුපියල් 162 කොමිස් මුදලක් හිටපු අමාත්‍යවරයෙකුගේ සාක්කුවට යන බවක් ජනාධිපතිවරයා හෝ තම ආණ්ඩුවේ කිසිවෙකු පෙර කියා නැතැයි වෙළඳ, වාණිජ, ආහාර, සුරක්ෂිතතා හා සමූපකාර අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.

පළාත් පාලන ඡන්දය බොහෝ දුරට අප්‍රේල් මාසයේදී පැවැත්වෙනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ගවලින් පැවසේ.

නිවාඩු හිලව් දීමනාව අවලංගු කිරීමේ තීරණය වෙනස් කරගන්නැයි පාර්ලිමේන්තු සේවකයෝ ජනාධිපතිවරයා හමුවී ඉල්ලීමක් කිරීමට සූදානම් වෙති.

සීගිරිය පර්වතය තරණය කිරීම සඳහා විදුලි සෝපානයක් සවිකිරීමට අවධානය යොමුව ඇතැයි ජනමාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මෙවර මාස් කන්නයේ වී අස්වැන්න සතොස හා වී අලෙවි මණ්ඩලය හරහා මිලදී ගැනීමට හා සහල් නිෂ්පාදනය කර බෙදා හැරීම රජයේ අරමුණ බව වෙළෙඳ හා වාණිජ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි. ඔහු පැවසුවේ වරින්වර රට තුළ සිදුවන සහල් හිඟය අවසන් කිරීමට සහ මිල පාලනය කිරීම සඳහා රජය මැදිහත් වී ගොවියාට සහතික මිලක් ලබා දීමට කටයුතු කරන බවය.


ප්‍රධාන පුවත්

කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..

ත්‍රිකුණාමලය ඓතිහාසික කන්නියා උණවතුර ළිං පුරාවිද්‍යා භූමියේ පිහිටි චෛත්‍ය සංරක්ෂණය කිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් ගනු ලබන උත්සාහයන්ට නැවතත් බාධා එල්ල වී ඇති බවත්, එම සංරක්ෂණ කටයුතු අත්හිටුවීමේ තත්ත්වයකට පත්ව ඇති බවත් ජාතික උරුම සුරැකීමේ මධ්‍යස්ථානය පවසයි.

අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය

අධිකරණයේ ස්වාධීනත්වය යනු රටක පවතින උත්තරීතරම සංකල්පයක් බැවින්, ඒ සම්බන්ධයෙන් කිසිදු ආකාරයක අවදානමක් නොගත යුතු බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා අවධාරණය කරයි.

කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.

අගෝස්තු මස 13 වනදාට යෙදෙන කියුබානු විප්ලවයේ නායක ෆිදෙල් කස්ත්‍රෝ රුස්ගේ 100 වැනි ජන්ම සංවත්සරයට සමගාමීව, ඔහුගේ චින්තනය, දේශපාලන දර්ශනය සහ උරුමය පිළිබඳ අවධානය යොමු කරන පළමු ජාත්‍යන්තර සමුළුව වන “ෆිදෙල්: උරුමය සහ අනාගතය” පසුගිය 10 වනදා කියුබාවේදී ආරම්භ විය.

LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය

වත්මන් රජය විසින් ක්‍රියාත්මක කිරීමට සැරසෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ දුෂ්කර පාසල්වල වැඩබලන විදුහල්පතිවරුන්ගේ දීමනා කපා හැරීමට ගෙන ඇති තීරණයට එරෙහිව ජාතික ගුරු ව්‍යාපාරය සිය දැඩි විරෝධය පළ කර සිටියි. බත්තරමුල්ල ජාතික නිදහස් පෙරමුණු කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් සඳුන් බණ්ඩාර බෝදරගම මහතා මේ බව සදහන් කළේය.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊයේ(12) දින සිසුකළ සාකච්ඡාවෙන් පසුව අන්තර්ජාල නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකදී නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය මහතා පවසන්නේ, මෙම විශ්‍රම වයස දීර්ඝ කිරීම සම්බන්ධ ප්‍රශ්නය ඇත්තේ එක තැනක බවත් එහෙත් පිළිතුර ඇත්තේ තවත් තැනක බවත් ය.

කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..

කුච්චවේලි පිච්චමල් විහාරස්ථානයේ පිහිටි වසර 2300 කට වඩා පැරණි ඓතිහාසික බෞද්ධ නටඹුන් සහිත පූජනීය භූමිය විනාශ වීමේ අනතුරකට මුහුණ පා ඇති බව වාර්තා වේ.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..

යෝජිත සංශෝධනය මඟින් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතල බලපෑමක් එල්ල වන බවත්, වත්මන් පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා මෙය හදිසි අවශ්‍යතාවක් නොවන බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊයේ (12) ජනපති අනුර කුමාර දිසානායක හමුවී පෙන්වා දී තිබේ.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහාවන යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ, විනිසුරුවරුන්ගේ සහ නීතිඥයින්ගේ ස්වාධීනත්වය පිළිබඳ විශේෂ නියෝජිත මාග්‍රට් සැටර්ත්වයිට් කනස්සල්ල පළකර තිබේ.

ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..

තෛනිකායික මහනාහිමිවරුන් රටේ පාලකයන්ට විවිධ අවස්ථාවන්හි යම් යම් කරුණු කාරණා සම්බන්ධයෙන් අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කොට වාචිකව මෙන්ම ලිඛිතව දැනුම්දීම, අතීතයේ සිට සිදුකළ දෙයක් බව මල්වතු මහනාහිමියන් පවසා තිබේ.

අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව ඉහළ නැංවීම සඳහා කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය සහ ඊට අදාළ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහා නායක හිමිපාණන් වහන්සේලා විසින් විරෝධය පළකරමින් ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපිය මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.