
කොලොම්බියාවේ ජනාධිපති අපේක්ෂක මිගෙල් උරිබේට වෙඩි ප්‍රහාරයක්..
කොලොම්බියානු සෙනෙට් සභිකයෙකු වූ ජනාධිපති අපේක්ෂක මිගෙල් උරිබේ බොගොටා හී පැවැති උත්සවයකදී වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
2026දී ජනාධිපති ධුරය සඳහා තරග කරන 39 හැවිරිදි මිගෙල් උරිබේ හිටපු කොලොම්බියානු ජනාධිපති අල්වාරෝ උරිබේ විසින් ආරම්භ කරන ලක විපක්ෂ කොන්සර්වේටිව් ප්‍රජාතන්ත්‍රවාදී මධ්‍යස්ථාන පක්ෂයේ සාමාජිකයෙකුද වේ.
බොගෝටා හී පොදු උද්‍යානයක ප්‍රචාරක උත්සවයක් අතරතුර මිගෙල් උරිබේට වෙඩි තබා ඇති අතර සිද්ධිය සම්බන්ධව සැකකරුවෙකු අත්අඩංගුවයට ගෙන ඇති බවත් එරට පොලිස් සේවය සඳහන් කර තිබේ.
ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කර ඇති උරිබේගේ තත්ත්වය පිළිබඳව වැඩිදුර තොරතුරු හෙළිව නැත.
බොගෝටා හී නගරාධිපති කාලෝස් ගැලන් පවසා ඇත්තේ ෆොන්ටිබන් දිස්ත්‍රික්කයේ ප්‍රහාරයකින් පසු උරිබේට වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන් බවට වාර්තා වන බවය. කෙසේ නමුත් අවශ්‍ය වුවහොත් කොලොම්බියානු අගනුවර සම්පූර්ණ රෝහල් ජාලය ඔහු වෙනුවෙන් සීරුවෙන් තබා ඇති බවත් ඔහු පවසා තිබේ.
කොලොම්බියාවේ ආරක්ෂක අමාත්‍ය පේද්‍රෝ සැන්චෙස් පැවසුවේ වෙඩි තැබීමේ සිද්ධියට සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් මීට සම්බන්ධ තවත් අය සිටීද යන්න පිළිබඳව බලධාරීන් විසින් විමර්ශනය කරන බවත්ය.
උරිබේ කොලොම්බියාවේ ප්‍රමුඛ පවුලකින් පැවත එන අයෙකු වන අතර ඔහුගේ පියා ව්‍යාපාරිකයෙකු සහ වෘත්තීය සමිති නායකයෙකුද වේ.
ඔහුගේ මව වන මාධ්‍යවේදිනියක් වූ ඩයනා ටර්බේ 1990 වසරේදී අභාවප්‍රාප්ත කාටෙල් නායක පැබ්ලෝ එස්කොබාර්ගේ අණ යටතේ සන්නද්ධ කණ්ඩායමක් විසින් පැහර ගන්නා ලද අතර ගලවා ගැනීමේ මෙහෙයුමකදී ඇය ජීවිතක්ෂයට පත්වූවාය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අනුර නොදකින රනිල් දකින යථාර්ථය (වීඩියෝ)
ගිහි අධිකරණයෙන් භික්ෂුනී සසුන ස්ථාපිත කෙරේ.... බලංගොඩ කස්සප හිමි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊජිප්තුවට කළ දේ ලංකාවටත් කරයිද? - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..
ඊශ්‍රායල් - ඉරාන ගැටුම නිසා මතුවන ලෝක අර්බූද.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ සිදුකරන විග්‍රහය..
ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් මැද පෙරදිග නැති වුණා නම් අමෙරිකාවට සිදුවෙන දේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක හෙළිකරයි.. (වීඩියෝ)
ගැටුම් කලාපයෙන්: ඉරානයේ සන්සුන් භාවය පිළිබඳ රුසියානු විශේෂඥයාගේ නිරීක්ෂණ සහ ඉරානයේ ඊළඟ පියවර
අනුර - මෝදි ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන විසින් ගොනුකරනු ලැබූ පෙත්සම ගැන අධිකරණය අද ලබාදුන් තීරණය මෙන්න..
කොළඹ නගරාධිපති ධුරය මාලිමාවට
ඊශ්‍රායලය, ප්‍රවේශම් වන්න: ඉරානය තවමත් එහි නවතම ආයුධ භාවිතා කර නැහැ!-ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ
විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපිල්ල රජයේ ක්‍රියාකාරී සැලැස්මෙන් හැලෙයි..
‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්
තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..
ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ
ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..
‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි
