News Category
From Date
To Date
Maximum Number of Result

පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන අපේක්ෂකයකු සිය රැස්වීමවලට සහභාගි වන පාක්ෂිකයන්ට සංග්‍රහ කටයුතු කිරීමේදී ලබාදිය හැකි වන්නේ පානීය ජල බෝතලයක් පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ප්‍රධාන උපදේශක ලෙස ක්ෂේත්‍රයේ ඉහළ වෘත්තිකයකු වන ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා මෑතකදී පත් කිරීම සම්බන්ධයෙන් කැබිනට් ප්‍රකාශක සහ ඇමැති විජිත හේරත් මහතා පසුගියදා ප්‍රකාශ කළේ අන්තර්ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ කීර්තිමත් චරිතයක් වන ආචාර්ය හාන්ස් විජයසූරිය, ඩිජිටල් පරිවර්තනය සඳහා වූ රජයේ දැක්මට සහාය දැක්වීම සඳහා ආයතනික ලෝකයේ ලාභදායී තනතුරකින් ඉවත්ව සැළකිය යුතු පෞද්ගලික කැපකිරීමක් කර ඇති බවයි.

පාසල් අධ්‍යාපන කටයුතු සිදු කිරීමේදී WhatsApp වැනි සන්නිවේදන මාධ්‍ය අධ්‍යාපන කටයුතු සදහා නොව සන්නිවේදන කටයුතු සඳහා පමණක් භාවිතා කරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ජේ.එම්.ටී. ජයසුන්දර මහත්මිය චක්‍රලේඛයක් මගින් සියලුම විදුහල්පතිවරුන් හා අධ්‍යාපන බලධාරීන් වෙත දැනුම් දී ඇත.

ජනාධිපති අනුර දිසානායන මහතා හා ජාතික ජනබලවේගයෙන් කළුතර දිස්ත‍්‍රික්කයට තරග වදින නිලන්ති කොට්ටච්චි මහත්මිය සමගි ජන බලවේගයේදැයි හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා ප‍්‍රශ්න කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් මිලියන 132,500ක භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියක් නොවැම්බර් 12 දා සිදු කරයි.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, බෙහෙත් සහ අභ්‍යාස පොත් ඇතුළු පාසල් උපකරණ සඳහා අය කරන වැට් බද්ද සියයට බින්දුව කිරීම කෙරෙහි රජයේ අවධානය දැඩිව යොමු කරන බව ජනාධිපති ආර්ථික සහ මූල්‍ය කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය අනිල් ජයන්ත මහතා ප්‍රකාශ කළේය.

ජපාන මෝටර් රථ නිෂ්පාදන දැවැන්තයා වන නිසාන් (Nissan) මෝටර් රථ නිෂ්පාදන සමාගම පවසන්නේ, පිරිවැය ඉතිරිකිරීමේ උත්සාහයක් ලෙස එම සමාගමට සමගාමීව පවතින ලොව පුරා රැකියා 9,000ක් කපාහරින බවයි.

බැසිල් රාජපක්ෂ තමන්ට වියදම් කළා නම් ජනාධිපතිවරණයේ දී ඡන්ද කැඩීම සඳහා තමන් ඉදිරිපත් වියයුතුව තිබූ බවත්, තමන් බැසිල් රාජපක්ෂගේ බළල් අතක් බවට ගෙනයන ප්‍රචාර සාවද්‍ය බව හා තරයේ ප්‍රතික්ෂේප කරන බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

BRICS සමූහයේ සාමාජිකත්වය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ අයදුම්පත සමූහයේ වත්මන් සාමාජිකත්වය විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තාවේ. කෙසේ වුවද BRICS හි නව සංවර්ධන බැංකුවේ (New Development Bank-NDB) සාමාජිකත්වය ලබා ගැනීම සඳහා කළ ඉල්ලීම පිළිගෙන ඇති බව කැබිනට් ප්‍රකාශකවරයා පැවසීය.


ප්‍රධාන පුවත්

භාණ්ඩාගාර මංකොල්ලය: වැරැද්ද කාගෙද?.. මහ බැංකුවයි-භාණ්ඩාගාරයයි මූණට මූණ ඇනකොටා ගනී!

ශ්‍රී ලංකා රජය විසින් විදේශීය ණය පියවීම් කටයුතු සඳහා වෙන්කර තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක (රුපියල් මිලියන 750කට අධික) රාජ්‍ය මුදලක් සංවිධානාත්මක සයිබර් ප්‍රහාරයක් (Cyber Theft) හරහා සොරකම් කිරීමේ සිදුවීමක් මුල් කරගනිමින්, මහා භාණ්ඩාගාරය (Treasury) සහ ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) අතර බරපතල ආයතනික සහ පරිපාලනමය ගැටුමක් හටගෙන ඇති බව වාර්තා වේ.

විදුහල්පති සේවයට වැටුප් වැඩිකිරීමේ යෝජනාව: ගුරු, විදුහල්පති සේවා වල ස්වාධීනතාවය නැති කරල, වැටුප් විශ්මතාවයක් නෑ කියන්නයි මේ හදන්නෙ - ඒකාබද්ධ ගුරුසේවා සංගමය

ගුරු සේවාවේ උසස් වීමක් ලෙස සලකා විදුහල්පති සේවයට වැටුප් වැඩිකිරීමේ යෝජනාව යනු වෙනත් වටයකින් සමාන්තර සේවා අහෝසි කිරීමට ගන්නා උපක්‍රමයක් බව ඒකාබද්ධ ගුරුසේවා සංගමය චෝදනා කරයි.

ආණ්ඩුවට බැරි බෙදුම්වාදය පරාජය කිරීමේ වගකීම බාරගන්න අපි සූදානම්.. - 'රණවිරු ජනපවුර' ආණ්ඩුවට කියයි..

පසුගිය වසර 30ක යුද්ධයේදී සන්නද්ධ හමුදාවන් සිය වගකීම 100%ක්ම ඉටු කරමින් රට දෙකකට බෙදීමේ තර්ජනයෙන් මුදාගත් බවත්, එලෙස දිනාගත් යුද ජයග්‍රහණය ඉදිරියට පවත්වාගෙන යාම සඳහා බෙදුම්වාදී මතවාද පරාජය කිරීමේ වගකීම බාර ගැනීමට විශ්‍රාමික රණවිරුවන් කිසිසේත් පසුබට නොවන බවත් "රණවිරු ජනපවුර" සංවිධානය අවධාරණය කරයි.

ඉහළ උසාවිවල විනිසුරු පුටු අටක් හිස්..

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරු පුරප්පාඩු අටක් දීර්ඝ කාලයක් තිස්සේ නොපිරවීම හේතුවෙන් අධිකරණ පද්ධතියේ නඩු ගොඩගැසීමෙන් යුක්තිය පසිඳලීමේ කටයුතු වලට බාධා මතුව ඇතැයි අධිකරණ සේවා ආරංචි මාර්ග සඳහන් කරයි.

සාම ගිවිසුමක් සඳහා අමෙරිකාව සහ ඉරානය අවසන් එකඟතාවකට ආවා - පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ්

මැදපෙරදිග කලාපීය යුද්ධය අවසන් කිරීමේ සාම ගිවිසුමක් සඳහා අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අවසන් එකඟතාවයකට පැමිණ ඇති බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් පවසයි.

ගෝඨාභය රාජපක්ෂ ඇත්ත මහමොළකරු තේරුම් ගත්තා.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

යුද්ධය අවසන් වූවද බෙම්වාදීන්ගේ මාර්ග සිතියම අවසන් වී නොමැති බවත්, බෙදුම්වාදී මාර්ග සිතියමේ අවසන් සැතපුම යාමට බිඳවැටුනු ආරක්ෂක හමුදාවක් අවශ්‍ය බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

යුක්රේන ගැටුමේදී රුසියාව සමස්ත බටහිර කඳවුරට එරෙහිව තනිව සටන් කරනවා – පුටින්

යුක්රේනය සහ රුසියාව අතර පවතින ගැටුමේදී රුසියාව ඊනියා “සාමූහික බටහිර” (Collective West ) කඳවුරට එරෙහිව තනිව සටන් කරන බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප්‍රකාශ කළේය.

“පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වූ නිලධාරීන් දැන් මට එරෙහිව පරීක්ෂණ මෙහෙයවනවා”..- සලේ අභියාචනාධිකරණයට කියයි

2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වූ බවට විවිධ විමර්ශන මඟින් හඳුනාගෙන ඇති ෂානි අබේසේකර සහ රවි සෙනෙවිරත්න ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක්, මේ වන විට තමන්ට එරෙහිව විමර්ශන මෙහෙයවමින් සිටින බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, මේජර් ජෙනරාල් සුරේෂ් සලේ සිය නීතිඥවරයා මාර්ගයෙන් පෙරේදා (11) අභියාචනාධිකරණයට දැනුම්දී ඇත.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.