‘ඊශ්‍රායලය සමඟ ඉරානය කරන ඊළඟ යුද්ධය ඊශ්‍රායලයේ අවසාන යුද්ධය වනු ඇත’- ඉරාන ඉහළ පෙළේ නිලධාරියෙක් ජාත්‍යන්තර මාධ්‍ය වෙත පවසයි
ඊශ්‍රායලය සමඟ ඉරානය එළඹෙන අනාගත ඕනෑම යුද්ධයක් ඊශ්‍රායලයේ “අවසාන” යුද්ධය බවට පත් කිරීමට ටෙහෙරානය සූදානම් බව පසුගිය 30 වනදා නම සඳහන් නොකළ ඉරාන ඉහළ පෙළේ හමුදා නිළධාරියෙක් RT පුවත් වෙබ් අඩවිය වෙත පැවසුවේ, ඉරානය ඊශ්‍රායල මිසයිල් ආරක්ෂක පද්ධති අභිබවා යා හැකි දියුණු මිසයිල අත් පත් කරගෙන ඇති බවට අනතුරු අඟවමිනි.
“ඉතා දැනුවත්” භාවයකින් අදහස් දැක්වූ ඉරාන හමුදා මූලාශ්‍රය RT පුවත් සේවය වෙත පැවසුවේ, එක්සත් ජනපදය මැදිහත් වූ සටන් විරාමයකින් අවසන් වූ දින 12 ඉරාන ඊශ්‍රායල ගැටුමේදී ටෙහෙරානය ඊශ්‍රායල ආරක්ෂක පද්ධතියේ ඇති කඩතොළු හඳුනාගෙන ඇති බවයි.
“ඉරානය ඊශ්‍රායලය සමඟ කරනු ලබන ඊළඟ යුද්ධය ඊශ්‍රායලයේ අවසාන යුද්ධය බවට පත් කරනු ඇත.” යනුවෙන් එම හමුදා මූලාශ්‍රය පව්සා සිටියේ, තවත් ගැටුමක් ඇති වුවහොත් ඉරාන ඉස්ලාමීය ජනරජයට දිනපතා මිසයිල සිය ගණනක් ඊශ්‍රායලය වෙත එල්ල කළ හැකි බවයි. ටෙහෙරානය ඊශ්‍රායල ආරක්ෂක පද්ධතියේ තිබෙන දුර්වල ස්ථානයන් හඳුනාගෙන ඇති බව එම මූලාශ්‍රය වැඩිදුරටත් RT පුවත් සේවය වෙත පවසා තිබේ.
එම මූලාශ්‍රයට අනුව,“ඊශ්‍රායල පාලන තන්ත්‍රයේ තර්ජනය ස්ථිරවම උදාසීන කිරීමට ලැබී තිබෙන ඓතිහාසික අවස්ථාව” භාවිතා කිරීමට ඉරාන බලධාරීන්ට තම රටේ ජනතාවගෙන්න් මෙන්ම විදේශයන්හි ජීවත් වන ඉරාන වැසියන්ගෙන් “පෙර නොවූ විරූ සමාජ සහයෝගයක්” ලබාගෙන තිබේ.
ඉස්ලාමීය ජනරජයේ නායකත්වය නැවත වරක් ඉශ්‍රායල සමඟ යුදමය ගැටුමකට අවතීරණ වුවහොත් එක්සත් ජනපදය ඊශ්‍රායලයේ ගැලවීමට පැමිණෙන බව හොඳින් දන්නා නමුත්, ටෙහෙරානය "මෙම අභියෝගය ජය ගනු ලබනවා." යනුවෙන් මූලාශ්‍රය අවධාරණය කළ බව RT පුවත් සේවය පවසයි.
ජූනි මස මුලදී ඉරානය සහ ඊශ්‍රායලය අතර ඇති වූ නවතම ගැටුම් වලදී, ඊශ්‍රායල හමුදාව ඉරාන න්‍යෂ්ටික සහ හමුදා ස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කළේ ටෙහෙරානය න්‍යෂ්ටික අවි නිපදවේඉමේ ධාරිතාවයකට ළඟා වෙමින් පවතින බවට ඇති බිය උපුටා දක්වමිනි.
ඉරාන වාර්තාවලට අනුව, ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉරාන හමුදාවේ ජ්‍යෙෂ්ඨ අණ දෙන නිලධාරීන් සහ විද්‍යාඥයින් කිහිප දෙනෙකු මෙන්ම සිවිල් වැසියන් සිය ගණනක් මිය ගියහ.
ඉශ්‍රායල ප්‍රහාර වලට ප්‍රතිචාර වශයෙන්, ඉරානය ඊශ්‍රායල ඉලක්ක වෙත සහ කටාර්හි එක්සත් ජනපද අල් උඩයිඩ් ගුවන් කඳවුරට ඩ්‍රෝන යානා සහ මිසයිල ප්‍රහාර එල්ල කළේය. ඉන්පසු එක්සත් ජනපදය ඉරානයේ නටාන්ස් සහ ෆෝඩෝව් හි පිහිටි යුරේනියම් පොහොසත් කිරීමේ ස්ථාන ඇතුළු ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට ප්‍රහාර එල්ල කළේය.
කෙසේ වුවද උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි පසුව කියා සිටියේ ඉරානයේ පළිගැනීමේ ප්‍රහාර ඊශ්‍රායලයේ මිලිටරි ධාරිතාව "ප්‍රායෝගිකව බිඳ දැමූ" බවයි, නමුත් එක්සත් ජනපද මැදිහත්වීම සම්පූර්ණ ඉරාන ජයග්‍රහණයක් වළක්වා ඇති බව හෙළි කරනු ලැබීය.
වොෂින්ටනය විසින් සාකච්ඡා කරන ලද සටන් විරාමය දෙපාර්ශවයමමෙතෙක් පවත්වා ගෙන ගොස් ඇත. කෙසේ වෙතත්, ආතතීන් ඉහළ මට්ටමක පවතින අතර, ඉරානය න්‍යෂ්ටික අවි නිපදවීම හඹා යාම දිගටම කරගෙන ගියහොත් නව ප්‍රහාර එල්ල කරන බවට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා ඇති නමුදු ටෙහෙරානය අදාළ චෝදනාව ප්‍රතික්ෂේප කරයි. ඉරාන පහසුකම්වලට තවදුරටත් ප්‍රහාර එල්ල විය හැකි බවට ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ද අදහස් දක්වා තිබේ.
මෑත කාලීන සටන් වලින් පසුව ඉරානය සතු මිසයිල තොග හෝ ඒවාට සිදුවූ හානි තක්සේරු කිරීම් පිළිබඳ ස්වාධීන තහවුරු කිරීම් සීමිතය. ටෙහෙරානයේ මිසයිල අවි ගබඩාව කලාපයේ විශාලතම එකක් ලෙස පුළුල් ලෙස සලකනු ලැබුවද, ඊශ්‍රායලයේ ආරක්ෂක වළලු ඉක්මවා යාම පිළිබඳ ඉරාන ප්‍රකාශ අතිශයෝක්තියට නැංවීමක් විය හැකි බවට යුද විශ්ලේෂකයෝ අනතුරු දක්වා ඇත.
‘Next war with Israel will be final’: High-ranking Iranian official to RT
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා