පුනර්ජනනීය බලශක්තිය වනසා රටම ඩිසල් ගල් අඟුරු මාෆියාවට විකුණන මාලිමා ආණ්ඩුවේ කෙරුවාවට එරෙහිව හඬනැගූ සංඛ චන්දිමට මරණ තර්ජන..
අඩුමිල පුනර්ජනනීය බලශක්තිය වනසා රටම ඩිසල් ගල් අඟුරු මාෆියාවට විකුණන මාලිමා පක්ෂ කමිටුවට එරෙහි ඒකාබද්ද උද්ඝෝෂණයක් ඊයේ දින පැවැත්වුණු අතර, එහිදී ජනතා සංදේශයක් බලශක්ති අමාත්‍යංශ ලේකම්වරියට භාර දීමද සිදු විය.
මේ සඳහා මූලිකත්වය ගෙන ක්‍රියාකළ සංඛ චන්දිම අභයවර්ධන මහතාට මේ වන විට මරණ තර්ජන එල්ල කරමින් කිසියම් පිරිසක් ක්‍රියාත්මක වී ඇති බව වාර්තා වේ.
සිය සමාජ මාධ්‍ය පිටුවේ මේ සම්බන්ධයෙන් ඒ මහතා පළ කර ඇති සටහනක් පහළින් දැක්වෙන අතර, ඒ මහතාගේ සමාජ මාධ්‍ය ගිණුමේ සදහන් කර තිබූ තර්ජනාත්මක සටහන් ද පහළින් පළකරමු..
"මේ අද රාත්‍රියේ මට එවනු ලැබූ අලුත්ම මරණ තර්ජනය.
අනුරගේ ආණ්ඩුවට එරෙහිව අද අප විශාල පිරිසක් එක්ව සංවිධානය කල ඇති සාර්ථක උත්ගොෂණය අනුරට පමණක් නොව ඉන්දියානු පාතාලෙටත් රිදී ඇති බව නම් පැහැදිලියි.
මොන තර්ජන ගර්ජන කරත් මම මගේ සටන නවත්වන්නේ නැහැ. මිට කලිනුත් මේවගේ තර්ජන පසුපස හබා එම් වලට මාව නවත්වන්න බැරිවුණා. අනුරගේ ආණ්ඩුවට අද අපි එකතුවෙලා කරපු උත්ගොෂණයෙන් රිදිලද කොහෙද ඉන්දියාවේ හාම්පුතා මට තර්ජන එවනවා. හැබැයි ලංකාවේ නලල මලේ පොලිසිය බුදි. මේ රටේ ආණ්ඩු වලට තමන්ගේ පුරවැසියන්ට ආරක්ෂවක්වත් දෙන්න බැහැ. ගිය ආණ්ඩුවටත් බැහැ , මුන්ටත් බැහැ.
මමත් මගේ කණ්ඩායමත් රටේ බංකොලොත් භාවයට මුවා වි සමස්ත බලශක්ති පද්ධතියම ඉන්දියාවට පවරා දීමට එරෙහිව හිටගත් බව ඔබ දන්නවා ඇති. පසුගිය 2023 මැයි මාසයේ සිට අල්ලස් කොමිසමටත්, මානව හිමිකම් කොමිසමටත් මහජන උපයෝගිත කොමිසමටත් පැමිණිලි ගොනු කිරීමට අප කටයුතු කල බව ඔබට මතක ඇති. පොදු මහජනයා වෙනුවෙන් සිටගත් අපට විවිධ බාධක තර්ජන ගර්ජන පැමිණියා. අපගේ පැමිණිල්ල පරිදි අල්ලස් කොමිසම සිය විභාගය ආරම්බ කිරීමට දින යොදා තිබුයදී මාහට දීර්ඝ තර්ජනාත්මක ලිපියක් හදුනා නොගත් පුත්ගලයෙකු විසින් ඒවා තිබුන. මේ සියල්ල පිළිබද පොලිචේ පැමිණිලි ගණනාවක් සිදු කලත් අත්අඩංගුවට ගත් අයෙක් හෝ මට ලබා දුන් ආරක්ෂාවක් නැහැ. පසුගිය රජය වගේම මේ රජයත් බලාගෙන ඉන්නේ අප වැනි අය ඉන්දියානු උණ්ඩයට ගොදුරුව නිහඩ කරවාගෙන රටම ඉන්දියාවට විකුන්නටද?"
- සංඛ චන්දිම අභයවර්ධන

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි