News Category
From Date
To Date
Maximum Number of Result

මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට බාරදී ඇති වත්කම් බැරකම් ප්‍රකාශ වල වැරදි නිවැරදි කරගෙන ඇතැයි වාර්තා වේ.

එක්සත් ජනපද සෙනෙට් සභික රැන්ඩ් පෝල් පවසා සිටියේ හෙරොයින්වලට වඩා පනස් ගුණයකින් බලසම්පන්න කෘත්‍රිම මත්ද්‍රව්‍යයක් වන ෆෙන්ටැනයිල් වෙනිසියුලාවේදී නිෂ්පාදනය නොකරන බවයි.

දෙවන පරපුර දේශපාලන ව්‍යාපාරයේ රණවිරු ජනපවුර සංවිධානය විසින් ජිනිවා 60 වන සැසිය අවසානයේදී ශ්‍රි ලාංකීක ජාතිය නිදහස් කරගැනීමට නායකත්වය දුන් රණවිරුවන්ට සිදුවන්නේ කුමක්දැයි සාකච්ඡා කරන ජිනිවා 60 වන සැසියේ පසු කම්පන විද්වත් සංවාදය 2025 ඔක්තෝම්බර් 26 වන දින ප.ව. 03.30ට කොළඹ 08,බොරැල්ල , එන්.එම්.පෙරේරා මාවතේ අංක 91,කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයේ සුගීෂ්වර ශාලාවේදී පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත.

පළමු අදියර ගනුදෙනුව සම්බන්ධයෙන් එක්සත් ජනපද වෙළඳ නියෝජිතයන්ගේ නවතම විමර්ශනය සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ බොරු චෝදනා සහ අදාළ සමාලෝචන පියවරයන්ට චීනය දැඩි ලෙස විරුද්ධ වන අතර, එහි වැරදි භාවිතයන් වහාම නිවැරදි කර උපදේශනවල දුෂ්කර ලෙස දිනාගත් ප්‍රතිඵල ආරක්ෂා කරන ලෙස එක්සත් ජනපදයෙන් ඉල්ලා සිටි බව එක්සත් ජනපදයේ චීන තානාපති කාර්යාලයේ ප්‍රකාශකයෙක් නිකුත් කළ ප්‍රකාශයක සඳහන් කර තිබේ.

රුසියානු මහ බැංකුව අඛණ්ඩව සිව්වන වරටත් මේ වසරේදී ප්‍රධාන පොලී අනුපාතය අඩු කර ඇති අතර, උද්ධමනය ඉහළ යා හැකියැයි අපේක්ෂා කළද ආර්ථිකය ස්ථාවර වෙමින් පවතින බව රුසියානු මහ බැංකුව පවසයි.

කෙහෙල්බද්දර පද්මේ විසින් රු ලක්ෂ 40ක් ලබාදී නුවරඑළියේ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයක් පවත්වාගෙන ගොස් ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ඉකුත් දා ප්‍රකාශකර තිබිණි.

නගාසිටුවිය යුත්තේ ඉන්දියාවේ ගොවීන්ද, නැත්නම් ලංකාවේ ගොවීන්දැයි මෙරට ගොවි ජනතාව ආණ්ඩුවෙන් ප්‍රශ්න කරති.

අරගලය පැවති 2022 වසරේ මැයි නව වැනිදා නිට්ටඹුව නගරයේ දී පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා හා ඔහුගේ ආරක්ෂක නිලධාරියාට පහරදී ඝාතනය කිරීමය සම්බන්ධයෙන් පුද්ගලයන් 41 දෙනෙකුට එරෙහිව ගම්පහ මහාධිකරණයේ විභාග වූ නඩුවේ තීන්දුව 2026 ජනවාරි 14 ප්‍රකාශයට පත් කිරීමට ගම්පහ මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කළහ.

ජනතා විමුක්ති පෙරමුණේ විනය සම්ප්‍රදාය සහ සංස්කෘතිය ජාතික ජන බලවේගයෙන් බලාපොරොත්තු විය නොහැකි බව වතු සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසයි.


ප්‍රධාන පුවත්

තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ දැනට ක්‍රියාත්මක වන වැඩසටහන මඟින් සාර්ථකව අත්පත් කරගත් ආර්ථික ස්ථායීතාව අඛණ්ඩව ආරක්ෂා කරගනිමින්, රටේ ඉදිරි ආර්ථික වර්ධනය තවදුරටත් වේගවත් කිරීම උදෙසා ඉදිරියේදී තවත් නව එකඟතාවකට එළඹීමට රජය සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..

මහා සංඝරත්නයට පහරදීමේ ද්වේෂ සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක දේශප්‍රේමී සිංහල නායකයින්ද සිරගත කිරීමේ කුමන්ත්‍රණයක්ද පවතින බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා අනාවරණ කරයි.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බන්ධනාගාරයේ දී ඉවත්කොට අධිකරණයට ගෙන ඒම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ඇතුළු වගඋත්තරකරුවන් 10 දෙනෙකුට එරෙහිව බ්‍රිගේඩියර්(විශ්‍රාමික) අතුල හේමචන්ද්‍ර ද සිල්වා මහතා අභියාචනාධිකරණයේ නඩු අංක CA/WRIT/787/2026 යටතේ අද දින (2026.10.12) නඩුවක් ගොනුකර තිබේ.

චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..

චීන–ලාඕස දුම්රිය මාර්ගය ඔස්සේ සිදුකර ඇති සමස්ත වෙළෙඳ ගනුදෙනුවල වටිනාකම යුවාන් බිලියන 100 (ඇමෙරිකානු ඩොලර් බිලියන 14.9ක් පමණ) ඉක්මවා ගොස් තිබේ. එම මාර්ගය හරහා මේ වන විට ආනයන හා අපනයන භාණ්ඩ ටොන් මිලියන 20.77කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කර ඇති බව වාර්තා වේ.

ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹීමේ ආදර්ශය අනුගමනය කරමින් රුසියාව සමඟ ආර්ථික සබඳතා යළි ස්ථාපිත කරන ලෙස ජර්මනියේ විපක්ෂ දේශපාලන පක්ෂ දෙකක් ඉල්ලා ඇතැයි වාර්තාවේ.

රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්

රුසියාව සහ යුක්‍රේනය අතර වහාම ක්‍රියාත්මක වන පරිදි බලශක්ති ඉලක්ක වෙත එල්ල කරන ප්‍රහාර අත්හිටුවීමේ එකඟතාවක් ඇති කරගෙන තිබෙන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)

ඊයේ(11) දිනයේ උතුරු නේපාලයට බලපෑ හදිසි මහා ගංවතුර හේතුවෙන් නිවාස හා පාලම් රැසක් ගසාගෙන ගොස් ඇති අතර, පුද්ගලයන් පස්දෙනකුට අධික පිරිසක් අතුරුදන්ව සිටින බව වාර්තා වේ.

ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ

කැනඩාවේ ඔන්ටාරියෝ (Ontario) පළාත් ව්‍යවස්ථාදායකය විසින් 'දෙමළ ජන සංහාරය' (Tamil Genocide) යන සංකල්පය හෝ එය නිල වශයෙන් පිළිගෙන නොමැති බව එරට අධිකරණ තීන්දු මඟින් තහවුරු වී ඇති බව ආචාර්ය නෙවිල් හේවගේ මහතා පෙන්වා දෙයි.

ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..

බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ පා ගමන අද (12) තෙවන දිනටත් පැවැත්වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.