විසඳුම් නැත්නම් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹෙනවා - GMOA අනතුරු අඟවයි..
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
මාධ්‍ය නිවේදනය
නිදහස් සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ ගැටලු විසඳීම සඳහා රජය විසින් ලබා දුන් එකඟතා ක්‍රියාත්මක නොවීම පිළිබඳ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමේ තීරණ.
පසුගිය නොවැම්බර් මාසයේදී ගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද 2026 වර්ෂය සඳහා වන අයවැය යෝජනාවලිය තුළ, මෙරට සෞඛ්‍ය සේවයේ සහ වෛද්‍යවරුන්ගේ සැබෑ ගැටලු හඳුනාගනිමින් ඒවාට විසඳුම් ලබාදීම සඳහා අවශ්‍ය කෙටි කාලීන සහ දීර්ඝ කාලීන ප්‍රතිපත්ති හෝ ක්‍රියාමාර්ග කිසිවක් අන්තර්ගත නොවීම තුල සෞඛ්‍ය පද්ධතිය සහ සෞඛ්‍ය සේවකයින් තුල බරපතල නොසන්සුන්තාවයක් සහ විරෝධතාවයක් ඇති විය.
රෝහල් පද්ධතියේ ගැටලු හදුනාගනිමින් නිදහස් සෞඛ්‍ය සුරක්ෂිත කිරීම උදෙසා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අවස්ථා ගණනාවකදි තොරතුරු සහ යෝජනා ලබා දී තිබියදීත් අයවැය ලේඛනය තුල නිදහස් සෞඛ්‍ය සේවාව නොසලකා හැර තිබිම කිසිසේත් නිහඩව සිටිය හැකි ප්‍රවණතාවයක් නොවේ.
ඒ අනුව සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ සැබෑ ගැටලු සඳහා විසඳුම් ලබා දීමට බල කරමින් වෘත්තිය ක්‍රියාමාර්ග ගණනාවක් දියත් කිරීමට සිදුවූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස වෛද්‍යවරුන්ට ආර්ථික යුක්තිය ඉටු කිරීම සහ යහපත් වෘත්තීය පරිසරයක් බිහිකිරීම තුල රට තුල වෛද්‍යවරුන් රැදි සිටිම දිරිමත් කරන ශක්තිමත් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා කාල රාමුවක් ද සහිතව එකඟතාවය ලිඛිතව ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් කටයුතු කරන ලදී.
වෛද්‍යවරුන්ගේ DAT දීමනාව යාවත්කාලීන කිරීම, 22/99 චක්‍රලේඛයට අනුකූලව ප්‍රවාහන ගැටලු විසඳිම, අමතර රාජකාරි දීමනාව ස්ථාවර දීමනාවක් බවට පත් කිරීම සහ සියලු කාණ්ඩවල වෛද්‍යවරුන් ඇතුළත් කර ගනිමින් ශ්‍රී ලංකා වෛද්‍ය සේවය නමින් සුවිශේෂී සේවා කාණ්ඩයක් බිහිකිරීම සම්බන්ධයෙන් වු රජයේ ප්‍රතිපත්තිමය එකඟතාවය සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවේදි ප්‍රකාශයට පත් කරන ලදී.
එම ප්‍රතිපත්තින් ක්‍රියාවට නැංවීම සඳහා මුදල් අමාත්‍යාංශය සමඟ අවශ්‍ය සාකච්ඡා 2026.01.05 වැනි දින සිට ආරම්භ කිරීමටත්, මාස 03 ක කාලයක් තුල විසඳුම් ප්‍රකාශයට පත්කිරීමටත් ලිඛිතව එකඟතාවය ලබාදෙන ලදී.
එහෙත් මේ වන විට එම එකඟතාවයන් කඩ කරමින් රජය, සෞඛ්‍ය අමාත්‍යවරයා සහ සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බව නිරීක්ෂණය වන අතර වෛද්‍යවරුන් ඇතුලු වෘත්තීයවේදින් රවටමින් නිදහස් සෞඛ්‍ය සේවාව දුර්වල කරමින් ප්‍රතික්ශේපිත දේශපාලන සංස්කෘතිය අනුගමනය කිරීමේ ප්‍රවණතාවයක් ක්‍රියාත්මක වන බව තහවුරු වෙමින් පවති.
සෞඛ්‍ය පද්ධතිය තුළ ඇති ගැටලු විසඳීමේදී වඩා නම්‍යශීලී සහ සාධාරණ පිළිවෙතක් අනුගමනය කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කටයුතු කරන පසුබිමක රජයේ, සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ඇතුළු වගකිවයුත්තන්ගේ වෘත්තිමය නොවන සහ විශ්වාසය බිඳවැටෙන සුලු හැසිරීම සහ වැඩපිළිවෙලත්, උද්ගතවී ඇති ප්‍රවණතාත් සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණ ගැනීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක් අද දිනයේදි පැවැත්වෙන ලදී.
එහිදි රජයේ සහ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ වගකීම් විරහිත සහ විශ්වාසය කඩවන හැසිරීම සම්බන්ධයෙන් සියලු දෙනාගේ බරපතල අප්‍රසාදය පල කරන ලදී.
මෙම ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අද දින සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ හදිසි සාකච්ඡාවකට ආරාධනා කර ඇති අතර එහිදි, සියලු කාණ්ඩවල වෛද්‍යවරුන් ඇතුළත් කර ගනිමින් ශ්‍රී ලංකා වෛද්‍ය සේවය නමින් සුවිශේෂී සේවා කාණ්ඩයක් බිහිකිරීම සඳහා කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලබා දීමට, වෛද්‍යවරුන්ගේ DAT දීමනාව යාවත්කාලීන කිරීමට, 22/99 චක්‍රලේඛයට වෛද්‍යවරුන් අන්තර්ග්‍රහණය කිරීමට සහ අමතර රාජකාරි දීමනාව ස්ථාවර දීමනාවක් බවට පත් කිරීමට අදාල ක්‍රියාමාර්ග කාලරාමුවක්ද සහිතව ප්‍රකාශයට පත් කල යුතු බව මධ්‍යම කාරක සභාවේ තීරණයයි.
එමෙන්ම ඒ සඳහා අවශ්‍ය සාකච්ඡා මුදල් අමාත්‍යංශය සමඟ ආරම්භ කිරීම සඳහා නිශ්චිත කාල රාමුවද ප්‍රකාශයට පත් විය යුතුය.
මෙම ගැටලු සඳහා එලඹෙන 2026.01.12 දින වන විට නිශ්චිත විසදුම් ප්‍රකාශයට පත් නොවන්නේ නම් ඉන් ඔබ්බට ඕනෑම ආකාරයක වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වෙත එළඹිමට මධ්‍යම කාරක සභාව විසින් ඒකමතිකව තිරණය කරන ලදි.
එහිදි, පසුගිය නොවැම්බර් මාසයේදි ක්‍රියාත්මක කර තාවකාලිකව අත්හිටුවන ලද වෘත්තීය සමිති ක්‍රියාමාර්ග මාලාව නැවත ආරම්භ කිරීමටත් ඊට අමතරව නව වෘත්තීය ක්‍රියාමාර්ග වලට එලඹිමටත් තිරණය වූ අතර ගැටලු විසඳිම සඳහා රජය සහ සෞඛ්‍ය අමාත්‍යවරයා සද්භාවයෙන් මැදිහත් නොවන්නේ නම් ඕනෑම මොහොතක දීපව්‍යාප්ත වැඩවර්ජනයක් ප්‍රකාශයට පත් කිරීමට විධායක සභාවට බලය පැවරීමට මධ්‍යම කාරක සභාව විසින් තීරණය කරන ලදී.
රජයේ සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ වත්මන් හැසිරීම තුල, වත්මන් පාලනයේ නිදහස් සෞඛ්‍ය සේවාව සුරක්ෂිත කිරීමේ සටන් පාඨයේ සහ ප්‍රතිපත්තියේ සද්භාවය පිළිබඳ බරපතල අවිනිශ්චිතතාවයක් මතු වී ඇති අතර රෝහල් පද්ධතියේ මානව සම්පත් අර්බුදය, ඖෂධ අර්බුදය ඇතුලු ගැටලු සඳහා කාල රාමුවක් සහිත උපායමාර්ගික සැලැස්මක් ක්‍රියාත්මක කිරීමේ ජාතික අවශ්‍යතාවයන් නොසලකා හරිමින් ඒවායෙන් පැන යාමට ආණ්ඩුව කටයුතු කරන්නේ නම්, නිදහස් සෞඛ්‍ය සුරක්ෂිත කිරීම උදෙසා අවශ්‍ය ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුබට නොවන බවද අවධාරණය කරමු.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..