වෙරළ සංරක්ෂණ පනත උල්ලංඝනය කර ඇති ත්‍රිකුණාමලයේ කෝවිල් ගැන වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිහඩයි.. - මාලිමා බලධාරීන් පොලිසියත් අමාරුවේ දමලා - ත්‍රිමලේ බෝධිරාජ විහාරයේ සිද්ධිය ගැන ප්‍රදේශවාසීන්ගෙන් චෝදනා
ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථානයේ පසුගිය නොවැම්බර් 16 වැනිදා බුදු පිළිමයක් තැන්පත් කිරීමට වහලයක් සහ ආවරණයක් සකස් කිරීමේදී වෙරළ සංරක්ෂණ පනත උල්ලංඝනය කළ බව කියන චෝදනාවකට බලංගොඩ කස්සප හිමියන් ඇතුළු හිමිවරුන් සිව් නමක ඇතුළු සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් නව දෙනකු ලබන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තබන ලෙසට ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (14) දින නියෝග කළේය.
ත්‍රිකුණාමලය වරාය පොලිසිය හා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට සිද්ධිය සම්බන්ධයෙන් කරුණු වාර්තා කර තිබූ අතර, මෙම සිද්ධියට අදාළ ඉදිකිරීම් අනවසර බවට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පොලිසියට පැමිණිලි කර තිබූ බව වාර්තා වේ. එහිදී බුද්ධ ප්‍රතිමාව ඉවත් කිරීමට උත්සාහ කිරීමේදී හිමිවරුන්ගෙන් හා ප්‍රදේශවාසීන්ගෙන් පොලිසියට දැඩි විරෝධයක් ද එල්ල විය.
කෙසේ වුවද මෙම සිදුවීම සිදුවූ කාලසීමාවේ දී ජාතික සංවිධාන විසින් පොලිස් කොමිසමට සිදුකරන ලද පැමිණිල්ලක් ප්‍රකාරව පොලිසියේ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනයක් සිදුකරන බවට පොලිස් කොමිසම විසින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය ඇතුළු ජාතික සංවිධාන එකමුතුවට දන්වා තිබිණි.
මේ පිළිබඳව අප විසින් සිදුකළ අධ්‍යයනයේ දී පෙනී යන්නේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ අවට හින්දු කෝවිල් 30කට වැඩි ප්‍රමාණයක් මෙම වෙරළ සංරක්ෂණ නීති උල්ලංඝණය කර ඇති බවයි.
ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථානයේ බුදු පිළිමයක් තැන්පත් කිරීමට වහලයක් සහ ආවරණයක් සකස් කිරීමේදී වෙරළ සංරක්ෂණ පනත උල්ලංඝනය කළ බවට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පොලිසියට පැමිණිලි කිරීම සහ මෙම සිදුවීමේදී මාලිමා ආණ්ඩුවේ බලධාරීන්ගේ හැසිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම සිදුවීම පොලිසියත් අමාරුවේ දමන ආකාරයේ සිදුවීමක් බවය.

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්