News Category
From Date
To Date
Maximum Number of Result

තීනියාවල පාලිත හිමියන් විසින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව 2021 දී ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම අද දින අගවිනිසුරු පද්මන් සූරසේන මහතා ඉදිරියේදී විභාග කරන ලද අතර, එම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තවදුරටත් පවත්වාගෙන යෑමට අවසර නොදීම නිෂ්ප්‍රභා කරන ලදී.

ලංකා විදුලි පෞද්ගලික සමාගම හෙවත් 'ලෙකෝ සභාපතිවරයාට වර්තමාන ආණ්ඩුව යටතේ රුපියල් ලක්ෂ 800 ක් හෙවත් රුපියල් කෝටි 8 ක් වටිනා අති සුඛෝපභෝගී කාර් රථයක් ඇන්වුම්කර ඇති බවත් එම කාර් රථය ඉදිරි දින කීපයේ මෙරටට ළඟා වීමට නියමිතබවත් 'ලෙකෝ සමාගමේ සේවකයෝ පවසති.

සිය වෘත්තීය ගැටලු සම්බන්ධයෙන් ඊයේ (17දා) ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාව මූලික එකඟතාවයකින් තොරව අවසන් වූ බැවින්, ඊයේ (17දා) දිවයින පුරා ක්‍රියාත්මක කළ වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

බෞද්ධ රටේ බුදු පිලිමයක් ස්ථාපනය කිරීමට නොහැකි තත්ත්වයක් අද නිර්මාණය වී ඇති බවත්, එහෙත් කොටි ත්‍රස්ත නායකයකු වන තිලීපන්ගේ ප්‍රතිමාවක් යාපනය නල්ලූර් කෝවිලේ පිටුපස සාදා එයට වන්දනා මාන කරන බවත් සර්වජන බලය යාපනය සංවිධායක අරුන් සිද්ධාර්ථන් මහතා පවසයි.

බිමල් රත්නායක ඇමතිවරයා පිළිම වන්දනාව ගොත්‍රික යැයි පැවසූ බවත්, බුදුපිළිම වලට මෙලෙස අපහාස කරන්නේ මේ නිසා දැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා ප්‍රශ්න කරයි.

ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරයට ඇතුළු වී එම ස්ථානයේ තිබූ බුදුපිළිමය ආවරණය කර තිබූ මුතු කුඩය කඩාදමා එම මුතුකුඩයෙන් විහාරස්ථානයේ සිටි ස්වාමීන් වහන්සේලාට පහර දුන් බවත්, මේ රටේ සිංහල බෞද්ධකම මේ රජය යටතේ නම් ආරක්ෂා නොවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

ත්‍රිකුණාමලය කොටුව පාර ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරය සම්බන්ධව ඇති වී ඇති අර්බුදය පිළිබඳව ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති උත්තරීතර මහානායක හිමියන් විසින් ජනාධිපති අනුර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර ඇත.

ත්‍රිකුණාමලය බෝධිරාජ විහාරස්ථානය ඉතාම නිත්‍යානුකූලව ඉදිකර ඇති විහාරස්ථානයක් බවත්, වැලිවිට ශ්‍රි සරණංකර සංඝරාජ හිමියන්ගේ උපදෙස් මත කීර්ති ශ්‍රි රාජසිංහ රජතුමා සියම් දේශයෙන් භික්ෂු ශාසනය ලංකාවට වැඩමවා වදාල ඓතිහාසික ස්ථානය මෙම ස්ථානය බවත් දේශප්‍රේමී ජතික පෙරමුණේ මධ්‍ය මණ්ඩල සභික නීතිඥ නුවන් බැල්න්තුඩාව මහතා අද මාධ්‍ය හමුක් පවත්වමින් කරුණු හෙළිදරව් කිරීමක් සිදුකළේය.

මෙක්සිකෝවේ රජයේ ආරක්ෂක ප්‍රතිපත්ති රටේ වැඩෙන ප්‍රචණ්ඩත්වය මැඩලීමට අසමත් වී ඇති බවට චෝදනා කරමින් සෙනසුරාදා මෙක්සිකෝව පුරා නගරවල දහස් ගණනක් ජනතාව වීදි බැස විරෝධතා දැක්වූහ.


ප්‍රධාන පුවත්

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බන්ධනාගාරයේ දී ඉවත්කොට අධිකරණයට ගෙන ඒම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ඇතුළු වගඋත්තරකරුවන් 10 දෙනෙකුට එරෙහිව බ්‍රිගේඩියර්(විශ්‍රාමික) අතුල හේමචන්ද්‍ර ද සිල්වා මහතා අභියාචනාධිකරණයේ නඩු අංක CA/WRIT/787/2026 යටතේ අද දින (2026.10.12) නඩුවක් ගොනුකර තිබේ.

චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..

චීන–ලාඕස දුම්රිය මාර්ගය ඔස්සේ සිදුකර ඇති සමස්ත වෙළෙඳ ගනුදෙනුවල වටිනාකම යුවාන් බිලියන 100 (ඇමෙරිකානු ඩොලර් බිලියන 14.9ක් පමණ) ඉක්මවා ගොස් තිබේ. එම මාර්ගය හරහා මේ වන විට ආනයන හා අපනයන භාණ්ඩ ටොන් මිලියන 20.77කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කර ඇති බව වාර්තා වේ.

ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹීමේ ආදර්ශය අනුගමනය කරමින් රුසියාව සමඟ ආර්ථික සබඳතා යළි ස්ථාපිත කරන ලෙස ජර්මනියේ විපක්ෂ දේශපාලන පක්ෂ දෙකක් ඉල්ලා ඇතැයි වාර්තාවේ.

රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්

රුසියාව සහ යුක්‍රේනය අතර වහාම ක්‍රියාත්මක වන පරිදි බලශක්ති ඉලක්ක වෙත එල්ල කරන ප්‍රහාර අත්හිටුවීමේ එකඟතාවක් ඇති කරගෙන තිබෙන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)

ඊයේ(11) දිනයේ උතුරු නේපාලයට බලපෑ හදිසි මහා ගංවතුර හේතුවෙන් නිවාස හා පාලම් රැසක් ගසාගෙන ගොස් ඇති අතර, පුද්ගලයන් පස්දෙනකුට අධික පිරිසක් අතුරුදන්ව සිටින බව වාර්තා වේ.

ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ

කැනඩාවේ ඔන්ටාරියෝ (Ontario) පළාත් ව්‍යවස්ථාදායකය විසින් 'දෙමළ ජන සංහාරය' (Tamil Genocide) යන සංකල්පය හෝ එය නිල වශයෙන් පිළිගෙන නොමැති බව එරට අධිකරණ තීන්දු මඟින් තහවුරු වී ඇති බව ආචාර්ය නෙවිල් හේවගේ මහතා පෙන්වා දෙයි.

ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..

බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ පා ගමන අද (12) තෙවන දිනටත් පැවැත්වේ.

"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..

ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමට පෙර තමන්ට ඇමතුමක් ලබාදී හමුවන ලෙස දැන්වූ බවත්, එහිදී උන්වහන්සේ පැවසුවේ උන්වහන්සේව අත්අඩංගුවට ගත් පසු සිවුර ගැලවීම අනිවාර්යෙන් සිදුකරන බව යැයිද, කළින්ම උන්වහන්සේ මේ පිළිබඳව දැනසිටි බවත්, තමන් සමග මේ සම්බන්ධයෙන් උන්වහන්සේ කතා කළ බවත් නීතිඥ සංජීව වීරවික්‍රම මහතා හෙළිදරව්වක් සිදුකරමින් පවසයි.

අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි

අනුරාධපුර පූජා නගරය ගොඩනැගීම සඳහා විශාල ආධාර මුදලක් ඉදිරියේදී ඉන්දියානු රජයෙන් ලැබීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.