News Category
From Date
To Date
Maximum Number of Result

ඊයේ(08) ප්‍රංශ පාර්ලිමේන්තුවේ පැවති තීරණාත්මක විශ්වාසභංග යෝජනාවකින් අගමැති ෆ්‍රැන්කොයිස් බයිරූ පරාජයට පත්වීමෙන් පසු ප්‍රංශ රජය බිඳ වැටී ඇත.

ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් 2015 මහ මැතිවරණයට ඉදිරිපත් වුණු මොහොමඩ් ඊබ්‍රාහීම්ට පාස්කු බෝම්බ ප‍්‍රහාරය සම්බන්ධයෙන් එලවූ චෝදනා සනාථ නොවූ බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීනී සමන්මලී ගුණසේකර මහත්මිය සඳහන් කරයි.

ඊයේ(08) පැවති ගැටුම්වලින් අවම වශයෙන් පුද්ගලයින් 19 දෙනෙකු මිය ගොස් 200 කට වැඩි පිරිසක් තුවාල ලැබීමෙන් පසු නේපාල රජය ප්‍රමුඛ සමාජ මාධ්‍ය යෙදුම් සහ පණිවිඩ සේවා 26 ක් සඳහා පනවා තිබූ තහනම ඉවත් කර ඇතැයි වාර්තාවේ.

ජනාධිපතිවරුන්ගේ හිමිකම් (අවලංගු කිරීමේ) පනත් කෙටුම්පතේ කිසිදු විධිවිධානයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු විධිවිධානයකට අනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනුම් දී ඇති බව කතානායක වෛද්‍ය ජගත වික්‍රමරත්න මහතා අද (09) පාර්ලිමේන්තුවේදී පැවසීය.

අපේ රටේ බොහෝ වෙලාවට රෝගින් ගේ ජීවිත බේරගන්න වෙන්නේ රෝගියා රෝහලට ගෙනාවාට පසු අඩු ගානේ යුද්ධය පවතින කාලයේ පවා ඒ ස්ථානයට ගිහිල්ලා මූලික ප්‍රතිකාර කලේ නැති බවයි.

විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා ඊයේ ජිනීවා නුවරදී රටට එරෙහිව ඉදිරිපත් වුණු යෝජනා පිළිනොගැනීම සම්බන්ධයෙන් ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටු ලේකම් යසස් ධර්මදාස මහතා අප වෙත අදහස් දක්වමින්, "ඊයේ විදේශ ඇමති විජිත හේරත් මහතා ජිනීවා මලපුඩුවට පය නොතැබීම පිළිබඳව ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ සතුට ප්‍රකාශ කරන්නෙමු.

මූලික සාකච්ඡා වලදී එකඟතාවයට පැමිණි ආකාරයට සමගි ජන බලවේගය සහ විපක්ෂයේ අනෙකුත් දේශපාලන පක්ෂ සමග අඛණ්ඩව ඉදිරියටත් කටයුතු කරගෙන යාමට එක්සත් ජාතික පක්ෂය තීරණයකට එළඹ සිටී.

රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50,000ක පමණ ප්‍රමාණයක් මිද්දෙණිය, තලාව, කාරියමඩිත්ත ප්‍රදේශයේ ඉඩමක වළදැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී පියල් සේනාධීර මහතා අත්අඩංගුවට ගෙන තොබේ.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා, අගමැතිනි හරිනි අමරසූරිය මහත්මිය ධුරයෙන් ඉවත් කරනු ඇති බවට පැතිර යන කට කතා ප්‍රතික්ෂේප කරන බව අවධාරණය කළේය.


ප්‍රධාන පුවත්

කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.

අගෝස්තු මස 13 වනදාට යෙදෙන කියුබානු විප්ලවයේ නායක ෆිදෙල් කස්ත්‍රෝ රුස්ගේ 100 වැනි ජන්ම සංවත්සරයට සමගාමීව, ඔහුගේ චින්තනය, දේශපාලන දර්ශනය සහ උරුමය පිළිබඳ අවධානය යොමු කරන පළමු ජාත්‍යන්තර සමුළුව වන “ෆිදෙල්: උරුමය සහ අනාගතය” පසුගිය 10 වනදා කියුබාවේදී ආරම්භ විය.

LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය

වත්මන් රජය විසින් ක්‍රියාත්මක කිරීමට සැරසෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ දුෂ්කර පාසල්වල වැඩබලන විදුහල්පතිවරුන්ගේ දීමනා කපා හැරීමට ගෙන ඇති තීරණයට එරෙහිව ජාතික ගුරු ව්‍යාපාරය සිය දැඩි විරෝධය පළ කර සිටියි. බත්තරමුල්ල ජාතික නිදහස් පෙරමුණු කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් සඳුන් බණ්ඩාර බෝදරගම මහතා මේ බව සදහන් කළේය.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊයේ(12) දින සිසුකළ සාකච්ඡාවෙන් පසුව අන්තර්ජාල නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකදී නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය මහතා පවසන්නේ, මෙම විශ්‍රම වයස දීර්ඝ කිරීම සම්බන්ධ ප්‍රශ්නය ඇත්තේ එක තැනක බවත් එහෙත් පිළිතුර ඇත්තේ තවත් තැනක බවත් ය.

කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..

කුච්චවේලි පිච්චමල් විහාරස්ථානයේ පිහිටි වසර 2300 කට වඩා පැරණි ඓතිහාසික බෞද්ධ නටඹුන් සහිත පූජනීය භූමිය විනාශ වීමේ අනතුරකට මුහුණ පා ඇති බව වාර්තා වේ.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..

යෝජිත සංශෝධනය මඟින් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතල බලපෑමක් එල්ල වන බවත්, වත්මන් පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා මෙය හදිසි අවශ්‍යතාවක් නොවන බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊයේ (12) ජනපති අනුර කුමාර දිසානායක හමුවී පෙන්වා දී තිබේ.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහාවන යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ, විනිසුරුවරුන්ගේ සහ නීතිඥයින්ගේ ස්වාධීනත්වය පිළිබඳ විශේෂ නියෝජිත මාග්‍රට් සැටර්ත්වයිට් කනස්සල්ල පළකර තිබේ.

ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..

තෛනිකායික මහනාහිමිවරුන් රටේ පාලකයන්ට විවිධ අවස්ථාවන්හි යම් යම් කරුණු කාරණා සම්බන්ධයෙන් අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කොට වාචිකව මෙන්ම ලිඛිතව දැනුම්දීම, අතීතයේ සිට සිදුකළ දෙයක් බව මල්වතු මහනාහිමියන් පවසා තිබේ.

අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව ඉහළ නැංවීම සඳහා කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය සහ ඊට අදාළ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහා නායක හිමිපාණන් වහන්සේලා විසින් විරෝධය පළකරමින් ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපිය මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙයි.

කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්

අරගල සමයේ සිට මේ දක්වා මෙරට හමුදා බුද්ධි අංශවලට මෙන්ම ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට අවලාද, අපහාස, ගැරහුම් සිදුකරමින් ඇති පසුබිමක, මේ වන විට යුද්ධය විජයග්‍රාහී ලෙස අවසන් කළ රණවිරුවන් නොයෙකුත් අභියෝගයන්ට ලක්ව ඇති බව නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times

ඉරානය ආසන්නයේ යුද මෙහෙයුම්වල නිරතව සිටින ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකාවක සිටින නාවිකයන්, දිගුකාලීන මෙහෙයුම් හේතුවෙන් ඇති වූ අධික වෙහෙස සහ බිඳ වැටුණු මානසික තත්ත්වය හේතුවෙන් නෞකාවෙන් මුහුදට පැනීමට උත්සාහ කර ඇති බව, කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ පවුල් උපුටා දක්වමින් අමෙරිකානු මාධ්‍ය කිහිපයක් වාර්තා කර තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.