සමන් බලන්න චන්ද්‍රිකාත් වැලිකඩ එයි..
දැනට රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ සුවදුක් විමසීම සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැගසින් බන්ධනාගාරය වෙත ගොස් තිබේ.
බන්ධනාගාරයෙන් පිටතට පැමිණි පසු මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ඇය සඳහන් කළේ, තමන් සාමාන්‍යයෙන් බන්ධනාගාරවලට නොපැමිණෙන නමුත්, සමන් ඒකනායක මහතා "යහපත් පුද්ගලයෙකු සහ දක්ෂ පරිපාලකයෙකු" වන බැවින් ඔහුව බැලීමට පැමිණි බවයි.
ඇය වැඩිදුරටත් පවසා සිටියේ මෙවැනි අදහසක්.
''මම සාමාන්‍යයෙන් හිර ගෙවල්වලට එන්නේ නැහැ .මම ඇයි අද ආවේ කියන ප්‍රශ්නෙට මම කෙටියෙන් උත්තරයක් දෙන්නම්. විජය කුමාරතුංග මගේ මහත්මයා හිරේ හිටපු කාලේ මම හැමදාම බත් ඇද්දා විජයට. රෑට කෑමවත් ගෙනියන්න දුන්නෙ නෑ අනිත් හිරකරුවන්ට වගේ. දවල්ටයි රෑටයි එකට ගෙනියන්නේ. රෑ කෑමත් පිළුණු වෙලා විසි කරනවා කියනවා. කොහොම හරි ඒක වෙන කතාවක්.
මම ආවේ පළවෙනි වතාවට, ඊට අතරතුර එක සැරයක් ඇවිල්ල තියෙනවා. කෙටියෙන්ම ලොකු විශ්වාසයක් මගේ තියෙනවා රටේ හිටපු ජ්‍යෙෂ්ඨ පාලකයෙක් සහ සාර්ථකව රට පාලනය කරපු කෙනෙක් හැටියට මේ රට ඉදිරියට ගෙන යන්න නම් අපට දක්ෂ අත්දැකීම් තියන රාජ්‍ය සේවයක් අවශ්‍යයි . රජය, කැබිනට් එක රැඳෙන්නේ පරිපාලන සේවය මත. මම හැමදාම පරිපාලන සේවයට කිව්වේ ඔබගේ දේශපාලනය දොරෙන් එළියට තියලා එන්න කියලා. කාර්යාලයට එනකොට කාර්‍යාල කටයුතු ඉටු කරන්න ඕනේ රජයේ ප්‍රතිපත්ති .ගෙදර ගියාට පස්සේ ඕන එකක් කරන්න. ඒක නිසා මම මගේ විරෝධතාවය ප්‍රකාශ කරන්න මේ මම ආවේ. එතුමා බොහොම හොඳ පුද්ගලයෙක් .මම එතුමත් එක්ක බොහොම කිට්ටුවෙන් වැඩ කරලා තියෙනවා පහුගිය කාලවල. දක්ෂ පාලකයෙක් ඒක නිසා මම එතුමා බලන්න ආවා. ''
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..