සීනි සභාපතිනි ඉල්ලා අස්වෙයි.. දේශපාලන බලපෑම්ලු..
ලංකා සීනි සමාගමේ (Lanka Sugar Company (Pvt) Ltd) සභාපතිනිය ලෙස කටයුතු කළ නීතිඥ සඳමාලි චන්ද්‍රසේකර මහත්මිය වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා වෙත ලිපියක් යොමු කරමින් ඇය මෙම ඉල්ලා අස්වීම දැනුම් දී ඇත.
නීති විරෝධී ලෙස කටයුතු කිරීමට ප්‍රාදේශීය දේශපාලනඥයන්ගෙන් එල්ල වූ දැඩි බලපෑම් සහ බලකිරීම් හමුවේ තම රාජකාරිය නිසි ලෙස ඉටු කිරීමට නොහැකි වීම මෙම ඉල්ලා අස්වීමට ප්‍රධාන හේතුව බව ඇය පවසයි.
පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායයක් ලෙස ලංකා සීනි සමාගම රාජ්‍ය ව්‍යවසාය දෙපාර්තමේන්තුවේ දැඩි මූල්‍ය හා පාලන රෙගුලාසි යටතේ ක්‍රියාත්මක වන බව ඇය සඳහන් කරයි.
රජයේ චක්‍රලේඛ, රෙගුලාසි සහ ස්ථාපිත නීතිමය පටිපාටි උල්ලංඝනය වන අයුරින් කටයුතු කරන ලෙස විවිධ පාර්ශ්වයන්ගෙන් ඉල්ලීම් සහ අපේක්ෂාවන් ඉදිරිපත් වූ බව ඇය අනාවරණය කරයි.
නීතියට පටහැනිව කටයුතු කිරීමට සභාපතිනිය ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය එකඟ නොවීම හේතුවෙන් ප්‍රාදේශීය දේශපාලනඥයන් සමඟ නිරන්තර ගැටුම් ඇති වූ බව ලිපියේ සඳහන් වේ.
පවතින තත්ත්වය මත ආයතනයේ යහපත උදෙසා සහ සිය වෘත්තීය ආචාර ධර්මයන්ට අනුකූලව තවදුරටත් සේවය කිරීමට නොහැකි බැවින් ඉල්ලා අස්වීමට තීරණය කළ බව ඇය වැඩිදුරටත් පවසයි.
මෙම රාජ්‍ය ව්‍යවසාය නඟාසිටුවීමට සහ එහි සංවර්ධනයට දායක වීමට අවස්ථාව ලබාදීම පිළිබඳව අමාත්‍යවරයා වෙත සිය ස්තූතිය පිරිනමන බවද සඳමාලි චන්ද්‍රසේකර මහත්මිය සිය ඉල්ලා අස්වීමේ ලිපිය මගින් අවධාරණය කර ඇත.

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..