ත්‍රිකුණාමලය බුදු පිළිමය සිදුවීමට අදාළව භික්ෂුන් වහන්සේලා සහ බෞද්ධ සංවිධාන සාමාජිකයන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීම ගැන මේ වන විට සමාජයේ දැඩි කතාබහක් නිර්මාණය වී ඇති පසුබිමක වෙරළ සංරක්ෂණ පනත සහ නීතිය අත්තනෝමතික ලෙස ක්‍රියාත්මක කිරීමට එරෙහිව මරදාන මාලිගාවත්ත පිහිටි වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව වෙත යුක්තිය ඉල්ලා සංදේශයක් බාර දීම 2026.01.29 අද දින සසුන රැකුමට ගෝලීය සිංහල එකමුතුව සහ තවත් සිවිල් සංවිධාන කිහිපයක මහජන නියෝජිතයන් විසින් සිදුකර තිබේ.
ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ සිදුවෙමින් පවතින සාධනීය වෙනස්කම් කෙරෙහි සිය රටේ අවධානය යොමුවී ඇති බවත් ගොඩනැගෙන නව ආයෝජන අවස්ථා හරහා දෙරට අතර බලශක්ති ක්ෂේත්‍රයේ සබදතා තවදුරටත් වර්ධනය කරගැනීමට අපේක්ෂා කරන බවත් වැඩබලන ඇමරිකානු තානාපතිනී Jayne Howell මහත්මිය බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා හමුවූ අවස්ථාවේදී ප්‍රකාශ කර සිටියාය.
ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සීමා කිරීම පිළිබඳ සාකච්ඡාවල ප්‍රගතියක් ලබා ගැනීමට අසමත් වූ බව වාර්තා වීමෙන් පසු එක්සත් ජනපද රජය ඉරානයට ප්‍රධාන නව ප්‍රහාරයක් සම්බන්ධයෙන් අධ්‍යනය කරමින් සිටින බව වාර්තා වන බැවින්, ඊයේ(29) එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ මැද පෙරදිග පිළිබඳ ඉහළ මට්ටමේ විවාදයකදී එක්සත් ජාතීන්ගේ චීන නියෝජිතයා පැවසුවේ ඕනෑම මිලිටරි වික්‍රමාන්විතයක් කලාපය අනපේක්ෂිත අගාධයකට තල්ලු කරනු ඇති බවයි.
පාර්ලිමේන්තුවේ ඉහළ නිලධාරියෙකුට විරුද්ධව පැමිණිල්ලක් ඉදිරිපත් වන අවස්ථාවේදී ඒ නිලධාරියාට විරුද්ධව ඇති සාක්ෂි සම්පිණ්ඩනය කර ඒ පිළිබඳ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම අනිවාර්යයෙන්ම කළ යුතු වුවත් කතානායකවරයා මෙතනදී එම නීති සම්ප්‍රදාය කඩ කර ඇතැයි හිටපු සභානායක සහ හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා චෝදනා කළේය.
ප්‍රධාන පුවත්
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි