News Category
From Date
To Date
Maximum Number of Result

ශ්‍රී ලංකාවේ වසර සියයකට වඩා පැරණි මානසික සෞඛ්‍ය පනත (Mental Health Act) යාවත්කාලීන කර, නූතන අවශ්‍යතාවලට ගැලපෙන නව පනතක් කඩිනමින් හඳුන්වා දීමට පියවර ගන්නා බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි පවසයි.

මුළු ලෝකයම කැළඹූ එප්ස්ටයින් ලිපිගොනු මගින් හෙළිවන ලෝක මට්ටමේ උපාය මාර්ග පිළිබඳ අඳුරු තොරතුරු රැසක් අතරින් නවතම අනාවරණය වන්නේ කොරෝනා වසංගතයට වසර 3කට පෙර සැලසුම් කරන ලද වසංගත වික්‍රියාවක් පිළිබඳ සැලසුමක් පිළිබඳවයි.

යෝජිත ගෙවල්කුළි පනත ඒ ආකාරයෙන් සම්මත කළහොත් රටේ නීතිය මුළුමනින්ම විකෘති වී නීතිය පිළිබඳ ජනතා විශ්වාසය බිඳ වැටෙන බවට හිටපු අධිකරණ ඇමති, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජේදාස රාජපක්ෂ අනතුරු අඟවයි.

ගුරුවරුන් 10ට අඩු රජයේ පාසල් 3,000කට අධික සංඛ්‍යාවක් දිවයින පුරා පවතින බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

මහ අශෝක නම සඳහන් සෙල්ලිපියක් සහිත ලෙනක් සම්බන්ධ වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන අතර, එම අක්ෂර මේ වන විට මැකීයාමේ අවධානමක් මතුව ඇති බවත් මෙම වීඩියෝවෙන් හෙළිදරව් කරයි.

රට බෙදීමට කිසිසේත්ම ඉඩ නොතබන බවත්, විවිධ ක්‍රම මගින් මෙරට දරුවන්ගේ හැදුනුකම, සිරිත් විරිත්, චාරිත්‍ර, ධර්මතා ඉවත්කර ඔවුන් හිපියන් බවට පත්කිරීමට සැලසුම් ක්‍රියාත්මක වන බවත් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ පවසති.

රටේ බෙදීම ආරම්භ වූයේ මෙරට අධ්‍යාපනය තුළින් බවත්, රටේ එකට සිටිය යුතු අනාගත පරපුර එකිනෙකට වෙනස් අධ්‍යාපන ක්‍රම හැදැරීම තුලින් අනාගතයේ ඔවුන් රටේ පුරවැසියන් ලෙස කටයුතු කිරීමේදී බෙදීම් ඇතිවීම වැලක්විය නොහැකි බවත් මහජන යුතුකම් කේන්ද්‍රය පවසයි.

ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම මෙහෙයවීමේ වගකීම මඩකලපුව දිස්ත්‍රික්කය නියෝජනය කරන ෂානක්කියන් රාසමාණික්කම් මන්ත්‍රීවරයා වෙත පවරා තිබේ.

ශ්‍රී ලංකාව නිදහස ලබා වසර 78ක් ගතවී ඇතත්, එදා අප දුටු සැබෑ නිදහස පිළිබඳ සිහිනය සම්පූර්ණ කර ගැනීමට මෙතෙක් අප අසමත්ව සිටින බව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ පවසති. නිදහස් දින සැමරුම් දේවමෙහෙයකට එක්වෙමින් උන්වහන්සේ මේ බව අවධාරණය කළහ.


ප්‍රධාන පුවත්

ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times

ඉරානය ආසන්නයේ යුද මෙහෙයුම්වල නිරතව සිටින ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකාවක සිටින නාවිකයන්, දිගුකාලීන මෙහෙයුම් හේතුවෙන් ඇති වූ අධික වෙහෙස සහ බිඳ වැටුණු මානසික තත්ත්වය හේතුවෙන් නෞකාවෙන් මුහුදට පැනීමට උත්සාහ කර ඇති බව, කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ පවුල් උපුටා දක්වමින් අමෙරිකානු මාධ්‍ය කිහිපයක් වාර්තා කර තිබේ.

ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..

පසුගිය කාලය තුළ ආයෝජන මණ්ඩලය (BOI) හරහා පැමිණි සමාගම් සඳහා රුපියල් බිලියන 276ක බදු සහනයක් ලබා දී ඇති බව Daily FT පුවත්පත වාර්තා කර තිබේ. එමෙන්ම, මෙම වසරේ පළමු කාර්තුවේ මාස තුන තුළ පමණක් අදාළ සමාගම්වලින් අය නොකර අතහැර ඇති වැට් බදු ප්‍රමාණය රුපියල් බිලියන 9.58ක් වන අතර, අය නොකර අත්හැර දමා ඇති ආදායම් බදු ප්‍රමාණය රුපියල් බිලියන 20ක් පමණ වේ.

රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..

මෙරට ඇතිවූ "ඊනියා අරගලය" තුළ රනිල් වික්‍රමසිංහ මහතා ස්ථානගත වූ ආකාරය පිළිබඳව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා අදහස් දක්වා තිබේ.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සහ ඊට අදාළ ව්‍යවස්ථාපිත පසුබිම පිළිබඳව නීතිඥ කණිෂ්ක විතාරණ මහතා සිය අදහස් පළ කර තිබේ.

විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර

විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාර නිලධාරීන් ලෙස බඳවා ගැනීමට ආණ්ඩුව තීරණය කර ඇත්තේ සිය මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණින් බව ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි.

චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ චීන මහජන සමූහාණ්ඩුවේ අභිනව අතිවිශේෂ හා පූර්ණ බලතල සහිත තානාපතිවරයා ලෙස පත් කර ඇති ගරු වෙයි හුවාෂියං මහතා සිය ධුරයේ රාජකාරි භාර ගැනීම සඳහා අද(11) ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත විය.

දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ

මෙරට ප්‍රජාතන්ත්‍රවාදී රාමුව සීඝ්‍රයෙන් බිඳවැටෙමින් පැවතීම පිළිබඳව "දිනන දකුණ" සාමූහිකය සමස්ත ශ්‍රී ලාංකික ජනතාව වෙත සිය දැඩි කනස්සල්ල පළ කර සිටි.

චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM

මෙක්සිකෝව සහ ඇමරිකා එක්සත් ජනපදය වෙතින් ආනයනය කරන පිකාන් (Carya illinoensis) සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු ආරක්ෂිත තැන්පතු ලෙස පැනවීමට චීනය සඳුදා(10) තීරණය කළේය.

විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි

විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම රටේ කාලීන අවශ්‍යතාවයක් නොවන අතර තමන්ව බලයට පත්කළ රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න සියල්ල අමතක කරමින් වත්මන් රජය විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම එකම ගැටළුව බවට පත්කර ගැනීම හාස්‍යට කරුණක් යැයි අමරපුර ශ්‍රී සද්ධම්මවංශ මහනිකායේ අනුනායක දේශප්‍රේමී භික්ෂූ පෙරමුණේ මහලේකම් පූජ්‍ය බෙංගමුවේ නාලක නාහිමිපාණන් වහන්සේ කැලණිය පට්ටිය හන්දිය ධර්මායතනයේදී 07දා පැවති මාධ්‍ය හමුවක් අමතමින් පැවසූහ.

රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..

රුසියාවේ තටාර්ස්තාන් ප්‍රදේශයේ තෙල් පිරිපහදුවක් පිහිටා ඇති නිශ්නෙකාම්ස්ක් නගරයේ කාර්මික සහ සිවිල් ඉලක්ක වෙත යුක්රේනය එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් 39 දෙනෙකු තුවාල ලබා ඇති බව එම නගරයේ නගරාධිපති රද්මීර් බෙලියාව් පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.