News Category
From Date
To Date
Maximum Number of Result

ජාතික ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ටී. කේ. ජයසුන්දර මහතා ගමන්ගත් කැබ් රථය ත්‍රිරෝද රථයක ගැටී අනතුරක් සිදුව තිබේ.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනත ඉවත් කිරීම සඳහා වන පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබේ.

ආණ්ඩුවට හිතවත් ප්‍රබල ව්‍යාපාරිකයකුට අයත් මහා සමාගමක් විසින් ආණ්ඩුව විසින් වාහන ආනයනය අධෛර්යමත් කිරීම සඳහා 50%ක අධිභාරය පැනවීමට පෙර වාහන ආනයනය සඳහා ඩොලර් මිලියන 20ක ණයවර ලිපි බැංකු මගින් ලබාගෙන ඇති බව වාර්තා වේ.

නම් සඳහන් නොකළ නිලධාරීන් උපුටා දක්වමින් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත පල කළ වාර්තාවකට අනුව, එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එලබෙන සතියේ මුලදී ඉරානයට නව ප්‍රහාර එල්ල කිරීමට සූදානම් වෙමින් සිටී.

සිය සාධාරණ ඉල්ලීම්වලට කඩිනම් විසඳුමක් නොලැබෙන්නේ නම් ඉදිරියේදී කොළඹට පැමිණ දැවැන්ත විරෝධතාවල නිරත වන බව ගොවීහු ආණ්ඩුවට අනතුරු අඟවති.

පසුගිය පැය 24 තුළ ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායල හමුදා මධ්‍යස්ථාන සහ ස්ථාන මෙහෙයුම් 19 ක් විනාශ කර ඇති බව විදෙස් ප්‍රවෘත්ති සේවා ආයතන පවසයි.

විදුලි ගාස්තු සියයට 25කින් පමණ ඉහළ යාම හේතුවෙන් නිෂ්පාදන පිරිවැය අධික ලෙස වැඩි වී ඇති නිසා 2026 වසරේදී ඇඟලුම් අපනයනයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 5ක ආදායම් ඉලක්කයක් සපුරා ගැනීමට නොහැකි වනු ඇතැයි ඒකාබද්ධ ඇඟලු‍ම් සංගම් සංසදය පවසයි.

මැදවච්චිය විවිධ සේවා සමූපකාර සමිතියේ සභිකයින් පත්කිරීමේ ඡන්දයෙන් සමගි ජන බලවේගය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය සභික ධුර 66 ක් ලබා ගනිමින් ජයග්‍රහණය කර තිබේ.

විදේශ මුදල් හුවමාරු ප්‍රේෂණ පද්ධතියක ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ගනුදෙනුකරුවන් පිරිසකට නියමිත ප්‍රමාණයට වඩා ඉහළ මුදලක් ගෙවීමේ සිදුවීමක් සම්බන්ධයෙන් මහජන බැංකුව (People's Bank) නිල මාධ්‍ය ප්‍රකාශනයක් නිකුත් කරමින් කරුණු පැහැදිලි කර තිබේ.


ප්‍රධාන පුවත්

රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..

රුසියාවේ තටාර්ස්තාන් ප්‍රදේශයේ තෙල් පිරිපහදුවක් පිහිටා ඇති නිශ්නෙකාම්ස්ක් නගරයේ කාර්මික සහ සිවිල් ඉලක්ක වෙත යුක්රේනය එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් 39 දෙනෙකු තුවාල ලබා ඇති බව එම නගරයේ නගරාධිපති රද්මීර් බෙලියාව් පවසයි.

NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..

කෘෂිකර්ම, පශු සම්පත්, භූමිය සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා වෙත විශේෂ විවෘත ආයාචනයක් යොමු කරමින්, ජාතික මෘග සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමට ගෙන ඇති යෝජනාව වහාම නැවත සමාලෝචනය කරන ලෙස 'කෘෂි අරගල ව්‍යාපාරය' ඉල්ලා සිටියි.

"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්

ඉරානය සමග පවතින දීර්ඝකාලීන යුධමය තත්ත්වය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ අතිනවීන ගුවන් ආරක්ෂක සහ ප්‍රහාරක මිසයිල තොග දැඩි ලෙස ක්ෂය වී ඇති බැවින්, මෙම යුද්ධය වහාම අවසන් කළ යුතු බව ප්‍රකට ජාත්‍යන්තර සබඳතා පිළිබඳ විශාරද මහාචාර්ය ජෝන් මියර්ෂයිමර් (John Mearsheimer) අවධාරණය කරයි.

බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්

විහාරගම් හා දේවාලගම් පනත වෙනස් කරමින්, එම ඉඩම්වල පදිංචිකරුවන් විහාරස්ථානවලට එරෙහිව නඩු මඟට යොමු කිරීමට බුද්ධශාසන අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා උත්සාහ කරන බවට මතුගම සෙනෙවිරුවන් මහතා චෝදනා කරයි.

ට්‍රම්ප්ගේ සාම සැලැසුම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි..

ගාසා තීරයේ පවතින අර්බුදය විසඳීම සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරිපත් කළ කරුණු 15කින් සමන්විත සාම සැලැස්ම ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ආසියානු අපරාධ කල්ලිවල නව පාරාදීසය ශ්‍රී ලංකාව ද?..

පිලිපීනය සහ කාම්බෝජය වැනි රටවලින් පලවා හරින ලද ආසියානු පාතාල කල්ලි සහ නීති විරෝධී අන්තර්ජාල සූදු ජාවාරම්කරුවන්ගේ ප්‍රධාන නවාතැනක් බවට ශ්‍රී ලංකාව, විශේෂයෙන්ම කොළඹ වරාය නගරය පත්වෙමින් පවතින බව 'The Island' පුවත්පත මගින් අනාවරණය කර ඇත.

ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින නිදහස් වෙළඳ ගිවිසුම වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි යාවත්කාලීන කිරීම සඳහා දෙරටේම නියෝජිතයන්ගෙන් සමන්විත ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවීමට එකඟතාව පළ වී තිබේ.

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම ගන්නා වයස සහ ධුර කාලය වෙනස් කිරීම සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තු අනුමැතියෙන් පමණක් සිදු කළ නොහැකි බවත්, ඒ සඳහා ජනමත විචාරණයක් පවත්වා මහජන අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය වන බවත් හෙළි වී තිබේ.

NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් අක්කර දහස් ගණනක භූමි ප්‍රමාණයකින් යුත් ගොවිපළ 32න් 26ක් වසර 30ක කාලයක් සඳහා පෞද්ගලික සමාගම් 7ක් වෙත බදු දීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කෘෂිකාර්මික හා පශු වෛද්‍ය ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයක් සහ විරෝධයක් නිර්මාණය වී තිබේ.

ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ජාතික ජන බලෙව්ගයට ලැබී ඇත්තේ අතීතයේ ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබූ වටිනාකම බවත්, මේ සිදුවෙමින් පවතින ක්‍රියාවලිය දෙස බැලීමෙදී අතීතයේ ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැගීමට උරදුන් පුද්ගලයකු ලෙස තමන් ඉතාමත් කණගාටුවට පත්වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.