සෞදි අරාබියේ බටහිර කලාපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට හදිසි ආරක්ෂිත උපදෙස් මාලාවක්..
සෞදි අරාබියේ බටහිර කලාපයේ මතුවෙමින් පවතින තත්ත්වය හමුවේ එහි වෙසෙන සියලුම ශ්‍රී ලාංකික පුරවැසියන් දැඩි අවධානයෙන් හා විමසිල්ලෙන් පසුවන ලෙස ජෙඩා හි පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙයි.
එම නිවේදනය මගින් පෙන්වා දෙන්නේ ජංගම දුරකථන වෙත හදිසි අනතුරු ඇඟවීමේ සංඥා (National Waing Alerts) ලැබෙන අවස්ථාවලදී වහාම ක්‍රියාත්මක වන පරිදි පහත ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසයි.
ආරක්ෂිත ස්ථාන කරා යොමුවීමේදී ගොඩනැගිලි තුළ රැඳී සිටිමින් ජනේල, වීදුරු, බැල්කනි සහ වහලවල්වලින් ඈත්ව ආරක්ෂිත ස්ථාන තෝරාගන්නා ලෙසයි දැනුම් දෙන්නේ.
එළිමහනේ සිටී නම් වහාම ළඟම ඇති ආරක්ෂිත ගොඩනැගිල්ලකට ඇතුළු වීම හෝ ශක්තිමත් බිත්තියකට මුවා වන්නැයිද උපදෙස් දී තිබේ.
එමෙන්ම ජනතාව ඒකරාශී වන ස්ථානවලට යාමෙන් වළකින්නැයිද රථවාහන පදවමින් සිටින්නේ නම් වාහනය මාර්ගයේ පසෙකට ගෙන නවත්වා පාලම් සහ උස් ගොඩනැගිලිවලින් ඈත්ව සිටින්නැයිද දැනුම් දෙයි.
මේ අතර සිදුවීම් ඡායාරූපගත කිරීම, වීඩියෝ කිරීම, සමාජ මාධ්‍ය වෙත එක්කිරීම හෝ අදහස් දැක්වීමෙන් වළකින ලෙසත්, සෞදි අරාබියේ නීති රෙගුලාසි දැඩි ලෙස පිළිපදින ලෙස සඳහන් කරයි.
එමෙන්ම තහවුරු නොකළ තොරතුරු ප්‍රචාරය නොකර බලධාරීන්ගේ නිල නිවේදන මත පමණක් විශ්වාසය තබන ලෙසද උපදෙස් දෙයි.
මේ අතර හදිසි අවස්ථා සඳහා ඇමතුම් අංක වශයෙන්,
මක්කා සහ මදීනා කලාප සඳහා: 911
රාජධානියේ අනෙකුත් ප්‍රදේශ සඳහා: 998 දක්වා තිබේ.
ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේ හදිසි සම්බන්ධතා අංකය: 056 098 6671 වන අතර එය හදිසි අවස්ථා සඳහා පමණක් භාවිතා කරන ලෙසයි දැනුම් දෙන්නේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..