News Category
From Date
To Date
Maximum Number of Result

පාස්කු ප්‍රහාරයට යුද හමුදා බුද්ධි අංශය චේතනාන්විතවම සම්බන්ධයි..- දිලීප පීරිස් අධිකරණයේදී කියයි

Sep 16, 2026 at 04:58 AM
|

2019 වසරේ එල්ල වූ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිටුපස යුද හමුදා බුද්ධි අංශයේ ඇතැම් පාර්ශ්වයන්ගේ සවිඥානික සහාය සහ මහා කුමන්ත්‍රණකාරී පසුබිමක් පැවති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අනාවරණය කළේය.

මේ අතර සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් වූ වෛද්‍ය වාර්තා මෙතෙක් අධිකරණයට ඉදිරිපත් නොකිරීම පිළිබඳ හේතු දක්වමින්, සැප්තැම්බර් 22 වැනිදා අධිකරණය හමුවේ පෙනීසිට එම වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෙත නොතීසි ද නිකුත් කෙරිණි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට එරෙහි නඩුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී ඊයේ යළි කැඳවිය.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර මහතා ඇතුළු පැමිණිල්ල වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කරුණු දැක්වීය.

"ස්වාමිනි, මේ තුන්වැනි සැකකාර සුරේෂ් සලේ ජුනි 07 වැනිදා ඉඳලා අදට දින 100ක් වෙනවා, ඔහු වෛද්‍ය විවේක ගනිමින් ඉන්නවා. ඔහු මෙසේ කරන්නේ, එකක් විමර්ශන අඩපණ කරන්න, අනෙක ඔහුගේ හාම්පුතුන් ආරක්ෂා කරන්න. "

මෙහිදි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පෙර දිනයේ අධිකරණය විසින් ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාගෙන් ඉල්ලා යවන ලද සැකකාර සුරේෂ් සලේගේ වත්මන් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වාර්තා මේ වනවිට අධිකරණයට ලැබී ඇත්දැයි විමසා සිටි අතර ඊට පිළිතුරු දෙමින් කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා එම වෛද්‍ය වාර්තා තවමත් ලැබී නොමැති බව සඳහන් කළේය.

එහිදී සැකකාර සුරේෂ් සලේ වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ ශවින්ද්‍ර ප්‍රනාන්දු මහතා විමසා සිටියේ සිය සේවාදායකයාගේ මානසික තත්ත්වය සහ වධහිංසාවට ලක්ව ඇත්දැයි සොයා බැලීමට පත්කළ පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය මණ්ඩලයේ වාර්තාව අධිකරණයට ලැබී ඇත්ද යන්නය.

ඊට මහේස්ත්‍රාත්වරයා මෙසේ පිළිතුරු දුන්නා.

"නැහැ. එම වෛද්‍ය කමිටුව සිය වාර්තාවට අවශ්‍ය යම් තොරතුරු කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාගෙන් ඉල්ලා තිබෙනවා. නමුත් ඔහු සඳහන් කර තිබෙනවා අධිකරණ නියෝග ප්‍රකාරව තොරතුරු ඉල්ලන්න කියලා. ඒ අනුව ඊට අදාළ නියෝග නිකුත් කළත්, තවමත් එම වාර්තා ලැබී නැහැ."

මෙහිදී අතිරේක සොලිසිටර් ජනරාල්වරයා යළි අධිකරණයේ කරුණු දැක්වූවා.

"ස්වාමිනි, මොකක්ද ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාට එම වාර්තා නිකුත් කිරීමට තිබෙන දුෂ්කරතාවය ? මෙතන පැහැදිලිව වෛද්‍ය කුමන්ත්‍රණයක් තිබෙනවා. මේ තුන්වැනි සැකකාර සලේට හෘද ස්පන්දනය විධිමත් කිරීමේ යන්ත්‍රයක් දාලා තියෙනවා විතරයි. ඒක මේ ලොකු සැත්කමක් නොවේ. ඊට අමතරව දැනට ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ සිටින ඔහු කන් සුද්ද කරනවා, ඇස් හදනවා, දත් හදනවා. නීතිඥවරු, ඥාතීන් ඔහුව හොඳහැටි බලන්න යනවා. මේ පුද්ගලයා ජාතික රෝහල තනිකරම විවේකාගාරයක් කරගෙන. ඉතිං ස්වාමිනි සැකකරුගේ සෞඛ්‍ය තත්ත්වය ගැන සවිස්තරාත්මක වාර්තාවක් එක්ක අධිකරණයේ පෙනී සිටින්න කියලා ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාට කෙටි දිනයක් නියම කරන්න කියලා මා අධිකරණයෙන් ඉල්ලා සිටිනවා. "

අනතුරුව අතිරේක සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුර විමර්ශන සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක කරුණු රැසක් විවෘත අධිකරණය හමුවේ අනාවරණ කළා.

"ස්වාමිනි, යුද හමුදා බුද්ධි අංශය පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදුවන බවට පූර්ව දැනුවත්වීමක් සහිතව චේතනාන්විතව එය වීමට ඉඩහැරිය බවට කරුණු රැසක් අනාවරණය වී තිබෙනවා. ස්වාමිනි, යුධ හමුදා බුද්ධි අංශයට අයත් පළමු සන්නද්ධ බුද්ධි බලකාය තියෙනවා වව්නියාවේ. ඊට තොරතුරු සපයපු කම්බියන් තවලන් නැමැත්තෙක්ගෙන් අපි මේ වෙද්දි ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. ඔහුට ඉන්දියාවේ රහස් ඔත්තු සේවා එක්ක සම්බන්ධතා තිබී තිබෙනවා. මේ තොරතුරුකරු 2014 වර්ෂයේ ඉඳලාම ප්‍රහාරයට අදාළ අන්තවාදීන් ගැන යුද්ධ හමුදාවට තොරතුරු දී තිබෙනවා. පාස්කු ප්‍රහාරයට දින කිහිපයකට පෙරත් නිෂ්චිත දැනුම්දීමක් කරලා තිබෙනවා. නමුත් යුද්ධ හමුදා බුද්ධි ඒකකය මේ පිළිබඳ සම්පූර්ණයෙන් නිහඬව ඉඳලා. ප්‍රහාරයට පෙරදිනත් තොරතුරුකරු මේ ගැන කියනවා. නමුත් බුද්ධි අංශය ඒවා අනෙකුත් ආරක්ෂක අංශ සමඟ සන්නිවේදනය කරන්නේ නැහැ.

" ස්වාමිනි, සහරාන්ව ආරක්ෂා කරලා ඒ හරහා ප්‍රහාරයේ සැබෑ වගකිවයුත්තන් ආරක්ෂා කරන්න යුධ හමුදා බුද්ධි අංශයේ සංවිධානාත්මක පිරිසක් දැඩි අවශ්‍යතාවයකින් කටයුතු කර තිබෙනවා. ඒ නිසයි වව්නතිව් පොලිස් නිලධාරීන් ඝාතනය පිළිබඳ විමර්ශන නොමඟ යැව්වේ. මුලින් වව්නතිව් ප්‍රහාරය හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙක් කළ බව යුද්ධ හමුදා බුද්ධි අංශය කියා තිබුණත්, ප්‍රහාරයට පෙර අප්‍රේල් 12 වැනිදා ගිරිතලේ බුද්ධි කඳවුර භාරව හිටපු කර්නල් මද්දුමගේ එය කළේ සහරාන් කියලා ලිඛිතව දැනුම් දී තිබෙනවා. යුද්ධ හමුදා බුද්ධි අංශයේ මේ තොරතුරු සඟවපු සියලු දෙනාම සුරේෂ් සලේගේ ගෝලයෝ."

"ස්වාමිනි, මේ ප්‍රහාරකයන්ට ආධාර අනුබලදුන් තවත් දෙදෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් තමයි පාස්කු ප්‍රහාරයට අදාළව නම කියවුණු රිෂාඩ් බදියුදීන්. ඔහු තමයි දේශපාලන රැකවරණය දෙන්නේ. ඒ වගේම අනිත් තැනැත්තා තමයි මන්නාරමේ ව්‍යාපාරිකයෙක් වන අලව්දීන් නැමැත්තා. ඔහු සහරාන් සමඟ ෂැන්ග්‍රීලා බෝම්බය පුපුරුවාගත් ඉන්ෂාෆ් අහමඩ්ගේ මාමණ්ඩිය. ඔහුගේ දියණිය සමඟ තමයි ත්‍රස්තවාදීයා විවාහ වෙලා හිටියේ. මේ අලව්දීන් නැමැති ව්‍යාපාරිකයාට අයත් Speed Boat යොදාගෙන ප්‍රහාරයට පෙර අවස්ථා කිහිපයකදී සහරාන්ලා ඉන්දියාවට ගිහින් තියෙනවා.

ඒ වගේම ත්‍රස්ත ප්‍රහාරක ඉන්ෂාෆ් සමඟ විවාහ වී සිටී අලව්දීන්ගේ දියණිය ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු රැඳවුම් නියෝග මත සිටියදී, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති සමයේ නිදහස් කරලා තියෙනවා. මොකද ඊට හේතුව තමයි ගෝඨාභය රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරයට ආධාර කරලා තියෙන්නේ ඔය කියන අලව්දීන්.

ඒ අනුව මේ සියලු කුමන්ත්‍රණ වහන්නයි ප්‍රහාරයෙන් පසු සලේව රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ කළේ. සලේ ඇතුළු දේශපාලන රැකවරණය දෙන අය ප්‍රධාන කුමන්ත්‍රණකරුවන් සැඟවූ බව අපි නොවෙයි කලින්ම කිව්වේ. වත්මන් විපක්ෂ නායක ඇතුළු මන්ත්‍රීවරු ව්‍යවස්ථාදායකයේදීයි ඒ ගැන කලින්ම කිව්වේ. ඔවුන් සියලුදෙනාගෙන් අපි ඉදිරියේදී ප්‍රකාශ සටහන් කරගන්නවා.''

'' ඒවගේම, එවකට රාජ්‍ය බුද්ධි සේවයේ අන්තවාදී අංශයේ පොලිස් පරීක්ෂක රංජන් සෙනරත් බණ්ඩාර පාස්කු ප්‍රහාරයට පෙර අන්තවාදීන් 94 දෙනෙකුගේ නම් ඇතුළත් ලේඛනයක් එවකට රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධනට යවා තිබෙනවා. එහි ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ සහරාන්, රිල්වාන් වගේ දැනට මහාධිකරණ නඩුවේ ඉන්න සැකකරුවන්ගේ නම් තියෙනවා. පසුව නිලන්ත ජයවර්ධන උපදෙස් දී තිබෙනවා ඒ පිළිබඳ වැඩිදුර සොයාබලන්න කියලා. ඒ අනුව එම අංශයේ පොලිස් පරීක්ෂක රංජන් සෙනරත් බණ්ඩාර සහරාන්ගේ සහෝදරයින් වන ශෙයිනි හා රිල්වාන්ව හමුවෙන්න ගිහින් Chat එකක් දාලා, සතුටු සාමිච්චියේ යෙදිලා ඇවිල්ලා. ඔවුන්ව එම අවස්ථාවේ අත්අඩංගුවට ගත්තානම් පාස්කු ප්‍රහාරය සිදුවන්නේ නැහැ. ඒ නිසා යුද්ධ හමුදා බුද්ධි අංශය වගේම රාජ්‍ය බුද්ධි සේවයේ කණ්ඩායමකුත් ප්‍රහාරය පිළිබඳ දැනගෙන තොරතුරු වසන් කළ බව පැහැදිලියි.

ඊළඟට ස්වාමිනි පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට පස්සේ අප්‍රෙල් 27 වැනිදා සයින්දමරුදුවලදී ත්‍රස්තවාදීන්ගේ සමීපතමයින් 16ක් මියගියා. ඔවුන් ඔක්කෝම මරාගෙන මැරුණේ නැහැ. පැහැදිලිව කිහිපදෙනෙක් හෝ අත්අඩංගුවට ගන්න තිබුණා. නමුත් එම අවස්ථාවේ සයින්දමරුදු ප්‍රදේශය භාරව සිටියේ යුද්ධ හමුදාව. ඒ අනුව යුද්ධ හමුදාවේ යම් පිරිසක් ඉතාම සංවිධානාත්මකව සත්‍ය තොරතුරු අනාවරණය වීම වැළැක්වීමට 16 දෙනෙක්වම සමූල ඝාතනය කළාදැයි සොයන්න විමර්ශන කරනවා.''

මෙහිදී මහේස්ත්‍රාත්වරයා අතිරේක සොලිසිටර් ජනරාල්වරයාගෙන් ප්‍රශ්න කළේ අදාළ නම් සඳහන් බුද්ධි නිලධාරීන්ට එරෙහිව සාක්ෂි ඇත්නම් මෙතෙක් අත්අඩංගුවට නොගත්තේ මන්ද යන්නය.

ඊට පිළිතුරු දුන් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා "ගිරිතලේ කඳවුර භාරව සිටී කර්නල් මද්දුමගේ අත්අඩංගුවට ගැනීමට එරෙහිව රිට් පෙත්සමක් දමා තිබෙනවා. අධිකරණයට ගරු කිරීමක් ලෙසයි ඔහුව අත්අඩංගුවට නොගන්නේ. නඩුව අවසන් වූ වහාම කුදලාගෙන ඇවිල්ලා කූඩුවට නග්ගනවා" යැයි පැවසුවා.

අනතුරුව සැකකාර රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේස් සලේ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශවින්ද්‍ර ප්‍රනාන්දු මහතා අධිකරණයට කරුණු දැක්වුවා.

"ස්වාමිනි, උගත් අතිරේක සොලිසිටර් ජනරාල්තුමා  ගොඩාක් අය ගැන කතා කියලා අන්තිමට ඒ ඔක්කෝම මගේ සේවාදායක සුරේෂ් සලේගේ ගෝලයෝ කිව්වා. බී වාර්තාවලට ඕන පචයක් දාන්න පුළුවන් ස්වාමිනි. නමුත් ඒවා සාක්ෂි නොවේ. ඒ නිසා ඒවාට පිළිතුරු දෙන්න මම මේ අවස්ථාවේ උත්සාහ කරන්නේ නැහැ. ඊළඟට, මම නීතිඥවරයෙක් මිසක් වෛද්‍යවරයෙක් නොවේ. නමුත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි අපේ උගත් ජනාධිපති නීතිඥතුමාට තරම් වෛද්‍ය දැනුමක් වෙන කාටවත් නැහැ. මම නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු කරන සමයේවත් මට එහෙම දැනුමක් තිබ්බේ නැහැ. මම B වාර්තාවලින් පච කියලත් නැහැ. ඒ නිසා අධිකරණය විධිමත් ක්‍රියාදාමයන් යටතේ මගේ සේවාදායකයා සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තා කැඳවන්න කියා මා ඉල්ලා සිටිනවා.''

ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා සැකකාර සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් වූ වෛද්‍ය වාර්තා මෙතෙක් අධිකරණයට ඉදිරිපත් නොකිරීම පිළිබඳ හේතු දක්වමින්, එම වෛද්‍ය වාර්තා ඉදිරි දිනයේ අධිකරණය හමුවේ පෙනීසිට ඉදිරිපත් කරන ලෙස ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාට නොතීසි නිකුත් කළේය.

නීති කෘත්‍යය යළි සැප්තැම්බර් 22 වනදා කැඳවීමට නියමිතය.

මූලාශ්‍රය - අද දෙරණ

සම්බන්ධිත පුවත් | Related News

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවනීදම් පිල්ලේ 2026 වසරේ නොබෙල් සාම ත්‍යාගයෙන් අද (9) පිදුම් ලැබීය.
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව අද (09) පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය වෙත භාර දී තිබේ.
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට, අභියාචනාධිකරණය දුන් නියෝගයට එරෙහිව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
මෑතකදී ආනයනය කරන ලද ප්‍රමිතියෙන් තොර බාල ගල්අඟුරු හේතුවෙන් රටට රුපියල් බිලියන 15.765 ක මුළු මූල්‍ය අලාභයක් සිදුව ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.
මොරටුව හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු තිලිණ ගමගේ මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.
අතුරුගිරිය නගරයේ 170 බස් නැවතුම්පොළ ඉදිරිපිටදී මෙට්‍රෝ වර්ගයේ බස් රථයක ගැටුණු පුද්ගලික බස් රථයට තාවකාලික ධාවන තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
මාගම්පුර වරාය පරිශ්‍රය ආශ්‍රිත ප්‍රදේශය පිරිසිදු කර ගැනීම සඳහා එහි ගොඩගසා තිබූ කළුගල් තොගයක් මාලදිවයින වෙත අපනයනය කිරීමට 2024 වසරේදී පෞද්ගලික සමාගමකට එක්වරක් පමණක් වලංගු වන විශේෂ බලපත්‍රයක් නිකුත් කර තිබූ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයන් අතර විශේෂ හමුවක් අද (09) පෙරවරුවේ පවත්වා තිබේ.
බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ප්‍රධාන පුවත්

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.