News Category
From Date
To Date
Maximum Number of Result

ජපානයේ දකුණු දිග කුමමොටෝ (Kumamoto) ප්‍රාන්තයට බලපෑ රික්ටර් මාපකයේ 6.8ක ප්‍රබලතාවයෙන් යුතු භූමිකම්පාව හේතුවෙන් පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් ඇති බව ජපාන අගමැතිනි සනාඒ ටකායිචි තහවුරු කරයි.

විවෘත මූලාශ්‍ර පරිශීලනය කරන විශ්ලේෂකයින් චන්ද්‍රිකා ඡායාරූප සමාලෝචනය කරමින් සහ වෝල් ස්ට්‍රීට් ජර්නලය උපුටා දක්වමින් අදහස් දැක්වූ පර්සියානු ගල්ෆ් නිලධාරියෙකුට අනුව, සෞදි අරාබියේ විශාලතම බොරතෙල් තෙල් සැකසුම් මධ්‍යස්ථානයකට සඳුදා(27) ඩ්‍රෝන ප්‍රහාරයකින් හානි සිදුවී තිබේ.

රජයේ අනුබද්ධ සෞඛ්‍ය උපාධිධාරීන් බඳවා ගැනීමේ ප්‍රතිපත්තිය අහෝසි කරන ලෙස ඉල්ලමින්, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ සහ අනුබද්ධ සෞඛ්‍ය විද්‍යා ශිෂ්‍ය සංගමයේ සාමාජිකයින් ඊයේ (28) කොළඹ සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයක නිරත විය.

මෙවරත් සුපුරුදු ලෙසම කන්කසන්තුරය තිස්ස විහාරය ඉදිරිපිට දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතයන් සහ ආධාරකරුවන් කිහිපදෙනෙකු විරෝධතාවයේ යෙදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.

වගකීම් සහගත රටක් ලෙස සිය භූමිකාව තවදුරටත් ඉටු කරමින්, ගෝලීය සංවර්ධනයේ ප්‍රවර්ධකයෙකු සහ හවුල්කරුවෙකු ලෙස කටයුතු කරන බව චීන විදේශ අමාත්‍ය Wang Yi පවසයි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විශේෂ මහසභා රැස්වීමක් අද (29) කොළඹදී පැවැත්වීමට නියමිතව ඇත.

මැදපෙරදිග පවතින ඇමරිකානු–ඉරාන ගැටුම තවත් උත්සන්න කරමින්, ඉරානය ජෝර්දානයේ පිහිටි එක්සත් ජනපද හමුදා කඳවුරක් ඉලක්ක කර බැලිස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බව ඇමරිකානු නිලධාරීන් ප්‍රකාශ කර ඇත. මෙම ප්‍රහාරය, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාවලට අවස්ථාව ලබාදීම සඳහා දින කිහිපයකට පෙර ප්‍රහාර තාවකාලිකව නතර කළ පසු ඉරානය විසින් සිදු කළ පළමු සෘජු ප්‍රහාරය ලෙස සැලකේ.

මෙරට බෞද්ධ ජනතාවට සුවිශේෂී වූ පොහොය දිනයක් ලෙසින් සැලකෙන ඇසළ පොහෝ දිනය අදට යෙදී තිබේ.

ජනාධිපති වෙනුවෙන් වෙන් කළ ජනාධිපති මන්දිරවල වෙනත් පුද්ගලයන් භාවිත කිරීම හරහා සාවද්‍ය මුදල් පරිහරණයක් සිදුවී තිබෙන බවත් ඊට අමතරව එමගින් පැලවත්තේ කණ්ඩායම් ජනාධිපති මන්දිර භාවිත කර තිබෙන බවට හෙළි වන බවත් සමගි ජන බලවේග ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පැවසීය.


ප්‍රධාන පුවත්

කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..

කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.

''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.

සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..

සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.

විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.

වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්

රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලන සංදර්භය හේතුවෙන් පොදු ජනතාව පමණක් නොව නාට්‍යකරුවන් පවා දැඩි අපේක්ෂාභංගත්වයකට පත්ව සිටින බව රාජ්‍ය සම්මානලාභී නාට්‍යවේදී අඛිල සපුමල් මහතා පවසයි.

ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..

ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම

ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද? නැතිනම් අපරාධ නඩුවිධාන සංග්‍රහය යටතේ පොලිසිය මෙහෙයවනවා ද? යන්න බරපතළ ගැටළුවක් වී ඇති බව නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මෙරට බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර මාලාවේ උච්ඡතම ස්ථානයකට පැමිණ ඇති බවත්, පසුගිය කාලයේ යූටියුබ් සහ සමාජ මාධ්‍ය හරහා භික්ෂූන් වහන්සේලාට නින්දා අපහාස කිරීම මෙන්ම බුදුන් වහන්සේට පවා නින්දා අපහාස කරමින් ආගමික ඉගැන්වීම් පවා විකෘති කරමින් සිටින බවත් එහෙත් ඒ කිසිවකට එරෙහිව පියවර ගැනීම සිදුනොවන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.