News Category
From Date
To Date
Maximum Number of Result

ප්‍රශ්න තුනක් පිට වූවේ යැයි හෙළිදරව් වූ මෙවර 5ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය යළි පැවැත්වීමේ අවශ්‍යතාවක් නොවන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර අද (14) ප්‍රකාශ කළේය. අදාළ මතභේදාත්මක ප්‍රශ්න 03 සඳහා නිදහස් ලකුණු ලබාදීමට තීරණය කළ බව ඔහු ප්‍රකාශ කළේය.

ප්‍රශ්න තුනක් පිට වූවේ යැයි හෙළිදරව් වූ මෙවර 5ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය යළි පැවැත්වීමේ අවශ්‍යතාවක් නොවන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර අද (14) ප්‍රකාශ කළේය. අදාළ මතභේදාත්මක ප්‍රශ්න 03 සඳහා නිදහස් ලකුණු ලබාදීමට තීරණය කළ බව ඔහු ප්‍රකාශ කළේය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවසුවේ අන්තර්ජාලය ඔස්සේ මුල්‍ය වංචා සිදුකළ බව කියන චීන ජාතිකයින් 15 දෙනෙකුගෙන් යුත් තවත් පිරිසක් කෝට්ටේ වැලිකඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි. අත්අඩංගුවට ගත් පුද්ගලයන් සතුව තිබී ඩෙස්ක්ටොප් පරිගණක 15ක් සහ ජංගම දුරකථන 15ක් ද පොලිස් භාරයට ගත් බව ඒ මහතා වැඩිදුරටත් පැවසුවේය.

ආර්ථිකයේ කරණු ලබන ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ මත ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථායිතාව රඳාපවතින බව ලෝක බැංකුව අවධාරණය කරයි. ලෝක බැංකුව නිකුත් කළ ‘ශ්‍රී ලංකා සංවර්ධන ඇගයුම’ නම් නවතම වාර්තාවේ මේ බව සඳහන් වේ. එම වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ සමස්ථ ආර්ථිකය අවදානමට ලක්විය හැකි සීමාවක ස්ථායිව පවතී.

සමාජ ක්‍රියාකාරී ඕෂල හේරත් මහතා සිය ෆේස් බුක් ගිණුමේ සටහනක් තබමින් පැවැති පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණය කැඳවීම සඳහා නිකුත් කර ඇති ගැසට් පත්‍රය පනතට පටහැනි බව පවසයි. ඒ අනුව ඊට එරෙහිව කිසිවෙකු අධිකරණ ගියහොත් ගැසට් පත්‍රය අවලංගු කර නැවත පැවති පාර්ලිමේන්තුව කැඳවීමට ඉඩක් ඇතැයිද ඔහු පවසා සිටියි.

පසුගිය රජයේ ප්‍රතිපත්තිමය තීරණය මත රාජ්‍යය සතු ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් වන තීරණය මහ මැතිවරණය අවසන් වන තෙක් නව රජය විසින් අත්හිටුවා ඇති බව වාර්තා වේ. පසුගිය රජය විසින් රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යූහ ගත කිරීමේ අංශයක් පිහිටුවනු ලැබු අතර ඒ යටතේ ජ්‍ය ව්‍යාපාර 130ක් ප්‍රතිව්‍යුහගත කිරීමට ලැයිස්තුගත කරනු ලැබීය.

පසුගියදා වත්මන් ශ්‍රී ලංකා නීතිඥ සම්මේලනයේ සභාපති, ජනාධිපති නීතිඥ, අනුර මැදගොඩ මහතා පවසා තිබුණේ යුද අපරාධ පිළිබඳව පරීක්ෂණ සිදු නොකළහොත් දේශපාලන නායකයින්ට පවා ගමන් සීමාකිරීම් පැනවිය හැකි බවයි.

මේ මස අගදී වොෂින්ටනයේ පැවැත්වෙන අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකු කණ්ඩායම් වාර්ෂික රැස්වීම්වලදී අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමඟ ඇමරිකානු ඩොලර් බිලියන 2.9ක ඇපදීමේ වැඩසටහන පිළිබඳ සාකච්ඡා නැවත ආරම්භ කිරීමට ශ්‍රී ලංකාව සූදානම් වේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා කිසිදු පක්ෂයකින් නාම යෝජනා භාරදී නැමැති බව වාර්තා වේ.


ප්‍රධාන පුවත්

චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..

චීන–ලාඕස දුම්රිය මාර්ගය ඔස්සේ සිදුකර ඇති සමස්ත වෙළෙඳ ගනුදෙනුවල වටිනාකම යුවාන් බිලියන 100 (ඇමෙරිකානු ඩොලර් බිලියන 14.9ක් පමණ) ඉක්මවා ගොස් තිබේ. එම මාර්ගය හරහා මේ වන විට ආනයන හා අපනයන භාණ්ඩ ටොන් මිලියන 20.77කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කර ඇති බව වාර්තා වේ.

ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹීමේ ආදර්ශය අනුගමනය කරමින් රුසියාව සමඟ ආර්ථික සබඳතා යළි ස්ථාපිත කරන ලෙස ජර්මනියේ විපක්ෂ දේශපාලන පක්ෂ දෙකක් ඉල්ලා ඇතැයි වාර්තාවේ.

රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්

රුසියාව සහ යුක්‍රේනය අතර වහාම ක්‍රියාත්මක වන පරිදි බලශක්ති ඉලක්ක වෙත එල්ල කරන ප්‍රහාර අත්හිටුවීමේ එකඟතාවක් ඇති කරගෙන තිබෙන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)

ඊයේ(11) දිනයේ උතුරු නේපාලයට බලපෑ හදිසි මහා ගංවතුර හේතුවෙන් නිවාස හා පාලම් රැසක් ගසාගෙන ගොස් ඇති අතර, පුද්ගලයන් පස්දෙනකුට අධික පිරිසක් අතුරුදන්ව සිටින බව වාර්තා වේ.

ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ

කැනඩාවේ ඔන්ටාරියෝ (Ontario) පළාත් ව්‍යවස්ථාදායකය විසින් 'දෙමළ ජන සංහාරය' (Tamil Genocide) යන සංකල්පය හෝ එය නිල වශයෙන් පිළිගෙන නොමැති බව එරට අධිකරණ තීන්දු මඟින් තහවුරු වී ඇති බව ආචාර්ය නෙවිල් හේවගේ මහතා පෙන්වා දෙයි.

ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..

බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ පා ගමන අද (12) තෙවන දිනටත් පැවැත්වේ.

"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..

ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමට පෙර තමන්ට ඇමතුමක් ලබාදී හමුවන ලෙස දැන්වූ බවත්, එහිදී උන්වහන්සේ පැවසුවේ උන්වහන්සේව අත්අඩංගුවට ගත් පසු සිවුර ගැලවීම අනිවාර්යෙන් සිදුකරන බව යැයිද, කළින්ම උන්වහන්සේ මේ පිළිබඳව දැනසිටි බවත්, තමන් සමග මේ සම්බන්ධයෙන් උන්වහන්සේ කතා කළ බවත් නීතිඥ සංජීව වීරවික්‍රම මහතා හෙළිදරව්වක් සිදුකරමින් පවසයි.

අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි

අනුරාධපුර පූජා නගරය ගොඩනැගීම සඳහා විශාල ආධාර මුදලක් ඉදිරියේදී ඉන්දියානු රජයෙන් ලැබීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..

මාලිමාවට රැවටී තමන් වහන්සේද මාලිමාවට ඡන්දය දුන් බවත්, රට හදනවා කියා, උගන්ඩාවේ සල්ලි ගේනවා කියා, දූෂණ වංචා නොකරනවා කියා, ජනතාවට නැති කිසිවක් අපිට එපා කියා, ජනතාව අන්දවා ඡන්දය ගත් හැටි අද හොඳින් අවබෝධවී ඇති බවත් මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.