News Category
From Date
To Date
Maximum Number of Result

පසුගිය ජනාධිපතිවරණ වේදිකාවේදී උගන්ඩාවේ ඇති මුදල් නැවත ගෙන ඒමට අවශ්‍ය නැද්දයි විමසන විටත් තෝමස් ඩිලාරෝ සමාගම නිත්‍යානුකූල ලෙස මුද්‍රණය කළ මුදල් උගන්ඩාවට ගෙන යෑම ගැන තමන් පූර්ණ අවබෝධයක සිටි බව පක්‍ෂ කළුතර දිස්ත්‍රික් අපේක්ෂිකා නිලන්ති කොට්ටහච්චි මහත්මිය පවසයි.

ඉදිරි මහ මැතිවරණයෙන් පසුව ජාතික ජන බලවේගය සමග එක්ව වැඩකිරීමට සූදානමින් සිටින බව උතුරේ දේශපාලන නායකයෙක් තමාට තහවුරු කළ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ඉන්දියාවේ Adani Green Energy සමාගම විසින් මන්නාරම, වෙඩිතලතිව් ප්‍රදේශයේ සිදු කරන සුළං බලාගාර ව්‍යාපෘතියට අදාළ කරුණු නැවත සළකා බැලීමට ඇමැති මණ්ඩලය තීරණය කර ඇති බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා තිබේ.

එක්සත් ජනපද හමුදා නිලධාරීන් පසුගිය වසර පුරා ගාසා තීරයේ ඊශ්‍රායලය කරනු ලබන මෙහෙයුමට රහසිගතව සහය ලබා දුන් බව ත්වදුරටත් රහසක් නොවේ. කෙසේ වුවද පෙන්ටගනය විසින් අද(14) නිකුත් කරන ලද ප්‍රකාශයකින් බයිඩන් පරිපාලනය ඊශ්‍රායලය වෙත අමෙරිකානු සෙබළුන් යවන බවට ඇඟවුම් කර ඇතැයි වාර්තා වේ. එක්සත් ජනපදය සහ ඔවුන්ගේ යුරෝපීය සහචර රාජ්‍යයන් බයිඩන් පරිපාලනය අභාවයට යමින් පවතින මේ දිනවලදී අගමැති බෙන්ජමින් නෙතන්යාහුට අමෙරිකාව ලබාදෙන සහයෝගය දෙගුණ කරමින්, බටහිර රටවල හමුදාවන්ට ඊශ්‍රායල කුරිරුකම්වලට හෝ පුලුල් කලාපීය ගිනිදැල් වලට ඉන්ධන හෙළීමට සෘජුවම සහභාගී වීමට වේදිකාව සකසන බව විද්වතුන්ගේ අදහස වේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන දැනට ප්‍රසිද්ධ නොකල එස්. අයි ඉමාම් වාර්තාව සහ ඒ. එන්. ජේ ද අල්විස් වාර්තාව ප්‍රසිද්ධියට පත්කිරීමට තමන් ආණ්ඩුවට දින 7ක කාලයක් ලබාදෙන බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

තමුන්ගේ හිතවතුන්ට තනතුරු, තාන්නමාන්න දීම වැළැක්වීම පසුගිය කාලයේ ජනතාව ප්‍රතික්ෂේප කළ දේශපාලන සංස්කෘතිය බවත්, වර්තමාන ජාතික ජන බලවේගයේ රජය විසින් තමන්ගේ දේශපාලන ප්‍රචාරන වැඩකටයුතු වෙනුවෙන් දායක කරගත් ශානි අබේසේකර මහතා බුද්ධි විශ්ලේෂන සහ නිවාරණ කොට්ඨාශයේ අධ්‍යක්ෂකවරයා ලෙස තම හිතවත්කම මත පත්කර ඇති බවත් ජන අරගල සන්ධානයේ නුවන් බෝපගේ මහතා පවසයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ පසුගිය රජය 2022 වර්ෂයේ සිටම විනාශකාරී ලෙස වෛද්‍ය අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමේ ප්‍රතිපත්තිමය තීරණයක සිටි බවත්, රටේ වෙනසක් සිදුකිරීමට බලයට පැමිණි නව රජය රජයේ රෝහල් විකුණමින්, වෛද්‍ය අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමට ගෙන ගිය එම වැඩපිළිවෙල වහා නැවැත්වීමට ක්‍රියාකළ යුතු බවත් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව පවසයි.

ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයේ 51/1 යෝජනාව තවදුරටත් තහවුරු කිරීම සඳහා ඉදිරිපත් කළ 57/1 යෝජනාව ශ්‍රී ලංකාවේ රජය විසින් ප්‍රතික්ෂේප කිරීම කිරීම පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු තුන්දෙනෙකු වැට් බදු ගෙවීම පැහැර හැරීම හේතු කොටගෙන කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මාස 06ක සිරදඬුවම් නියම කර ඇතැයි වාර්තාවේ.


ප්‍රධාන පුවත්

චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..

චීන–ලාඕස දුම්රිය මාර්ගය ඔස්සේ සිදුකර ඇති සමස්ත වෙළෙඳ ගනුදෙනුවල වටිනාකම යුවාන් බිලියන 100 (ඇමෙරිකානු ඩොලර් බිලියන 14.9ක් පමණ) ඉක්මවා ගොස් තිබේ. එම මාර්ගය හරහා මේ වන විට ආනයන හා අපනයන භාණ්ඩ ටොන් මිලියන 20.77කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කර ඇති බව වාර්තා වේ.

ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹීමේ ආදර්ශය අනුගමනය කරමින් රුසියාව සමඟ ආර්ථික සබඳතා යළි ස්ථාපිත කරන ලෙස ජර්මනියේ විපක්ෂ දේශපාලන පක්ෂ දෙකක් ඉල්ලා ඇතැයි වාර්තාවේ.

රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්

රුසියාව සහ යුක්‍රේනය අතර වහාම ක්‍රියාත්මක වන පරිදි බලශක්ති ඉලක්ක වෙත එල්ල කරන ප්‍රහාර අත්හිටුවීමේ එකඟතාවක් ඇති කරගෙන තිබෙන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)

ඊයේ(11) දිනයේ උතුරු නේපාලයට බලපෑ හදිසි මහා ගංවතුර හේතුවෙන් නිවාස හා පාලම් රැසක් ගසාගෙන ගොස් ඇති අතර, පුද්ගලයන් පස්දෙනකුට අධික පිරිසක් අතුරුදන්ව සිටින බව වාර්තා වේ.

ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ

කැනඩාවේ ඔන්ටාරියෝ (Ontario) පළාත් ව්‍යවස්ථාදායකය විසින් 'දෙමළ ජන සංහාරය' (Tamil Genocide) යන සංකල්පය හෝ එය නිල වශයෙන් පිළිගෙන නොමැති බව එරට අධිකරණ තීන්දු මඟින් තහවුරු වී ඇති බව ආචාර්ය නෙවිල් හේවගේ මහතා පෙන්වා දෙයි.

ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..

බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ පා ගමන අද (12) තෙවන දිනටත් පැවැත්වේ.

"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..

ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමට පෙර තමන්ට ඇමතුමක් ලබාදී හමුවන ලෙස දැන්වූ බවත්, එහිදී උන්වහන්සේ පැවසුවේ උන්වහන්සේව අත්අඩංගුවට ගත් පසු සිවුර ගැලවීම අනිවාර්යෙන් සිදුකරන බව යැයිද, කළින්ම උන්වහන්සේ මේ පිළිබඳව දැනසිටි බවත්, තමන් සමග මේ සම්බන්ධයෙන් උන්වහන්සේ කතා කළ බවත් නීතිඥ සංජීව වීරවික්‍රම මහතා හෙළිදරව්වක් සිදුකරමින් පවසයි.

අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි

අනුරාධපුර පූජා නගරය ගොඩනැගීම සඳහා විශාල ආධාර මුදලක් ඉදිරියේදී ඉන්දියානු රජයෙන් ලැබීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..

මාලිමාවට රැවටී තමන් වහන්සේද මාලිමාවට ඡන්දය දුන් බවත්, රට හදනවා කියා, උගන්ඩාවේ සල්ලි ගේනවා කියා, දූෂණ වංචා නොකරනවා කියා, ජනතාවට නැති කිසිවක් අපිට එපා කියා, ජනතාව අන්දවා ඡන්දය ගත් හැටි අද හොඳින් අවබෝධවී ඇති බවත් මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.