රාජ්‍ය නිලධාරීන් පිළිගත නොහැකි පදනමකින් සේවා ස්ථාන මාරු කිරීම් ... සජබයෙන් හෙළිකරයි
රාජ්‍ය නිලධාරීන් සඳහා පිළිගත නොහැකි තර්කානුකූල නොවන පදනමකින් සේවා ස්ථාන මාරු කිරීමේ සැලසුම් සහගත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බව සමගි ජන බලවේගය පවසයි.
එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා නිවේදනයක් නිකුත් කරමින් ඒ බව පෙන්වා දෙයි.
එහි දැක්වෙන්නේ, පළාත් පාලන සහකාර කොමසාරිස්වරු, පළාත් පාලන ආයතන ලේකම්වරුන් මෙන්ම සමූපකාර සහකාර සංවර්ධන කොමසාරිස් වැනි මාණ්ඩලික මෙන්ම ක්ෂේත්‍ර නිලධාරීන් ට ද මෙය බලපා ඇති බවට වාර්තා වන බවය.
රාජ්‍ය සේවයේ ස්වාධීනත්වය තහවුරු කිරීමට කටයුතු කරනවා යැයි පොරොන්දුවක් ලබාදෙමින් බලයට පැමිණි ආණ්ඩුව මෙලෙස කටයුතු කිරීම ගැටළු සහගත බව එම නිවේදනයේ සඳහන් ය.
තවමත් අවසන් නැති හා නුදුරේම පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය හා මේ දිනවල පැවැත්වෙන සමූපකාර සංගම් ඡන්ද විමසීම් හේතුවෙන් පෙර නොවූ විරූ අයුරින් රාජ්‍ය සේවය තුළ සීග්‍ර ලෙස දේශපාලනීකරණය වීමක් සිදුවෙමින් පැවතීම, ඉදිරි මැතිවරණ ඉලක්ක කොටගත් වැඩපිළිවෙළක් ලෙස ආණ්ඩුව ක්‍රියාත්මක කරන බව පැහැදිලිවම දක්නට ලැබෙන බව එම පක්ෂය පවසයි.
මෙම මාරු කිරීම් තුළ ඒ ඒ ක්ෂේත්‍රයේ සේවාවන් ඉටුකිරීම් පිළිබඳව ගැටලුකාරී තත්ත්වයක් උද්ගතවනවා පමණක් නොව එම නිලධාරීන්ටද පෞද්ගලිකව බොහෝ ගැටලුවලට මුහුණදීමට සිදුවන බව පෙන්නුම් කරන බව එහි සඳහන් ය.
මේ පිළිබඳව සිය අවධානය යොමු කර ඇති බවත් එවැනි සිදුවීම් පිළිබඳව සොයා බැලීම සඳහා විශේෂ ඒකකයක් පිහිටුවීමටද කටයුතු කළ බවත් සමගි ජන බලවේගය පවසයි.
ඒ සඳහා නාමික හෝ නිර්රාමිකව තොරතුරු ලබාදීමට ඕනෑම අයකුට අවස්ථාව සැලසේ.
රාජ්‍ය සේවයේ මරුවීම් සිදුවිය යුත්තක් වන නමුත් එය සැඟවුණු න්‍යාය පත්‍රයකට අනුකූලව සිදුවන්නේ නම් එය පිළිබඳව කටයුතු කිරීම විපක්ෂයේ වගකීමක් බවත් රජය සහ පළාත් සභා මට්ටමින් අත්නොමතික සිදුකරනු ලබන සියලුම මාරු කිරීම් අත්හිටුවන ලෙස ආණ්ඩුවට සහ පළාත් බලධාරීන්ට අවධාරණය කරන බවත් සමගි ජන බලවේගය කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අමෙරිකාව සහ ඉරානය සාම ගිවිසුමකට එළඹෙයි.. සිකුරාදා ස්විට්සර්ලන්තයේදී අත්සන් කිරීමට සූදානම්..
සලේට දිනපතා නීතිඥ සහාය බෑ, පුළුවන් සතියකට වතාවයි.. - ශානිගේ තීරණයට සලේගේ බිරිඳගෙන් දැඩි විරෝධය
පළාත් සභාව සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව..
වත්මන් ආණ්ඩුව ලබා ගත් විදෙස් ණය ඩොලර් මිලියන 1,850 පනී..
භාණ්ඩාගාර මංකොල්ලය: වැරැද්ද කාගෙද?.. මහ බැංකුවයි-භාණ්ඩාගාරයයි මූණට මූණ ඇනකොටා ගනී!
විදුහල්පති සේවයට වැටුප් වැඩිකිරීමේ යෝජනාව: ගුරු, විදුහල්පති සේවා වල ස්වාධීනතාවය නැති කරල, වැටුප් විශ්මතාවයක් නෑ කියන්නයි මේ හදන්නෙ - ඒකාබද්ධ ගුරුසේවා සංගමය
ආණ්ඩුවට බැරි බෙදුම්වාදය පරාජය කිරීමේ වගකීම බාරගන්න අපි සූදානම්.. - 'රණවිරු ජනපවුර' ආණ්ඩුවට කියයි..
ඉහළ උසාවිවල විනිසුරු පුටු අටක් හිස්..
සාම ගිවිසුමක් සඳහා අමෙරිකාව සහ ඉරානය අවසන් එකඟතාවකට ආවා - පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ්
ගෝඨාභය රාජපක්ෂ ඇත්ත මහමොළකරු තේරුම් ගත්තා.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
යුක්රේන ගැටුමේදී රුසියාව සමස්ත බටහිර කඳවුරට එරෙහිව තනිව සටන් කරනවා – පුටින්
“පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වූ නිලධාරීන් දැන් මට එරෙහිව පරීක්ෂණ මෙහෙයවනවා”..- සලේ අභියාචනාධිකරණයට කියයි
අලුත් පාස්කු මහ මොළකරුවෙක් සොයාගත්තා නම් FBI, Interpol, Scotlandyard, AFU ආයතනවලටත් දන්වන්න.. - දිලිත් කියයි
ශ්‍රී ලංකාව මෙතෙක් අනුගමනය කළ මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තිය තවදුරටත් අනුගමනය කරනු ඇතැයි අපි විශ්වාස කරනවා- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් S ධගාරියන්
ඊශ්‍රායලයේ ඉඳලා මෙරට ළමයි එවන ඩොලර් ටික එක ආයතනය හිරවෙලා.. - තවත් හැකර් ප්‍රහාරයක් ගැන ඩී.වී චානක හෙළිකරයි..
සලේගේ පෙත්සම සලකා බැලීම ජූලි 10 දක්වා කල් යයි.. සලේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ දෘෂ්ටිවාදය මෙරට තුළ ක්‍රියාත්මක වූ ආකාරය ගැනත් කරුණු හෙළිකරයි..