News Category
From Date
To Date
Maximum Number of Result

රුසියාවේ අභ්‍යන්තර නොසන්සුන්තාව වැනි ගැටළු පැවතියද එම හානිය පාලනය කරමින් ඔවුන් ආර්ථිකය කළමනාකරණය කර ඇති ආකාරය ශ්‍රී ලංකාව වැනි රටකට ඉතා හොඳ උදාහරණයක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා X පණිබිඩයක් නිකුත් කරමින් පවසයි.

රාජ්‍ය සේවයේ අවම මූලික වැටුප රු. 15,750කින් වැඩි කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අයවැය කතාවේදී සඳහන් කළත් රාජ්‍ය සේවක අවම මූලික වැටුප ශුද්ධ වශයෙන් වැඩි වන්නේ රු. 8250 කින් පමණයි. මෙයට හේතුව දැනට ලබාදෙන රු. 7500ක දීමනා එම රු. 15750 ක මුදලි

ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීනී නිලන්ති කොට්ටහච්චි මහත්මියට මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කිරීමෙන් වළකින ලෙසට උපදෙස් දී ඇති බව ඇය පවසා ඇත. ඒ කෙසෙල්වත්තල ගිම්පත ප්‍රදේශයේ පැවති ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන අතරතුර මාධ්‍යවේදීන් ඇයගෙන් ප්‍රශ්නයක් විමසූ විට ඇය ඒ බව ප්‍රකාශ කර ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමස්ත සාර්ව ආර්ථික ස්ථාවරකරණ වැඩසටහනේ පරාමිතීන් අනුව කටයුතු කිරීම රජයේ වගකීමක් බවත් ඒ අනුව මෙවර අයවැය රටට හොඳ අයවැයක් බවත් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

2025 අය වැය ගොවියාට කිසිදු සහනයක් පැණි නැති වදයක් බව ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ ඊයේ (17) මාධ්‍ය හමුවකට එක්වෙමිනි එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තෙන්නකෝන් මහතා මෙසේද පැවසීය මේ අයවැයේ ඉතාමත්ම සාධනීය යෝජනාව තමයි නව දේශපාලන සංස්කෘතියක් සඳහා වූ මහජන නියෝජිතයෝ වෙච්ච පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඇමතිවරුන්ට වාහන බලපත්‍රය අහෝසි කිරීම. ඒ වගේම අනිත් පාර්ශවයන් සඳහා සැලකිය යුතු මට්ටමේ අයවැය යෝජනාවලිය පිළිබඳව පරණ පුරුදු ආණ්ඩුවලින් ඉදිරිපත් කරපු අයවැයට අඩු වැඩි විදියට සමගාමී අයවැයක් විශේෂයෙන්ම මේ රටේ කෘෂි නිෂ්පාදන ආර්ථිකය ගොඩනගන්න මේ රටේ ගොවියාගේ ආර්ථිකය ගොඩනගන්න කෘෂි නිෂ්පාදන පිරිවැය අඩුනරන් අවශ්‍ය යෝජනාවක් තිස්සේත්ම සඳහන් වෙලා නෑ. අපි බලාපොරොත්තු උනේ කෘෂි නිෂ්පාදන ආර්ථිකයන් ගොඩනගන්න අවශ්‍යය ඉතාමත්ම සාධනීය යෝජනාවලියක් අයවැය තුළින් එයි කියලා. හැබැයි අපිට පේන විදියට මේ අයවැය ගොවියාට හිස්ටින් එකක් වගේ අයවැයක් ගොවියාට ආයෙත් හිඟා කන්න හිස් බෙළෙක්ක දුන්න අයවැයක්. කෂි නිෂ්පාදන පිරිවැය අඩු කරන්ඩ විශේෂයෙන් වී ඇතුළු අතිරේක ආහාර භෝගවල පිරිවැය අඩු කරන්න කෘෂි යෙදවුම් සඳහා බද්ද අඩු කරලා නෑ, කෘෂි මෙවලම් සඳහා බද්ද අඩු කරලා නෑ. ඊළඟට සහල් කර්මාන්තයේ යෙදෙන සහ සහල් කර්මාන්තයේ යෙදෙන සහල් කර්මාන්තකරුවන්ගේ යන්ත්‍ර සූත්‍ර සඳහා අමතර කොටස් සඳහා ගහලා තියෙන බද්ද අඩු අඩු කරලා නෑ. ඒ කියන්නේ මේ අයවැයත් බදු පිට බදු ගහපු රජයේ එකම ආදායම බදු බවට පත් කරපු විශේෂ ස්පාදන ආර්ථිකය ගොඩනගනවාවා වෙනුවට බදු පිට බඳු ගහපු ආණ්ඩුවක් අයිඑම්එෆ් යෝජනා අනුව ලෝක බැංකු යෝජනා අනුව ආසියානු සංවර්ධන බැංකිය යෝජනා අනුව ඉස්පිල්ලක් පාපිල්ලක්වත් වෙන් කරන්නේ නැතුව අයිඑම්එෆ් එකේ අයවැය යෝජනාවක් ලෝක බැංකුවේ අයවැය යෝජනාව ආසියානුු සංවර්ධන බැංකුවේ අයවැය යෝජනාවක් විදිහට තමයි අපිට පේන්නේ එනිසා අපි කියන්නේේ මේක මී මැස්සො පිටින් පේන්න හිටියට වදේ මී පැණි නැති අයවැයක් ගොවියාට හිඟා හිඟා නොකා හිඟා කන්නෙත් හිස් බෙළෙක්කයක් දුන්නා හිස්ටින් එකක් වාගේ අයවැයක්.."

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනී ජුලී චන්ග් යනු කවුරුන්දැයි පැහැදිලි කරන පොස්ටුවක් අන්තර්ජාලයේ සංසරණය වෙයි. එමගින් චන්ග්ගේ ඉතිහාසය සහ වර්තමානයේ ඇයගේ භූමිකාවකෙසේ එකක්දැයි පැහැදිලි කර ඇත. එම පෝස්ටුව පහතින්

පුත්තලම දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකර සහ ඔහුගේ පුත්‍රයාව අත්අඩංගුවට ගෙන තිබේ. නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ජාලගත වංචා විමර්ශන ඒකකය හමුවේ අද (18) දිනයේ ප්‍රකාශයක් ලබාදීමට පැමිණි අවස්ථාවේදී ඔවුන් දෙදෙනාව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

2025 අයවැයෙන් සිදුකිරීමට නියමිත රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැහැදිලි කිරීමක් සිදුකළේය. ඒ අද (18) උදෑසන ආරම්භ වූ අයවැය දෙවන වර කියවීමේ විවාදයට එක්වෙමිනි.

හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා බාරදී තිබේ. ඔහු සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ රුපියල් 494000/- ක මුදලක් හලාවත ප්‍රදේශයේ බැංකුවක ගිණුමකට බැරකරන ලෙස එම අධිකාරියේ නිලධාරීන් පෙළඹවීම තුළින් " දූෂණය" නැමැති වරද සිදුකළේ යැයි ඔහුට එරෙහිව චෝදනා ගොනු වී තිබුණි.


ප්‍රධාන පුවත්

යුද ජයග්‍රහණය සමරණ මාසයේම ආණ්ඩුව රණවිරුවන් දඩයම් කිරීමේ මෙහෙයුමක.. බෙදුම්වාදීන් සතුටු කරන්න රනිල්ට කරන්න බැරිවුන දේ අනුර කරයි - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්

යුද ජයග්‍රහණය සමරන මාසයේම රණවිරුව්න් දඩයම් කිරීම සඳහා පනතක් ගෙන ඒමට ඉකුත් 07 වැනිදා කැබිනට් අනුමැතිය ලබාදීම කණගාටුවට කරුණක් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

දෙමළ ජන සංහාරය පිළිගන්නේ නැති අය ආපහු ලංකාවට යන්නැයි කැනඩාවේ ඉන්න ලාංකිකයන්ට නගරාධිපති පැට්‍රික් බ්‍රවුන් කියලා..

කැනඩාව තුළ දෙමළ ජන සංහාර ස්මාරකයක් නිර්මාණය කිරීම එරට බ්‍රැම්ප්ටන් හි නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගේ ඇගයීමට ලක්ව තිබේ.

ජනපති අනුරගේ පුද්ගලික කාර්ය මණ්ඩලය ගැන විස්තර, තොරතුරු පනතින් ඉල්ලුවත් දීලා නැහැලු..

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉල්ලා සිටි තොරතුරු ව්‍යවස්ථාපිත කාලරාමුව තුළ ලබා නොදීම හේතුවෙන්, 2025.05.28 දින තොරතුරු කොමිසමේ පෙනී සිටින ලෙස දක්වමින් තොරතුරු කොමිසම මගින් ජනාධිපති කාර්යාලය වෙත නොතීසි නිකුත් කර තිබේ.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම්වල තොරතුරු ලබාදෙන්නැයි ජාතික සංවිධාන කළ ඉල්ලීම තොරතුරු නිලධාරියා ප්‍රතික්ෂේප කරයි..

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අත්සන් කරන ලද ආරක්ෂක සහයෝගිතා ගිවිසුම බාහිර පාර්ශ්වයක් වෙත ලබාදීමට නොහැකි බව දන්වමින් තොරතුරු නිලධාරීවරයා විසින් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා වෙත ලිපියක් මගින් දන්වා තිබේ.

ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය තුනෙන් දෙක යෙදාගෙන නීති සංශෝධනය කරනවා - ජනාධිපති අනුර කුමාර දිසානායක

ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය නීති සංශෝධනය කරන බවත්, ජනවරමට අනුව ජාතික ජන බලවේගයට (NPP) බහුතරයක් ලැබී ඇති පළාත් පාලන ආයතනවල සභා පිහිටුවීමට අයිතියක් ඇති බවත් ප්‍රකාශ කළේය. ජනතා විමුක්ති පෙරමුණේ 60 වන සංවත්සර සැමරුමේදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, ජනවරම අනුව ජාතික ජන බලවේගයට පළාත් පාලන ආයතන 152 ක සභා පිහිටුවීම සඳහා පැහැදිලි බහුතරයක් ඇති බවත්, සභා 115 ක සභා පළමු රැස්වීමේ දිනයේදී පිහිටුවන බවත්ය.

රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?

මේ වන විට දිවයින පුරා පැපොල රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබුණද, රෝගය වැළැක්වීමට උපකාරී වන වරිසෙල්ලා එන්නත දැනට රජයේ රෝහල් ගබඩාවල නොමැති බව වාර්තා වේ.

චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?

(නැගෙනහිර චීන විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ මෙන්ම ගුවාන්චා මාධ්‍ය දායකයේ මහාචාර්යවර්යෙකු වන ලියු ජුන් සහ මොස්කව් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක, නැගෙනහිර චීන සාමාන්‍ය විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ තරුණ පර්යේෂක යැං ෂුපින් විසින් රචිත ලිපියකි.)

ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ඉන්දියාව භූ දේශපාලන වෛශ්‍යාවක් ලෙස දේශපාලන විචාරකයන් පවා හඳුන්වන බවත්, ඔවුන් ආර්ථික වාසිය තකා චීනයත් සමග ගනුදෙනු කළ ද, රෑට නිදාගන්නේ අමෙරිකාව සමග බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා නිවැරදිව විග්‍රහ කරගනිමින් න්‍යායාත්මකව පැහැදිලි කර ඇති බවත්, ඉන්දියානු න්‍යායපත්‍රය ඉදිරියට රැගෙන යාමට නම් ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ගැටුම් නිර්මාණය කර ශ්‍රී ලංකාව දුර්වල කළ යුතු බව ඉන්දියාව දැන සිටි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.