News Category
From Date
To Date
Maximum Number of Result

2024-25 වසර තුළ ශ්‍රී ලංකාවේ වර්ධනය මධ්‍යස්ථ වනු ඇතැයි අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) පුරෝකථනය කර තිබුණද, එය 3% ක පමණ මට්ටමක පවතිනු ඇති බවත්, ලබන වසරේ ශ්‍රී ලංකාවේ වර්ධන වේගය 5% දක්වා ළඟාවීමේ හැකියාව පවතින බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

එළැඹෙන මහ මැතිවරණය වෙනුවෙන් නොවැම්බර් 13 සහ 14 දෙදින දිවයිනේ සියලු පාසල් සඳහා නිවාඩු ලබාදී තිබේ.

පාර්ලිමේන්තු මහ මැතිවරණයේ නිති උල්ලංඝනය කල අපේක්ෂකයන් 09 දෙනෙකු ඇතුළු 334 දෙනෙකු අත්තඩංගුවට ගෙන ඇතිබව පොලිස් මූලස්ථානය පවසයි.

2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරිමේ කාලය අදින් (08) අවසන් වෙයි.

ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ජානක රාජකරුණා මහතා පසුගිය දා රූපවාහිනී සංවාදයකදී පැවසූ කරුණු අනුව ඔහුට මෙම ක්ෂේත්‍රය පිළිබඳව අවබෝධයක් නොමැති බව පෙනීයන බවත්, පසුගිය ආණ්ඩුව විසින් අවාසිදායක ගිවිසුම් අත්සන්කර ඇති බව සභාපතිවරයා චෝදනා නගන බවද, එසේ නම් ඔහුට එම ගිවිසුම් අවලංගු කිරීමට හැකියාව පවතින බවද හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

රුපියල් මිලියන 500ක වාර්ෂික ආදායමක් ලබා දෙන ත්‍රිපෝෂ සමාගම ඈවර කිරීමට ගෙන ඇති තීරණය වහාම හකුලා ගත යුතු බවත් එසේ නොවුණහොත් විශාල ජනතා විරෝධයක් ගොඩනගන බව ජන අරගල සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක පුබුදු ජයගොඩ පැවැසීය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග වන එකතාවන් මත ජාත්‍යන්තර ණය හිමියන් සමග නැවත ණය තිරසර විශ්ලේෂණයකට (DSA) නොයන බව ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කරයි.

රජය ලබාදුන් පොරොන්දු ඉටුකිරීමට අපොහොසත් වී ඇති බවට විපක්ෂයේ ඇතැම් දේශපාලනඥයන් චෝදනා කලත් ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළේ වසර පහක් ඇතුළත අවසන් කිරීමට මිස සති පහක් තුල ඉටු කිරීමට නොවන බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

ශ්‍රී ලංකාව මේ වනවිට පත්ව සිටින තත්ත්වය මත ඉදිරියට යාමට පරාමිතීන් දෙකක් ඇති බව ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කරයි.


ප්‍රධාන පුවත්

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බන්ධනාගාරයේ දී ඉවත්කොට අධිකරණයට ගෙන ඒම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ඇතුළු වගඋත්තරකරුවන් 10 දෙනෙකුට එරෙහිව බ්‍රිගේඩියර්(විශ්‍රාමික) අතුල හේමචන්ද්‍ර ද සිල්වා මහතා අභියාචනාධිකරණයේ නඩු අංක CA/WRIT/787/2026 යටතේ අද දින (2026.10.12) නඩුවක් ගොනුකර තිබේ.

චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..

චීන–ලාඕස දුම්රිය මාර්ගය ඔස්සේ සිදුකර ඇති සමස්ත වෙළෙඳ ගනුදෙනුවල වටිනාකම යුවාන් බිලියන 100 (ඇමෙරිකානු ඩොලර් බිලියන 14.9ක් පමණ) ඉක්මවා ගොස් තිබේ. එම මාර්ගය හරහා මේ වන විට ආනයන හා අපනයන භාණ්ඩ ටොන් මිලියන 20.77කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කර ඇති බව වාර්තා වේ.

ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹීමේ ආදර්ශය අනුගමනය කරමින් රුසියාව සමඟ ආර්ථික සබඳතා යළි ස්ථාපිත කරන ලෙස ජර්මනියේ විපක්ෂ දේශපාලන පක්ෂ දෙකක් ඉල්ලා ඇතැයි වාර්තාවේ.

රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්

රුසියාව සහ යුක්‍රේනය අතර වහාම ක්‍රියාත්මක වන පරිදි බලශක්ති ඉලක්ක වෙත එල්ල කරන ප්‍රහාර අත්හිටුවීමේ එකඟතාවක් ඇති කරගෙන තිබෙන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)

ඊයේ(11) දිනයේ උතුරු නේපාලයට බලපෑ හදිසි මහා ගංවතුර හේතුවෙන් නිවාස හා පාලම් රැසක් ගසාගෙන ගොස් ඇති අතර, පුද්ගලයන් පස්දෙනකුට අධික පිරිසක් අතුරුදන්ව සිටින බව වාර්තා වේ.

ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ

කැනඩාවේ ඔන්ටාරියෝ (Ontario) පළාත් ව්‍යවස්ථාදායකය විසින් 'දෙමළ ජන සංහාරය' (Tamil Genocide) යන සංකල්පය හෝ එය නිල වශයෙන් පිළිගෙන නොමැති බව එරට අධිකරණ තීන්දු මඟින් තහවුරු වී ඇති බව ආචාර්ය නෙවිල් හේවගේ මහතා පෙන්වා දෙයි.

ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..

බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ පා ගමන අද (12) තෙවන දිනටත් පැවැත්වේ.

"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..

ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමට පෙර තමන්ට ඇමතුමක් ලබාදී හමුවන ලෙස දැන්වූ බවත්, එහිදී උන්වහන්සේ පැවසුවේ උන්වහන්සේව අත්අඩංගුවට ගත් පසු සිවුර ගැලවීම අනිවාර්යෙන් සිදුකරන බව යැයිද, කළින්ම උන්වහන්සේ මේ පිළිබඳව දැනසිටි බවත්, තමන් සමග මේ සම්බන්ධයෙන් උන්වහන්සේ කතා කළ බවත් නීතිඥ සංජීව වීරවික්‍රම මහතා හෙළිදරව්වක් සිදුකරමින් පවසයි.

අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි

අනුරාධපුර පූජා නගරය ගොඩනැගීම සඳහා විශාල ආධාර මුදලක් ඉදිරියේදී ඉන්දියානු රජයෙන් ලැබීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.