මහජන සේවා ගුණාත්මක කරන්න කමිටුවක්
රජයට අයත් වාණිජමය නොවන ආයතන 166 ක් මගින් සිදුකරන මහජන සේවා හා නියාමන කාර්යන් වඩාත් ගුණාත්මකව සිදුකිරීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව අමාත්‍ය මණ්ඩලයට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත්කර ඇතැයි අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය සඳහන් කරයි.
අමාත්‍ය මන්ඩල තීරණයකට අනුව ගෙන ඇති මෙම වැඩ පිළිවෙල අනුව එම ආයතන 166 මගින් සලසන මහජන සේවාවන්හි ගුණාත්මක භාවය සහ එම සේවාවන් ලබාගැනීමේදී මහජනතාව මුහුණ දෙන ගැටලු සහ සේවාවන්හි ගුණාත්මක බව ඉහල නැංවීමට වන යෝජනා මහජනතාවගෙන් ලබා ගැනීමට එම කමිටුව තීරණය කර තිබේ.
මෙම අදහස් විමසීමට අදාළ නිර්දේශිත ආයතන එකසිය හැට හයේ නම් ලැයිස්තුව https://pmoffice.gov.lk/soesuggestions.php වෙබ් සබැඳියෙන් බාගත කරගත හැකි බවත් එහි සඳහන් ආකෘති පත්‍රය පුරවා මහජනයාට තම අදහස් මෙම මස 31 දක්වා මෙම කමිටුවට ලබාදිය හැකි බවත් අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය නිවේදනය කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..