මිනිරන් ආශ්‍රිත නවෝත්පාදනයක් වාණිජකරණයටමිනිරන් ආශ්‍රිත නවෝත්පාදනයක් වාණිජකරණයට
විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයට අනුබද්ධ ජාතික මූලික අධ්‍යයන ආයතනයේ (NIFS ) පර්යේෂණයක ප්‍රතිපළ ලෙස සොයාගෙන ඇති දේශීය මිනිරන් බැටරි නිෂ්පාදනයට උචිත ලෙස ඉතාම පිරිසිදු තත්වයට පත්කිරීමේ අඩු වියදම් නව තාක්ෂණ ක්‍රමවේදය හරහා සිදුකෙරෙන නැවත ආරෝපණය කළ හැකි බැටරි නිෂ්පාදනය, වාණිජකරණය කිරීම පිළිබඳව සාකච්ඡාවක් ඊයේ(16) දින විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේදි පැවැත්විණි.
ලෝකයේ විවිධ රටවල ඇති මිනිරන් අතරින් ඉහලම ප්‍රමිතියකින් යුතු ඉතාම උසස් තත්වයේ මිනිරන් වලින් ශ්‍රී ලංකාව පොහොසත්ය. මිනිරන් අමුද්‍රව්‍යක් ලෙස ලෝකය පුරා විශාල කර්මාන්ත සංඛ්‍යාවකට භාවිතා කරනු ලැබේ. ඒ් අතරින් නැවත ආරෝපණය කළ හැකි බැටරි නිෂ්පාදන කර්මාන්තයට ප්‍රමුඛ ස්ථානයක් හිමි වේ. මෙම කර්මාන්තය සදහා මිනිරන් 99.99 % ක පමණ ප්‍රතිශතයකට එනම් ඉතාම පිරිසිදු තත්වයට පත් කළ යුතු වේ. ඒ් අයුරින් පිරිසිදු කිරීම සදහා වු අඩු වියදම් නව තාක්ෂණයක් මෙරට ජාතික මූලික අධ්‍යයන ආයතනයේ පර්යේෂකයන් පිරිසක් හදුනාගෙන ඇති අතර ඒ සදහා ඉතාම ඉහල වාණිජමය අගයක් හිමි වේ.
ඉතිහාසය පුරා මෙරට ස්වාභාවික සම්පත් ආශ්‍රිතව අගය එකතු කළ නිෂ්පාදනය බිහිකර අපනයනය කරනු වෙනුවට එම ස්වාභාවික සම්පත් අමුද්‍රව්‍ය ලෙස විශාල වශයෙන් අපනයනය කිරීම සිදුවේ. ඒ අතරම මෙරට සිදුකරන පර්යේෂණ තුළින් ගොඩනැගෙන නව දැනුම සහ තාක්ෂණය වාණිජකරණය නොකිරීමේ විශාල ගැටළුවක් ද පවතී. මේ සඳහා පිළියම් යෙදීමේ නව රජයේ වැඩපිළිවෙළට අනුව යන ඉදිරි පියවරක් ලෙස මෙම ව්‍යාපෘතියට සුවිශේෂී වැදගත් ස්ථායක් හිමිවේ.
විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශ නිළධාරීන් ජාතික මූලික අධ්‍යයන ආයතනයේ විද්‍යාඥයින්, මෙම ව්‍යාපෘතියට මූල්‍ය ප්‍රතිපාදන යෙදවීමට අදහස් කරන පෞද්ගලික අංශයේ පාර්ශවකරුවන් අතර මෙම සාකච්ඡාව පැවැත්විණි. මෙම තාක්ෂණික ක්‍රමවේදය වාණිජ මට්ටමට ප්‍රවර්ධනය කිරිම තුළින් රටට ආර්ථික ප්‍රතිලාභ හිමි කරගැනිමට ඇති අවස්ථා පිළිබඳ අදාල පාර්ශව අතර අන්න්‍යෝන්‍ය වශයෙන් අදහස් හුවමාරු කර ගැනීම සාකච්ඡාවේ අරමුණ විය. අදාළ පාර්ශ්ව අතර ධනාත්මක ප්‍රතිචාර සමග ඉතා සාධනීය ලෙස සාකච්ඡාව පැවැත්විණි. ඒ අනුව අවබෝධතා ගිවිසුමක් මත ව්‍යාපෘතියේ ඉදිරි පියවරයන්ට ළගා වීමට නියමිතය.
මෙම අවස්ථාවට විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශ ලේකම් වයි.එල්.මොහොමඩ් නවාවි, ජාතික මූලික අධ්‍යයන ආයතනයේ මහාචාර්ය අතුල සුමතිපාල, මහාචාර්ය සිරිල් විජේසුන්දර, ආචාර්ය අතුල විජේසිංහ, පෞද්ගලික අංශයේ ව්‍යවසායකයන් වන චෙරන්ත ද සිල්වා, කපිල ද සිල්වා, ජාතික විද්‍යා පදනමේ සභාපති මහාචාර්ය සමන් සේනවීර, ජාතික නවෝත්පාදන නියෝජිතායතනයේ ප්‍රධාන නවෝත්පාදන නිලධාරී මහාචාර්ය අජිත් ද අල්විස්, කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය උපුල් සොන්නාදර යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්