News Category
From Date
To Date
Maximum Number of Result

ලංකා විදුලිබල මණ්ඩලය ලාභ ලබන තත්ත්වයකට පත්ව ඇති බැවින් දෙසැම්බර් 10 වනදාට පෙර සේවක ප්‍රසාද දීමනාව ලබාදීමට පියවර ගන්නා ලෙස ලංකා විදුලි සේවක සංගමය, විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාගෙන් ඉල්ලීමක් සිදුකර තිබේ.

අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාතංශය විසින් රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුජීව අමරසේන එම තනතුරින් ඉවත් කිරීම පියවර ගෙන ඇත.

එක්සත් ජනපද ජාතික ණය තත්වය මගින් පිළිබිඹු කරන්නේ ආණ්ඩුවව විසින් එහි මෙහෙයුම් සහ වගකීම් සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම් පියවා ගැනීම සඳහා ණය මත යැපෙන බවයි. කෙසේ වුවද ණය මට්ටමේ තිරසාරභාවය, අනාගත ආර්ථික වර්ධනය කෙරෙහි එහි බලපෑම සහ බදු ගෙවන්නන් මත ඇති විය හැකි බර පිළිබඳ කනස්සල්ල, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ ආර්ථික විද්‍යාඥයින් අතර සැලකිය යුතු විවාදයකට තුඩු දෙනු ලබන්නේය.

කියුබානු විප්ලවයේ ඓතිහාසික නායකයා වූ ෆිදෙල් කැස්ත්‍රෝගේ අභාවයෙන් පසු අටවැනි සංවත්සරය වෙනුවෙන් කියුබාවේ මිතුරන් සහ කැරිබියන් ජාතික රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් අද ඔහුට උපහාර දැක්වීය.

නව රජයේ වෙළඳ ඇමැති වසන්ත සමරසිංහ සම්බන්ධ නඩුවකට අදාළව ප්‍රකාශ ලබාදෙන ලෙස දන්වමින් එම නඩුවේ සාක්ෂිකරුවන් දෙදෙනෙකුට දුරකථන ඇමතුම් සහ ලිපි කිහිපයක් යොමුකළ ද මෙතෙක් ඔවුන් දෙදෙනා ප්‍රකාශ ලබා නොදුන් බවට පොලිසිය පසුගිය සිකුරාදා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා දින 3ක් සිදුකළ කැණීම් කටයුතු අද පස්වරු 4ට අවසන් කෙරුණි.

සමාජ ඒකාබද්ධතාව හා සංහිදියාව වැඩිදියුණු කිරීම සදහා ජාතික ඒකාබද්ධතා නිලධාරීන්ට තාක්ෂණික සහ සන්නිවේදන උපකරණ බෙදාදීමේ උත්සවයක් ජාතික ඒකාබද්ධතා කාර්යාලයේදී ඉකුත් දා පැවැත්විණි.

ඊයේ(23) නේටෝ විරෝධී සහ පලස්තීන හිතවාදී විරෝධතාකරුවෝ මොන්ට්‍රියල් නගරයේ වීදිවලට පැමිණ සටන් පාඨ කියමින් මෝටර් රථවලට ගිනි තබා කඩ සාප්පු ඉදිරිපස විනාශ කර සිටියදී පොලිසිය එම ක්‍රියාවන් වැලැක්වීමට ගත් උත්සාහයේදී අවම වශයෙන් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.කැනඩාවේ Francophone නගරයේදී මේ මස 23 සහ 24 යන දිනයන්හිදී ණැඨ්O හි වාර්ෂික සමුළුව පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිකුරාදා පැවසුවේ, තමාගේ අනුප්‍රාප්තිකයා වන අනුර කුමාර දිසානායක පසුගිය වසරේ ඉන්දියාව සමඟ අත්සන් කළ එකඟතා ලියවිල්ල දැන් ක්‍රියාත්මක කළයුතු බවයි.


ප්‍රධාන පුවත්

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බන්ධනාගාරයේ දී ඉවත්කොට අධිකරණයට ගෙන ඒම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ඇතුළු වගඋත්තරකරුවන් 10 දෙනෙකුට එරෙහිව බ්‍රිගේඩියර්(විශ්‍රාමික) අතුල හේමචන්ද්‍ර ද සිල්වා මහතා අභියාචනාධිකරණයේ නඩු අංක CA/WRIT/787/2026 යටතේ අද දින (2026.10.12) නඩුවක් ගොනුකර තිබේ.

චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..

චීන–ලාඕස දුම්රිය මාර්ගය ඔස්සේ සිදුකර ඇති සමස්ත වෙළෙඳ ගනුදෙනුවල වටිනාකම යුවාන් බිලියන 100 (ඇමෙරිකානු ඩොලර් බිලියන 14.9ක් පමණ) ඉක්මවා ගොස් තිබේ. එම මාර්ගය හරහා මේ වන විට ආනයන හා අපනයන භාණ්ඩ ටොන් මිලියන 20.77කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කර ඇති බව වාර්තා වේ.

ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹීමේ ආදර්ශය අනුගමනය කරමින් රුසියාව සමඟ ආර්ථික සබඳතා යළි ස්ථාපිත කරන ලෙස ජර්මනියේ විපක්ෂ දේශපාලන පක්ෂ දෙකක් ඉල්ලා ඇතැයි වාර්තාවේ.

රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්

රුසියාව සහ යුක්‍රේනය අතර වහාම ක්‍රියාත්මක වන පරිදි බලශක්ති ඉලක්ක වෙත එල්ල කරන ප්‍රහාර අත්හිටුවීමේ එකඟතාවක් ඇති කරගෙන තිබෙන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)

ඊයේ(11) දිනයේ උතුරු නේපාලයට බලපෑ හදිසි මහා ගංවතුර හේතුවෙන් නිවාස හා පාලම් රැසක් ගසාගෙන ගොස් ඇති අතර, පුද්ගලයන් පස්දෙනකුට අධික පිරිසක් අතුරුදන්ව සිටින බව වාර්තා වේ.

ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ

කැනඩාවේ ඔන්ටාරියෝ (Ontario) පළාත් ව්‍යවස්ථාදායකය විසින් 'දෙමළ ජන සංහාරය' (Tamil Genocide) යන සංකල්පය හෝ එය නිල වශයෙන් පිළිගෙන නොමැති බව එරට අධිකරණ තීන්දු මඟින් තහවුරු වී ඇති බව ආචාර්ය නෙවිල් හේවගේ මහතා පෙන්වා දෙයි.

ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..

බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ පා ගමන අද (12) තෙවන දිනටත් පැවැත්වේ.

"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..

ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමට පෙර තමන්ට ඇමතුමක් ලබාදී හමුවන ලෙස දැන්වූ බවත්, එහිදී උන්වහන්සේ පැවසුවේ උන්වහන්සේව අත්අඩංගුවට ගත් පසු සිවුර ගැලවීම අනිවාර්යෙන් සිදුකරන බව යැයිද, කළින්ම උන්වහන්සේ මේ පිළිබඳව දැනසිටි බවත්, තමන් සමග මේ සම්බන්ධයෙන් උන්වහන්සේ කතා කළ බවත් නීතිඥ සංජීව වීරවික්‍රම මහතා හෙළිදරව්වක් සිදුකරමින් පවසයි.

අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි

අනුරාධපුර පූජා නගරය ගොඩනැගීම සඳහා විශාල ආධාර මුදලක් ඉදිරියේදී ඉන්දියානු රජයෙන් ලැබීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.