පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් සගවන්න... ගෝඨාභය අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිල හෙළිකරයි
පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් සගවන්න හිටපු බුද්ධි අංශ ප්‍රධානි මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතාත් ඉන්පසුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාත් අත්අඩංගුවට ගන්න සැලසුමක් ක්‍රියාත්මක වෙමින් පවතින බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. ඒ මහතා මේ බව සදහන් කර සිටියේ අද දින (2025.02.03) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
පාස්කු ප්‍රහාරය පිටුපස මහ මොලකරුවෙකු සිටින බවත් තමන් ඔහුව අල්ලා ගන්නා බවත් පොරොන්දු වී මේ ආණ්ඩුව බලයට පැමිණි බව කවුරුත් දන්නා කරුණක්. සැබැවින්ම මේ ප්‍රහාරයට වගකිවයුතු අය මේ ආණ්ඩුව තුල සිටින නිසා කවුරුන් හෝ මහ මොලකරුවෙකු බවට පත් කර සැබෑ වගකිවයුත්තන් බේරා ගැනීමේ උවමනාවක් ආණ්ඩුවට තිබෙනවා. ඒ නිසා ආණ්ඩුව මේ දිනවල පාස්කු ප්‍රහාරය ගැන අළුත්ම තිර රචනයක යෙදිලා ඉන්නවා.
පාස්කු ප්‍රහාරය පිටුපස ඉන්නේ සුරේෂ් සලේ ඇතුළු ලංකාවේ බුද්ධි අංශයි කියලා චැනල් ෆෝ නාලිකාව නගපු චෝදනාව අපි හෙලි කළ ඉමාම් වාර්තාවෙන් ඉතාම තාර්කිකව බිඳ හෙලලා තිබුණා. ඒ වාර්තාව හැදුවේ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු, හිටපු ගුවන් හමුදාපතිවරයෙකු සහ ජනාධිපති නීතිඥයෙකු කියන එකත් අපි සිහිපත් කරන්න ඕනි. අපි ඒක හෙලිදරව් කලාට පස්සේ වෙනත් බොරුවක් හදා ගන්න ආණ්ඩුව උත්සාහ කළත් ඒ උත්සාහය සාර්ථක වුණේ නෑ. ඒ නිසා ආණ්ඩුව මේ බොරුව තව දුරටත් වැඩි දියුණු කරලා මුලින්ම හිටපු බුද්ධි අංශ ප්‍රධානි මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතාත් ඉන්පසුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාත් අත්අඩංගුවට ගන්න සැලසුමක් ක්‍රියාත්මක වෙනවා. පාස්කු ප්‍රහාරය සිදු කලේ ජනපතිවරණයේ දී ගෝඨාභය මහතාට වාසියක් ලබා ගැනීමේ අරමුණින් ලංකාවේ බුද්ධි අංශ යැයි කියන මිත්‍යාව තමයි ස්ථාපිත කරන්න හදන්නේ.
පාස්කු ප්‍රහාරය ලංකාවේ බුද්ධි අංශවල වැඩක්ය කියන බොරුව චැනල් ෆෝ නාලිකාව හරහා ලෝකයට කිව්වේ මොහොමඩ් මිහිලාර් මොහොමඩ් හන්සීර් නොහොත් අසාද් මවුලානා. ඔහු දේශපාලන රැකවරණ පතා ස්විට්සර්ලන්තයට පැන ගිහින් ඉන්නේ. මවුලානා චැනල් ෆෝ නාලිකාව හරහා පාස්කු බොරුව කීම දිට්ට ධම්ම වේදනීය කම්ම පලිසන් දුන්නා වගේ එයා ඊට වඩා අමාරුවක වැටුණා. මවුලානා විවාහ දෙකක් කරගෙන හිටියේ. දෙවන විවාහය කර ගන්නේ බොරු නමක් දීලා ව්‍යාජ විවාහ සහතිකයක් හදලා. බිරින්දෑවරු දෙන්නාටම හොරෙන් තමයි මෙයා ස්විට්සර්ලන්තයට පැන ගන්නේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..