යුද්ධය අවසන් කිරීමෙන් පූර්ණ නිදහස අත්පත් කරගන්න සමත් වෙලා නැහැ - ජනපති අනුර ජාතික රණවිරු සැමරුමේ දී කියයි..
යුද්ධය නිම කිරීමෙන් මෙරට පූර්ණ වශයෙන් නිදහස් වී නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
අද (19) පැවැති ජාතික රණවිරු සැමරුමට සහභාගී වෙනමින් ජනාධිපතිවරයා පැවසුවේ රට පූර්ණ ජයග්‍රාහකයින් නොමැති බවත් පූර්ණ ජයග්‍රාහකයින් බවට පත්විය හැකි වන්නේ මෙරට නීතිය හා සාමය පූර්ණ වශයෙන් ස්ථාපි කිරීමෙන් පමණක් බවය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා,
"අපි ඇති තරම් ලේ හලලා තියෙනවා. මේ මහ පොලොව තෙත් වෙනකන් ලේ හලපු ජාතියක් අපි, ගංගා රුධිරයෙන් ගලාගෙන යන තරමට ලේ හලපු ජාතියක් අපි, අම්මලා තාත්තලාගේ දෙමාපියන්ගේ කඳුළු ගංගා පිරෙන තරම් කඳුලු හලපු ජාතියක් අපි, යුද්ධයේ බිහිසුණුතම වේදනාවන්ට, බිහිසුණුම වේදනාවන්ගේ අත්දැකීම් ලබපු මිනිස්සු අපි, ඒවා අද්දැකීම් නම් යළි එවැනි තත්ත්වයක් ඇති වීම වැළැක්විය යුතුයි.
අපි පූර්ණ ජයග්‍රාහකයෝ නෙමේ. අපි පූර්ණ ජයග්‍රාහකයෝ බවට පත් විය හැකි වන්නේ මේ රටේ සාමය නිර්මාණය කිරීමෙන් පමණයි. ඒ නිසා ගෝරණාඩුවට බිය නොවී සාමය වෙනුවෙන් ගත හැකි සෑම පියවරක්ම ගන්න අපි ලෑස්තියි.
යළි යුද්ධයක් පිළිබඳ බියක් ඇති නොවන සමාජයක් අපි නිර්මානය කළ යුතුයි. මා දන්නවා එය ඉතා දුෂ්කර ව්‍යායාමයක්. නමුත් අපි කෙසේ හෝ සාර්තක කළ යුතු ව්‍යායාමයක්. උතුරෙත් දකුණෙත් බලය වෙනුවෙන් ජාතිවාදය නැවත කරළිගහන්න පටන් අරගෙන තියෙනවා.
සැබෑ මාතෘ භූමියේ නිදහස නම් අපිට යුද්ධය අවසන් කිරීමෙන් මාතෘ භූමියේ පූර්ණ නිදහස අත්පත් කරගන්න සමත් වෙලා නැහැ. මාතෘ භූමියේ පූර්ණ නිදහස යනු කුමක්ද ? අදත් මේ වර්ෂාව පතිත වෙන්න පටන් ගන්නකොට අපිට බියජනක තත්ත්වයක් එනවා නාය යාමට අවදානම් වූ කළාපයක ගෙවල් 4900ක් තියෙනවා. එතැනින් මොන කලාපයක නාය යාමේ අවදානමක පවතීද යන්න බයක් තියෙනවා අපි නිදහස්ද ?, අදත් ලෝකේ කුමන තැන හෝ ගැටුමක් ඇති වුවහොත් අපේ රටේ ආර්ථිකයට කොයිතරම් බලපෑමක් කරයිද කියලා අපිට බියක් තියෙනවා අපි නිදහස්ද?, අපි ආර්ථික වශයෙන් බංකොලොත් වූ රාජ්‍යයක කොහෙද අපිට නිදහසක් තියෙන්නේ ? කොහෙද අපිට ස්වෛරී භාවයක් තියෙන්නේ. අද අපි ආර්ථිකමය ස්වෛරීභාවය අහිමි කරගත්ත රාජ්‍යයක් ඒක ඇත්ත. අපිට අපේම වූ ආර්ථිකමය තීරණ ගැනීම සඳහා ශක්තියක් නොමැති ජාතියක්. ඒ නිසා මේ මාතෘ භූමිය ලෝකයේ ඉදිරිපිට අභිමානවත් රාජ්‍යයක් බවට පරිවර්ථනය කරන්න නම් මේ ආර්ථික පරිවර්ථනය අපි අත්පත් කරගත යුතුයි. නීතියේ විධානයේ ආධිපත්‍ය කුමන දුෂ්කරතා මත හරි මේ රාජ්‍යයේ ස්ථාපිත කළ යුතුයි. මේ රටේ රාජ්‍ය පාලනය පිළිබඳව ලෝකය ඉතාමත් ප්‍රශංසා මුඛයෙන් කතා කළ යුතුයි. අපේ රටේ අපරාධ, කුඩු, වසංගතවලින් තොර රාජ්‍යයක් අපි නිර්මාන්‍ය කළ යුතුයි, ගැටුම් නැති වෛරය නැති රාජ්‍යක් අපි නිර්මාණය කළ යුතුයි. එතන තමයි අපිට පූර්ණ නිදහසත්, මව්බිමේ ශක්තිමත් ස්වෛරීභාවයත් නිර්මාණය වෙන්නේ...."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කන්නන්ගර මහතා නොසිටියා නම් අද ශ්‍රී ලංකාවේ අධ්යාපනය සිංහල නොවෙයි.. භාෂාවත් සිංහල නොවෙයි.. - ස්වභාෂා අධ්යාපනයට සිදුවූ දේ මහාචාර්ය පූජ්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි හෙළිකරති..
යුරෝපයේ මහා පරිමාණ සංක්රමණය: අනාගතයේ දැඩි ජනගහන අර්බුදයක්.. ස්වදේශික ජනතාව සුළුතරයක් වීමේ අවදානමක්..
මහ බැංකු මොනිටරින් බෝර්ඩ් එකේ මූල්ය සමාගම්වල පිල්ලි; සුජාතභාවය ගැන සැකයක්..
කතානායක ජගත් වික්රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්‍යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්රකාශයක්..