News Category
From Date
To Date
Maximum Number of Result

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලට අදාළව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසන්නේ ඇතැම් කතෝලික පියතුමන්ලාට වඩා සුරේෂ් සලේ මහතා මෙරට ජාතික ආරක්ෂාව වෙනුවෙන් සහ රට වෙනුවෙන් විශාල සේවයක් ඉටුකළ නිලධාරියකු බවය.

රජය විසින් කෙසෙල් ගස්වල පට්ටාවලින් රෙදි නිෂ්පාදනය කිරීමට අවධානය යොමු කිරීමට ප්‍රථම, වත්මන් ආර්ථික අර්බුදය හමුවේ දැඩි අවදානමකට ලක්ව ඇති මෙරට පවතින ඇඟලුම් කර්මාන්තශාලා සුරක්ෂිත කිරීමට ප්‍රමුඛතාව ලබා දිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

2019 වසරේ සිදුවූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා විශ්‍රාම යාමට ආසන්න දිනකදී සිදුකළ "පාස්කු ප්‍රහාරය පිටුපස මහා කුමන්ත්‍රණයක් පවතිනවා" යන ප්‍රකාශය පිළිබඳව හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා 'අද දෙරණ' විශේෂ වැඩසටහනකට එක්වෙමින් අදහස් දක්වා තිබේ.

හිටපු බුද්ධි අංශ ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා රහස් පොලිසිය (CID) මගින් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට එරෙහිව ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් විසින් සංවිධානය කරනු ලබන විරෝධතා ව්‍යාපාරයක් 2026 ජූනි 24 වන අඟහරුවාදා පස්වරු 3.00 ට ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබිණි.

හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සිය යුද හමුදා සේවා කාලය අවසන් කර විශ්‍රාම ගන්නා අවස්ථාවේදී, තමන් භාරයේ තිබූ ලැප්ටොප් පරිගණක සහ ජංගම දුරකතන ඇතුළු සියලුම රාජකාරි භාණ්ඩ යුද හමුදාපතිවරයා වෙත නිසි පරිදි භාර දී ඇති බව ඔහුගේ නීතීඥ සංජීව වීරවික‍්‍රම මහතා පවසයි.

කීර් ස්ටාමර්ගේ ඉල්ලා අස්වීමෙන් පසු බ්‍රිතාන්‍යයේ මීළඟ අගමැති ධුරය සහ ලේබර් පක්ෂ නායකත්වය සඳහා ඇන්ඩි බර්න්හැම් සිය අපේක්ෂකත්වය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තා වේ.

තම ජීවනෝපාය සුරක්ෂිත කරගැනීම සඳහා ස්ථාවර වැඩපිළිවෙළක් සකස් කර දෙන ලෙස ඉල්ලමින් මාදැල් ධීවර ප්‍රජාව ජනාධිපති ලේකම් කාර්යාලය අභියස විරෝධතා ව්‍යාපාරයක් යළි ආරම්භ කර තිබේ. පාලකයින් විසින් මෙතෙක් කිසිදු නිශ්චිත තීරණයක් ප්‍රකාශයට පත් නොකිරීම මීට හේතුව වී ඇත.

මැයි මාසයේ මෙරට උද්ධමන අනුපාතනය 5.4%ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියර් ස්ටාමර් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.


ප්‍රධාන පුවත්

ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින නිදහස් වෙළඳ ගිවිසුම වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි යාවත්කාලීන කිරීම සඳහා දෙරටේම නියෝජිතයන්ගෙන් සමන්විත ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවීමට එකඟතාව පළ වී තිබේ.

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම ගන්නා වයස සහ ධුර කාලය වෙනස් කිරීම සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තු අනුමැතියෙන් පමණක් සිදු කළ නොහැකි බවත්, ඒ සඳහා ජනමත විචාරණයක් පවත්වා මහජන අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය වන බවත් හෙළි වී තිබේ.

NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් අක්කර දහස් ගණනක භූමි ප්‍රමාණයකින් යුත් ගොවිපළ 32න් 26ක් වසර 30ක කාලයක් සඳහා පෞද්ගලික සමාගම් 7ක් වෙත බදු දීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කෘෂිකාර්මික හා පශු වෛද්‍ය ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයක් සහ විරෝධයක් නිර්මාණය වී තිබේ.

ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ජාතික ජන බලෙව්ගයට ලැබී ඇත්තේ අතීතයේ ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබූ වටිනාකම බවත්, මේ සිදුවෙමින් පවතින ක්‍රියාවලිය දෙස බැලීමෙදී අතීතයේ ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැගීමට උරදුන් පුද්ගලයකු ලෙස තමන් ඉතාමත් කණගාටුවට පත්වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..

කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.

''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.

සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..

සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.

විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.