News Category
From Date
To Date
Maximum Number of Result

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අත්අඩංගුවට ගෙන ඇත.

මෙරට විදුලිය ගාස්තුව සංශෝධනය කිරීමට පසුගිය ජනවාරි මාසයේදී විදුලිබල මණ්ඩලය කටයුතු කර තිබෙන බවත් එම සංශෝධනයත් සමග විදුලිය නිෂ්පාදනය කිරීමේ පිරිවැය, නව ගාස්තුවෙන් ආවරණය නොවන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තක්සේරු කර ඇතැයි එම අරමුදලේ ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ මාර්ගගත ආරක්ෂණ පනත ඇතුළු දැඩි නීති සංශෝධනය කරන ලෙසත්, උතුර හා නැගෙනහිර ප්‍රදේශවල නිරීක්ෂණ සහ බියගැන්වීම් පිළිබඳ වාර්තා සම්බන්ධයෙන් කටයුතු කරන ලෙසත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම(UNHRC) ශ්‍රී ලංකාවෙන් ඉල්ලා තිබේ.

ජාතික ජන බලවේගය විසින් මැතිවරණයට ඉදිරිපත් කර බහුතර ජනතා අනුමැතියක් ලබාගත් “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති ප්‍රකාශය රජයේ ජාතික ප්‍රතිපත්ති රාමුව ලෙස පිළිගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආගමනය චීන-යුරෝපා රාජ්‍ය තාන්ත්‍රික සහ වෙළඳ සබඳතාවලට බලපාන ලබන ආකාරය කෙසේදැයි මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් , 14 වන ජාතික මහජන කොංග්‍රසයේ (NPC) තුන්වන සැසිවාරයේ ප්‍රකාශක ලූ ක්වින්ජියන් පැවසුවේ චීනය යුරෝපා සංගමය සමඟ සබඳතාවලට ඉහළ වැදගත්කමක් ලබා දෙන බවයි.

ඇමරිකාවේ "අවදි (සමාජ අසාධාරණය සහ වෙනස්කම් කිරීම පිළිබඳව අවදියෙන් සිටීම සහ සැලකිලිමත් වීම )" සංස්කෘතිය හෙළා දකිමින්, ළමුන් සඳහා "ලිංගික වෙනස්වීම්" ක්‍රියා පටිපාටි තහනම් කිරීමට මැදිහත් වන ලෙස එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කොංග්‍රසයෙන් ඉල්ලා ඇතැයි වාර්තා වේ.

රිය අනතුරු අවම කරගැනීමේ අරමුණින් අමෙරිකාවේ නිෂ්පාදනය කරන ලද නවීන තාක්ෂණයෙන් යුත් SPEED GUN උපාංග ශ්‍රී ලංකා පොලීසිය වෙත ලැබී තිබේ.

රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැදගත්ම අංගය බදු ගෙවන්නන් විසින් අවසානයේ ආපසු ගෙවීමට සිදුවන පාඩු හෝ ණය සමුච්චය වීම වළක්වා ගැනීම සඳහා රාජ්‍ය ව්‍යවසායන් විචක්ෂණශීලී ආකාරයකින් කළමනාකරණය කිරීම බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෘත්තිය ක්‍රියාමාර්ගය අත්හිටවූවද තමන් සැලසුම් කළ පරිදිම අනිද්දා (06) දිනයේ වෘත්තිය ක්‍රියාමාර්ගයේ නියැළෙන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය පවසයි.


ප්‍රධාන පුවත්

රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?

මේ වන විට දිවයින පුරා පැපොල රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබුණද, රෝගය වැළැක්වීමට උපකාරී වන වරිසෙල්ලා එන්නත දැනට රජයේ රෝහල් ගබඩාවල නොමැති බව වාර්තා වේ.

චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?

(නැගෙනහිර චීන විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ මෙන්ම ගුවාන්චා මාධ්‍ය දායකයේ මහාචාර්යවර්යෙකු වන ලියු ජුන් සහ මොස්කව් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක, නැගෙනහිර චීන සාමාන්‍ය විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ තරුණ පර්යේෂක යැං ෂුපින් විසින් රචිත ලිපියකි.)

ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ඉන්දියාව භූ දේශපාලන වෛශ්‍යාවක් ලෙස දේශපාලන විචාරකයන් පවා හඳුන්වන බවත්, ඔවුන් ආර්ථික වාසිය තකා චීනයත් සමග ගනුදෙනු කළ ද, රෑට නිදාගන්නේ අමෙරිකාව සමග බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා නිවැරදිව විග්‍රහ කරගනිමින් න්‍යායාත්මකව පැහැදිලි කර ඇති බවත්, ඉන්දියානු න්‍යායපත්‍රය ඉදිරියට රැගෙන යාමට නම් ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ගැටුම් නිර්මාණය කර ශ්‍රී ලංකාව දුර්වල කළ යුතු බව ඉන්දියාව දැන සිටි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..

බෞද්ධයන් අත්‍යාගමීකරණයට ලක්කරන බවට චෝදනා එල්ලවී ඇති චාල්ස් තෝමස් නමැති පුද්ගලයා විසින් මල්වතු විහාර පාර්ශ්වයට අයත් පාදෙණිය රජ මහා විහාරයේ දී පැවැත්වීමට නියමිත වඩසටහනක් සම්බන්ධයෙන් බෞද්ධ ජනතාවගේ විරෝධය මේ වන විට එල්ලවී ඇති බව සඳහන් කරමින් මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ විසින් පාදෙණිය රජ මහා විහාරධිපති හිමියන්ට යොමුකළ ලිපියක් අප වෙත ලැබී තිබේ.

නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)

ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.

නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..

දෙවන ලෝක යුද්ධය අවසන් කළ දිනය සහ, නාසිවාදී පැසිස්ට්වාදය පරාජය කළ දිනයද මැයි 9 වැනි දා වන අද දිනය බවත්, ලෝකයේ සියලු ජනයාට සහ සතා සිවුපාවාට පවා නිදහසේ ජීවත්විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නාසිවාදී පැසිස්ටිවාදය පරාජයට පත්කළ දිනය වන්නේ අද බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි

කියෙව් පරිපාලනය කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව “සම්පූර්ණ සටන් විරාමයකට” සූදානම් බව යුක්රේන නායක ව්ලැඩිමීර් සෙලෙන්ස්කි නිවේදනය කර තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.