News Category
From Date
To Date
Maximum Number of Result

සමගි ජන බලවේග පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය පළාත් පාලන මැතිවරණය සදහා එක්ව තරග කිරීමට වන සාකච්ඡා පසුගිය දිනවල පැවැත්විණ. එහෙත් නායකත්වය හා ලාංඡනය පිළිබඳව සාකච්ජා කළද සමගි ජන බලවේගය විසින් ටෙලිෆෝනය මිස වෙනත් කිසිදු ලාංඡනයකට එකඟ නැතැයි එක්සත් ජාතික පක්ෂයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

රජයේ සහතික මිලට වඩා වැඩි මිලකට පෞද්ගලික අංශය වී මිලදී ගනිමින් සිටින බැවින් එයින් අදහස් වන්නේ රජයට සැලසුම් කර ඇති පරිදි වී තොග සුරක්ෂිත කර ගැනීමට නොහැකි වනු ඇති බව සමස්ත ලංකා කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති යූ.කේ.සේමසිංහ පවසයි.

මෙරට දිගු කාලීන ණය ශ්‍රේණිගත කිරීම ඉහළ දැමීමෙන් පසුව ඇමෙරිකාව පදනම් කරගත් ණය ශ්‍රේණිගත කිරීම් ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් මෙරට රක්ෂණ සමාගම් 4 ක ජාතික රක්‍ෂක මූල්‍ය ශක්තිය ශ්‍රේණිගත කිරීම ඉහළ දමා ඇත.

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) ආරම්භ කිරීමට අදාළ මූලික කටයුතු මේ වනවිට සිදු කරමින් පවතින බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කළා.

ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාථ තෙන්නකෝන් මහතා පවසන්නේ රුපියල් 120ට නොව 130ට වී ගත්තද දැන් පවතින මිලට වෙළඳ පොළට සහල් ලබාදීමේ හැකියාව පවතින බවයි. ඒ සදහා මිල සූත්‍රයක්ද ඔහු විසින් ඉදිරිපත්කළ අතර වැඩිදුරටත් පැවසුවේ. රජයන් විසින් වී මෝල් හිමියන් සදහා පනවා ඇති අධික බදු ඉවත් කරන්නේනම් තවත් අඩුවෙන් සහල් නිෂ්පාදනය කිරීමේ හැකියාව පවතින බවයි.

විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවලට කරන දේශපාලන පත්වීම් පිළිබඳව ශ්‍රී ලංකා විදේශ සේවා සංගමය දැඩි කනස්සල්ල පළ කරන බව එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මන්නාරමේ ඉදිකිරීමට යෝජිත මෙගාවොට් 50ක සුළං විදුලි බලාගාරයේ ටෙන්ඩරය ලබාදීමට සුදුසුකම් සහිත සමාගමට ලබා නොදී දේශපාලන හිතවත්කම් මත වෙනත් ප්‍රසිද්ධ සමාගමකට ලබා දීමට කැබිනට් අනුමැතිය ලබාගෙන ඇතැයි වාර්තාවේ.

යූටියුබ් නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතා පවසන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තමා මසකට රුපියල් 56,000ක වැටුපක්, රුපියල් 125,000ක ගමනාගමන දීමනාවක් ඇතුළුව රුපියල් 275,000ක පමණ වැටුප් සහ දීමනා ලබාගන්නා බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කළ යුතු බවට ඉදිරිපත් කෙරුණු පෞද්ගලික මන්ත්‍රී යෝජනාව පාර්ලිමේන්තුවේදී අද (7) පස්වරුවේ සම්මත විය.


ප්‍රධාන පුවත්

සුරේෂ් සලේගේ පරිගණක මුරපද CIDයට දීම මිලේනියම් සිටි පාවාදීමටත් වඩා භයානකයි.. රාජ්‍ය බුද්ධි රහස් ඩයස්පෝරාවේ කුලීකරුවන්ට පාවා නොදෙනු! - ජයන්ත සමරවීර

රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානී මේජර් ජෙනරල් තුවාන් සුරේෂ් සලේ මහතා සතු ජාතික ආරක්ෂාවට අදාළ අතිශය රහසිගත බුද්ධි තොරතුරු සහ පරිගණක මුරපද (Passwords) ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව උත්සාහ කරමින් සිටින බවත්, එම තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වත්මන් බලධාරීන්ට ලබාදීම රට පාවාදුන් “මිලේනියම් සිටි” පාවාදීමටත් වඩා භයානක අපරාධයක් හා විනාශයක් රටට අත්පත්කර දීමක් බවත් ජාතික නිදහස් පෙරමුණ අවධාරණය කරයි.

හම්බන්තොට වරාය අසල අක්කර 108ක් සංවර්ධනය කිරීමට විදේශීය ආයෝජකයින් සොයයි..

හම්බන්තොට ප්‍රදේශයේ පිහිටි අක්කර 108ක ඉඩමක් කර්මාන්ත සහ බහාලුම් (container) ව්‍යාපෘතියක් සඳහා වසර 50කට බදු දීමට සහ ඒ සඳහා ආයෝජකයින් කැඳවීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

සූරේෂ් සලේව නිරුවත් කළ බව CIDය පිළිගත්තා.. - සලේගේ බිරිඳගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සූරේෂ් සලේ මහතා රඳවා සිටියදී නිරුවත් කර පරීක්ෂාවකට ලක් කළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පිළිගත් බව සූරේෂ් සලේ මහතාගේ බිරිඳ, මනෝරි සලේ මහත්මිය පවසන්නීය.

පැල්වත්ත ඩේරි ඉන්ඩස්ට්‍රීස් ආයතනයේ නිර්මාතෘ සහ සභාපති ආරියශීල වික්‍රමනායක 2026 වසරේ ආසියාවේ ශ්‍රේෂ්ඨතම වෙළඳ නාම සහ නායකයන් අතර ගෞරවයට පාත්‍ර වෙයි..

පැල්වත්ත ඩේරි ඉන්ඩස්ට්‍රීස් ලිමිටඩ් ආයතනය 2026 වසරේ ආසියාවේ ශ්‍රේෂ්ඨතම වෙළඳ නාම (Asia’s Greatest Brands 2026) අතරට තේරී පත්ව ඇති අතර, එහි නිර්මාතෘ සහ සභාපති ආරියශීල වික්‍රමනායක මහතා 2026 වසරේ ආසියාවේ ශ්‍රේෂ්ඨතම නායකයන් (Asia’s Greatest Leaders 2026) අතරට නම් කර ගෞරවයට පාත්‍ර කර ඇත.

සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට එරෙහිව පැරීසියේදී දැවැන්ත විරෝධතාවයක්..

හිටපු බුද්ධි අංශ ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා රහස් පොලිසිය (CID) මගින් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට එරෙහිව ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් විසින් සංවිධානය කරනු ලබන දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් 2026 ජූනි 24 වන අඟහරුවාද පස්වරු 3.00 ට ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

ඩොලරය අතහැර රුපියල්වලින් ගණුදෙනු කරන්න ඉන්දු - ලංකා අවධානය..

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සිදු කෙරෙන ද්විපාර්ශ්වික වෙළඳ කටයුතුවලදී ඇමෙරිකානු ඩොලරය මත යැපීම අවම කර, දෙරටේ දේශීය මුදල් ඒකක වන රුපියල් භාවිතයෙන් සෘජුවම ගනුදෙනු පියවීම කෙරෙහි අවධානය යොමුව ඇති බව වාර්තා වේ.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්..

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළේය.

උතුරේ සිංහල ජනාවාස දරුණු අර්බුදයක.. පවුල් 300කට වඩා බෞද්ධහරණයට ලක්වෙලා.. - ආචාර්ය චන්න ජයසුමන හෙළිකරන කතාව

උතුරු පළාතේ සිංහල ජනාවාසවල අවසන් සීමාව සනිටුහන් කරන පදවි ගොවි ජනපදයේ බෝගස්වැව ඇතුළු ගම්මාන රැසක බෞද්ධ ජනතාව ඉලක්ක කරගනිමින් ඉතා සූක්ෂම බෞද්ධහරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

වසවිලාන් හමුදා රෝහලේ ඉදිකිරීම් වහාම නවත්වනු! - වලිකාමම් උතුරු ප්‍රාදේශීය සභා සභාපති යාපනය ආරක්ෂක සේනාංක මූලස්ථානය වෙත ලියයි

යාපනයේ වාසවිලාන් ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින නව යුද හමුදා රෝහලේ ඉදිකිරීම් කටයුතු වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කරන ලෙස වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් යාපනය ආරක්ෂක සේනාංක මූලස්ථානය වෙත ලිපියක් මගින් දැනුම් දී තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.