ජනතාවට හොරෙන් රට QUAD යුධ සන්ධානයට.. ඉන්දියාවෙන් පසු ජපානයත් සමග රහසිගත හමුදා සන්ධානයකට සූදානමක්..
ඉන්දියාවෙන් පසු ජපානයත් සමග රහසිගත හමුදා සන්ධානයකට සූදානමක් ඇතැයි ජන අරගල ව්‍යාපාරය පවසයි.
නුගේගොඩදී විශේෂ මාධ්‍ය හමුවදී අදහස් දැක්වූ ජන අරගල ව්‍යාපාරයේ ජාතික විධායක සභික වසන්ත මුදලිගේ මහතා මෙසේ පැවසීය.
“සැප්තැම්බර් 30 වෙනිදා ජපානයේ විදේශ කටයුතු ඇමතිවරයා සහ ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ඇමතිවරයා අතර යම් සාකාච්ඡාවක් පැවත්වුණා. මේ සාකාච්ඡාවට අදාළව කරුණු ප්‍රමාණයක් ජපන් තානාපති කාර්‍යාලය හරහා මේ වෙද්දිත් මාධ්‍යට හෙළිදරව් කරලා තියනවා. නමුත් ලංකාවේ රජය තවමත් මේ සාකාච්ඡාව ගැන කිසිඳු විදිහකින් ජනතාවට කරුණු සඳහන් කරලා නෑ. අපි දන්නවා මේ ආණ්ඩුව පසුගිය අප්‍රේල් 5 වෙනිදා ඉන්දියාව සමග ගිවිසුම් ප්‍රමාණයක් අතසන් කළා. නමුත් අදටත් ඒ ගිවිසුම් ගැන ඇහුවම ආණ්ඩුව නිහඬයි. හැබැයි දැන් මන්නාරමට ගියාම, ත්‍රිකුණාමලයට ගියාම අපිට අත්දකින්න පුලුවන් එදා ජනතාවට හොරෙන් අත්සන් කරපු ගිවිසුම්වල තිබුණ කොන්දේසි මොනවද කියලා. අද ඒ ප්‍රදේශවල ජනතාව බලහත්කාරයෙන් එලවලා ඉන්දියානු සමාගම්වලට ඉඩම් ටික විකුණනවා. අන්න ඒක නිසා තමයි අපි ප්‍රශ්න කරන්නේ මේ ආණ්ඩුවෙන් ජපානයත් එක්ක මේ පැවති සාකාච්ඡාවේදී කතාකලේ මොනවද? කියලා. මොකද ආණ්ඩුව අද රටවල් එක්ක ඇතිකරගන්න එකඟතාවල, අත්සන් කරන ගිවිසුම්වල ප්‍රතිඵල භුක්ති විඳින්න වෙන්නේ මේ රටේ ජනතාවට. ඒ නිසා අපි හිතන විදිහට කාටත් වැඩිය රටේ ජනතාවට අයිතියක් තියනවා ආණ්ඩුව කරන කියන දේවල් සම්බන්ධයෙන් ප්‍රශ්න කරන්න.
නිදහස් හා විවෘත ඉන්දු පැසිෆික් කලාපයක් සඳහා දෙරට අතර ආරක්ෂක සහයෝගිතාවය වර්ධනය කරගැනීම සම්බන්ධයෙන් තමයි පසුගියා සැප්තැම්බර් 30 වෙනිදා ජපානයේ ටෝකියෝ නුවරදි මේ සාකාච්ඡාව ඇතිකරගන තියෙන්නේ. ජපානය පැත්තෙන් කියන විදිහට ලංකාවේ නාවික හමුදාවන්ට ගුවන් යානා පුහුණු වීම් සඳහා සහයෝගය ලබා දීමට එකඟවෙලා තියනවා. ඊලගට UAV වර්ගයේ ඩ්‍රෝන යනා ලබා දීමටත් මෙහිදී එකඟතාවයක් ලැබිලා තියනවා. ඒ වගේම තමයි කලාපයේ රටවල විවිධ දේශපානලන සහ යුධමය මැදිහත්වීම් ගැන මෙහිදී කරුණු රැසක් සාකාච්ඡා කරල තියනවා. දැන් මේ සාකාච්ඡාව අතිශයින් සාර්ථකයි කියලා තමයි ජපානය පැත්තෙන් නිවේදනය කරලා තියෙන්නේ. නමුත් ලංකාවේ රජය හෝ කැබිනට් ඇමතිවරයා මේ සාකාච්ඡාව සම්බන්ධයෙන් තවමත් කෙළ පිඬක්වත් හැලුවේ නෑ.
අපි දන්නවා OSA එහෙමත් නැත්තං නිදහස් හා විවෘත ඉන්දු පැසිෆික් කලාපයක් සඳහා වන සාකාච්ඡාව මුලින්ම ඇතිවුනේ 2022 අවුරුද්දෙදි. ඒ ජපන් පාර්ලිමේන්තුව ඇතුලේ. ඒ වෙලාවේ ජපන් කැබිනෙට්ටුවේ තීරණයකට අනුව ඉන්දු – පැසිෆික් කලාපයේ ආරක්ෂාව තහවුරු කරගන්න කියලා ඔවුන් සකස් කලා OSA නමින් ප්‍රතිපත්ති මාලාවක්. අද වෙද්දි බංගලිදේශය, මැලේශියාව, මොංගෝලියාව වගේ රටවල් මේ ප්‍රතිපත්තිය සමඟ එකඟතාවයෙන් කටයුතු කරමින් යනවා. දැන් ජපානය විසින් නැගෙනහිර ටිමෝරය, පැපුවා නිව්ගීනියා, තායිලන්තය, පිලිපීන සහ ලංකාව වගේ රටවල් එක්කත් සාකාච්ඡා කරමින් ඉන්නේ ඒ 2022 දී කරළියට ගෙනාව වැඩපිළිවෙළ ගැනම තමයි.
මේ වැඩපිළිවෙළ පැහැදිලිවම කලාපයේ ආරක්ෂවා එක්ක බැඳුණු යුධමය එඟතාවයක්. දැන් අපිට මේ සම්බන්ධයෙන් ආණ්ඩුවෙන් අහන්න තියනවා ප්‍රශ්න කිහිපයක්. එක තමයි ජපානය සමග මේ ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න අණ්ඩුව එකඟ වුනා ද ? දෙවෙනි එක මෙතනදි සාකාච්ඡාවට ගත්ත කරුණු මොනවද ? ඒ තොරතුරු සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය මොකක් ද ? ඊලගට හතරවෙනි ප්‍රශ්නෙ තමයි මේ සාකාච්ඡාවේ අන්තිම ප්‍රතිඵලය වෙන්නේ ජපානය සමග ආරක්ෂක ගිවිසුමකට එළඹීම ද ? අනිත් කරුණ තමයි ජපානය සමග ආරක්ෂක සහයෝගිතාවකට යනවනං ඊට අදාළව එකඟ වෙන කොන්දේසි මොනවද ? අපි හිතනවා ආණ්ඩුව පැත්තෙන් වහාම මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න ඕන.
අපි දන්නවා 2017දී ජනතාවගේ විරෝධය නොසලකා එවකට ආණ්ඩුව ඇමරිකාව එක්ක ඇක්සා ගිවිසුම අත්සන් කළා. එතනින් පස්සේ 2025දී මේ ආණ්ඩුව ඉන්දියාව සමග ආරක්ෂක ගිවිසුමක් ඇතිකරගෙන තියනවා. ඒ ගිවිසුම් අනුව කලාපයේ ඇතිවන යුද්ධයකදී මේ රටවලට අපේ රටේ සම්පත් භූමිය ප්‍රයෝජනයට ගන්න පුලුවන්, රෝහල් පහසුකම් ලබා ගන්න පුලුවන්. දැන් ජපානය එක්කත් එවැනිම බරපතළ ගිවිසුමකට එළඹෙන්න ද ආණ්ඩුව මේ සූදානම් වෙන්නේ. මේක බරපතළ ප්‍රශ්නයක්. මොකද ඇමරිකාව, ඉන්දියාව, ජපානය කියන රටවල් තුනම කව්ඩ් යුධ සම්මුතිය ඇතුළේ ඉන්නවා. එතකොට ලංකාව ගිහිල්ලා මේ රටවල් එක්ක මිලිටරි ගිවිසුම් අත්සන් කරනවා කියන්නෙම නොනිල විදිහට ක්වස් සම්මුතියට ඇතුළු වීමක්. අද වෙද්දි කවඩ් එකතුව සැලකෙන්නේ ආසියාවේ නේටෝ එක විදිහට.
අපි දන්නවා මේ පවතින ආර්ථික දේශපානලන බලගැටුම් එක්ක අනාගතයේ ලෝකය කියන්නේ බලකඳවුරු අතර බරපතළ ගැටුම් නිර්මාණය වෙන්න නියමිත අවධිකයක්. එහෙම තත්වයක් ඇතුළේ අපි පාර්ශවයක් නියෝජිතය කිරීම අවාසිදායකයි. අනාගතයේදී මේකෙන් බැට කන්න වෙන්නේ ලංකාවේ ජනතාවට. මේ ආණ්ඩුව කැලේ ඉන්න නයි ගෙනල්ලා ගේ අස්සේ දාන්න ලෑස්ති වෙනවා. අන්තිමට ඒ නයි දෂ්ට කරන්නේ රටේ ජනතාවට.
ආණ්ඩුව ඡන්දෙ ගන්න කොට ජනතාව ඉස්සරහට ඇවිත් කතන්දර ගොඩක් කිව්වා. ජනතාවගෙන් අහන්නෙ නැතුව බරපතළ දේශපානලන ආර්ථික තීරණ ගන්නේ නෑ කියලා තමයි ආණ්ඩුව කිව්වේ. හැබැයි දැන් ජනතාවටත් කොළේ වහලා රට බරපතළ යුධ උගුලක හිර කරන්න ආණ්ඩුව සූදානම් වෙනවා. අපි හිතනවා රටේ ජනතාව වහාම මේකට මැදිහත් වෙන්න ඕන. අපි එදා අනතුරු හැඟෙව්වා වගේම ඉන්දියන් ගිවිසුම්වල ප්‍රතිඵල අද ත්‍රීකුණාමලේ ජනතාවට ලැබෙමින් තියෙන්නේ. දැන්වත් ආණ්ඩුවේ මේ අත්තනෝමතික වැඩපිළිවෙළ පරාජය කරන්න මැදිහත් වීමක් කරමු කියන යෝජනාව අපි මේ වෙලාවේ ජනතාවට ඉදිරිපත් කරනවා. ඒ වගේම තමයි ආණ්ඩුවටත් මතක් කරන්න ඕන ජනතාවක් ඉන්නේ ඡන්ද ටික ගන්න විතරක් නෙවෙයි. රටේ තීරණාත්මක බලය තියෙන්නේ ජනතාව අතේ. හැබැයි ඒ බලය අමතක කරලා ආණ්ඩුව අත්තනෝමතික විදිහට නම් වැඩ කරගෙන යන්නේ පසුගිය ආණ්ඩුවලට අත්වුණු ඉරණම දැන්ම මතක් කරගන්න කියලා අපි ආණ්ඩුට මතක් කරනවා. “
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්