News Category
From Date
To Date
Maximum Number of Result

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 11ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 93කට නිකුත් කර ඇති නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන තවදුරටත් දීර්ඝ කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

දිවයිනට බලපෑ අධික වර්ෂාව සහිත කාලගුණය හේතුවෙන් ලංකා ලීඩර් නිවුස් වෙබ් අඩවිය තුළ පසුගිය දින දෙකේදී ප්‍රවෘත්ති යාවත්කාලිීන නොවූ අතර ඒ පිළිබඳව ලංකා ලීඩර් පාඨකයන්ට අපගේ කණගාටුව මෙසේ පළකරමු.

දිවයිනට බලපෑ අධික වර්ෂාව සහිත කාලගුණය මේ වනවිට ක්‍රමානුකූලව අඩුවෙමින් පැවතියත්, නායයෑමේ තර්ජනය ක්‍රමානුකූලව වැඩිවන ස්වභාවයක් පෙන්නුම් කරන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

අධික වර්ෂාව නිසා පළාත් රැසක භෝග වගාවන් විශාල වශයෙන් ජලයට යටවී තිබීම නිසා වෙළෙඳපොළට එළවළු, අල, ලූනු වර්ග සැපැයීම අඩුවී ඉදිරියේදී එම භාණ්ඩවල මිල වැඩිවෙනු ඇතැයි පාරිභෝගික අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා පැවැසීය.

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ දක්වා සිදු වූ මරණ ගණන 159ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනතාවට සංවේදී සේවාවන් කිහිපයක් අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ව්‍යසනය මධ්‍යයේ වෛද්‍ය සේවා අඛණ්ඩව සැපයීම සහතික කිරීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ඊයේ(28) සිට දෙසැම්බර් 4 දක්වා ක්‍රියාත්මක වන පරිදි සෞඛ්‍ය අංශයේ සතියක හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර ඇති බව පවසයි.

ඊයේ(27) පලවූ "The Island" පුවත් පතේ "Huge Question marks remain over Ukraine and Gaza (යුක්රේනය සහ ගාසා තීරය සම්බන්ධයෙන් දැවැන්ත ප්‍රශ්නාර්ථ ලකුණු ඉතිරිව පවතී) " යන මාතෘකාව යටතේ ලින් ඔකර්ස් විසින් රචිත ලිපියක් සම්බන්ධයෙන් රුසියානු තානාපති කාර්යාලය දැඩි විරෝධය පල කර තිබේ.

දිවයිනේ දිස්ත්‍රික්ක 7ක් සඳහා ජනතාවට වහාම ඉවත්වෙන ලෙස දැනුම් දෙමින් නායයෑම් රතු නිවේදනයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නිකුත් කර තිබේ.


ප්‍රධාන පුවත්

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බන්ධනාගාරයේ දී ඉවත්කොට අධිකරණයට ගෙන ඒම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ඇතුළු වගඋත්තරකරුවන් 10 දෙනෙකුට එරෙහිව බ්‍රිගේඩියර්(විශ්‍රාමික) අතුල හේමචන්ද්‍ර ද සිල්වා මහතා අභියාචනාධිකරණයේ නඩු අංක CA/WRIT/787/2026 යටතේ අද දින (2026.10.12) නඩුවක් ගොනුකර තිබේ.

චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..

චීන–ලාඕස දුම්රිය මාර්ගය ඔස්සේ සිදුකර ඇති සමස්ත වෙළෙඳ ගනුදෙනුවල වටිනාකම යුවාන් බිලියන 100 (ඇමෙරිකානු ඩොලර් බිලියන 14.9ක් පමණ) ඉක්මවා ගොස් තිබේ. එම මාර්ගය හරහා මේ වන විට ආනයන හා අපනයන භාණ්ඩ ටොන් මිලියන 20.77කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කර ඇති බව වාර්තා වේ.

ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹීමේ ආදර්ශය අනුගමනය කරමින් රුසියාව සමඟ ආර්ථික සබඳතා යළි ස්ථාපිත කරන ලෙස ජර්මනියේ විපක්ෂ දේශපාලන පක්ෂ දෙකක් ඉල්ලා ඇතැයි වාර්තාවේ.

රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්

රුසියාව සහ යුක්‍රේනය අතර වහාම ක්‍රියාත්මක වන පරිදි බලශක්ති ඉලක්ක වෙත එල්ල කරන ප්‍රහාර අත්හිටුවීමේ එකඟතාවක් ඇති කරගෙන තිබෙන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)

ඊයේ(11) දිනයේ උතුරු නේපාලයට බලපෑ හදිසි මහා ගංවතුර හේතුවෙන් නිවාස හා පාලම් රැසක් ගසාගෙන ගොස් ඇති අතර, පුද්ගලයන් පස්දෙනකුට අධික පිරිසක් අතුරුදන්ව සිටින බව වාර්තා වේ.

ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ

කැනඩාවේ ඔන්ටාරියෝ (Ontario) පළාත් ව්‍යවස්ථාදායකය විසින් 'දෙමළ ජන සංහාරය' (Tamil Genocide) යන සංකල්පය හෝ එය නිල වශයෙන් පිළිගෙන නොමැති බව එරට අධිකරණ තීන්දු මඟින් තහවුරු වී ඇති බව ආචාර්ය නෙවිල් හේවගේ මහතා පෙන්වා දෙයි.

ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..

බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ පා ගමන අද (12) තෙවන දිනටත් පැවැත්වේ.

"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..

ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමට පෙර තමන්ට ඇමතුමක් ලබාදී හමුවන ලෙස දැන්වූ බවත්, එහිදී උන්වහන්සේ පැවසුවේ උන්වහන්සේව අත්අඩංගුවට ගත් පසු සිවුර ගැලවීම අනිවාර්යෙන් සිදුකරන බව යැයිද, කළින්ම උන්වහන්සේ මේ පිළිබඳව දැනසිටි බවත්, තමන් සමග මේ සම්බන්ධයෙන් උන්වහන්සේ කතා කළ බවත් නීතිඥ සංජීව වීරවික්‍රම මහතා හෙළිදරව්වක් සිදුකරමින් පවසයි.

අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි

අනුරාධපුර පූජා නගරය ගොඩනැගීම සඳහා විශාල ආධාර මුදලක් ඉදිරියේදී ඉන්දියානු රජයෙන් ලැබීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.