ජනතා විමුක්ති පෙරමුණේ මහ ලේකම් ටිල්වින් සිල්වා බ්‍රිතාන්‍යයේ සිදු කරන සංචාරයක් අතරතුරදී ලන්ඩනයේදී එල්.ටී.ටී.ඊ. (LTTE) හිතවාදීන් පිරිසකගේ විරෝධයට ලක්වීම ප්‍රතිපත්තිමය වශයෙන් ඇති වූ විරෝධයක් නොව ජනාධිපතිවරණයට පෙර ඔවුන්ට දුන් පොරොන්දු ඉටු නොකිරීම නිසා ඇති වූ විරෝධයක් බවත්, එසේත් නැතිනම් ඔවුන්ට උතුරු සහ නැගෙනහිර අවශ්‍ය දේ සිදුකිරීමට ආණ්ඩුව ඉඩදීම මත එය වසා ගැනීමට සිදුකළ ව්‍යාජ විරෝධයක් ද විය හැකි බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස සිටියදී මෙරටට ගෙන්නන ලද Prednisolone eye drops භාවිතා කිරීම නිසා දිවියන පුරා රෝගීන් එකසිය පනහකට ආසන්න ප්‍රමාණයකට සදාකාලික හා තාවකාලික ආබාධිත තත්ත්වයට පත් වූ අතර විටින් විට එම රෝගීන් තමන්ට සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් විවිධ පැමිණිලි සහ උද්ඝෝෂණ පවා පවත්වන ලදී.
ජාතික ජන බලවේගය ආණ්ඩුව විද්‍යාවෙන් අවිද්‍යාවට යමින් ආයෝජකයන් ගේ අවශ්‍යතා ඉටු කිරීම ප්‍රධාන අරමුණ කර ගෙන අලි එළැවීමේ ව්‍යාපෘති අඛණ්ඩ ව සිදු කරන බවත්, ආයෝජකයන් පිනවීමට අලි එළැවීම වෙනුවට හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතය සුරක්ෂිත කළ යුතු බවත් ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ සජීව චාමිකර මහතා පවසයි.
ප්‍රධාන පුවත්
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි