එප්ස්ටීන්ගේ ලිපිගොනුවල ශ්‍රී ලංකාවේ නමත්..
ළමා අපචාර සිද්ධීන් සම්බන්ධයෙන් වැරදිකරුවකු වූ අමෙරිකානු ජාතික එප්ස්ටීන් පිළිබඳ එරටදී ප්‍රසිද්ධ කළ නව ලිපිගොනු මාලාවේ ශ්‍රී ලංකාව පිළිබඳ ද ස්ථාන 182ක සඳහන් වේ.
කෙසේවෙතත් ඒ කිසිදු ස්ථානයකට මෙරට තුළ ඔහුගේ වැරදි සිදුකර ඇති බවක් සඳහන් වන්නේ නැත.
ළමා අපචාර සිද්ධීන් සම්බන්ධයෙන් අමෙරිකාවේ වැරදිකරුවකු වූ ජෙෆ්රි එප්ස්ටීන්ගේ නඩුවට අදාළ නව ලේඛන මිලියන ගණනක් අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය සතියේ ප්‍රසිද්ධ කරන ලදී.
ඒ සමඟ, මේ වන විට හෙළිවී ඇති, එප්ස්ටීන් හා සම්බන්ධතා පැවැත්වූ ලොව අතිශයින් ම ධනවත් හා බලවත් පුද්ගලයන්ගේ නම් ලැයිස්තුව තවදුරටත් දීර්ඝ වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
"එප්ස්ටීන් ලිපිගොනු" ලෙස හඳුන්වන ලද මෙම ලේඛනවල නවතම නිකුතුව ඉකුත් ජනවාරි 30 වන දින එළිදැක්වුණු අතර, එහි පිටු මිලියන තුනක්, ඡායාරූප 180,000ක්, වීඩියෝ 2,000ක් ඇතුළත්ය.
එමෙන්ම බිලියනපතියන් වන රිචඩ් බ්‍රැන්සන්, බිල් ගේට්ස්, ඊලොන් මස්ක් වැනි ලෝක ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් කිහිපයක් ද ඊට ඇතුළත්ව තිබේ.
එම ලේඛනවලට ඔවුන්ගේ නම් ඇතුළත් වූ පමණින් කිසියම් වරදක් සිදු කර ඇති බවට ඉන් ඇඟවෙන්නේ නැත.
එවන් පසුබිමක එප්ස්ටීන් ලිපිගොනු වල ශ්‍රී ලංකාව පිළිබඳ අවස්ථා 182ක සඳහන් වේ.
එහි දැක්වෙන ඔහුගේ ‘ලිට්ල් සේන්ට් ජේම්ස්" හෙවත් ඔහුගේ රහස් දූපත ගොඩනැගීම සඳහා ලෝක ප්‍රකට ශ්‍රී ලාංකික ගෘහ නිර්මාණ ශිල්පී ජෙෆ්රි බාවාගේ අසමසම නිර්මාණ ශෛලීය ආභාසය ගැනීමට උත්සාහා දරා ඇති බවය.
අධිකරණය හමුවේ හෙළි වූ ඊමේල් පණිවුඩවලට අනුව එප්ස්ටීන්ගේ සමීපතමයෙකු වන ජූලියන් ලීස් විසින් ජෙෆ්රි බාවාගේ සුවිශේෂී ගෘහ නිර්මාණවල ඡායාරූප ඇතුළත් විද්‍යුත් ලිපියක් ඔහු වෙත යොමු කර තිබේ.
ස්වභාවධර්මය සහ ගොඩනැගිලි අතර අපූරු සංයෝගයක් ඇති කරන බාවාගේ නිර්මාණ ශෛලීය, තම දූපත තුළ ප්‍රතිනිර්මාණය කිරීම පිළිබඳ ඔවුන් දීර්ඝ ලෙස සාකච්ඡා පවත්වා ඇති බව එම වාර්තාවේ සඳහන්ය.
ජූලියන් ලීස් යනු 80-90 දශකවල ප්‍රබල බ්‍රිතාන්‍යය ආයුධ වෙළෙන්දෙකු වූ ඩග්ලස් ලීස්ගේ පුත්‍රයා වේ.
එප්ස්ටයින්ගේ ලේඛන තුළ ජූලියන්‍ගේ නම සටහන්ව ඇත්තේ හුදු මිතුරෙකු ලෙස පමණක් නොව, එප්ස්ටයින් සමග ව්‍යාපාරික සාකච්ඡාවන් සිදුකළ සමීපතම හවුල්කරුවෙකු ලෙසය.
ජූලියන් ලීස් දිර්ඝ කාලයක් පුරා ශ්‍රී ලංකාව සිය වාසස්ථානය කරගෙන සිට ඇති බවද එම වාර්තා පරීක්ෂා කිරීමේදී අනාවරණ වෙයි.
කෙසේවෙතත් එප්ස්ටීන් හා ජූලියන් ලීස් මෙරට තුළ කිසිඳු අපරාධ ක්‍රියාවක් සිදුකර ඇති බවක් ආදළ වාර්තාවල නොමැති අතර ඒ පිළිබඳව මෙරට ආරක්ෂක අංශවලට ද අනාවරණ වී නැත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..