News Category
From Date
To Date
Maximum Number of Result

පෘථිවිය මත පැවති කඳවුරු දෙකේ ගැටුම්කාරී පැරණි පිටපත, චන්ද්‍රයා ආශ්‍රිත අභ්‍යවකාශය තුළ ද ඇමරිකාව විසින් යළි ක්‍රියාත්මක කරමින් සිටී.

රුසියාවෙන් බොරතෙල් සහ ගෑස් මිලදී ගන්නා රටවල් සඳහා සියයට 100ක් දක්වා වූ දැවැන්ත තීරුබදු පැනවීමට සහ රුසියාවට එරෙහිව සම්බාධක දැඩි කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත පුළුල් බලතල ලබා දෙන නව පනත් කෙටුම්පතක් අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් සම්මත කර ඇති බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන විදේශීය සිසුන්ට ඔවුන්ගේ ස්වාමිපුරුෂයා, බිරිඳ හෝ දරුවන් එරටට ගෙනඒම තහනම් කිරීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර ඇත.

එක්සත් ජනපදය විසින් පනවා ඇති දැඩි ආර්ථික හා බලශක්ති සම්බාධක හමුවේ කියුබාවේ දෛනික ජන ජීවිතය සහ සෞඛ්‍ය පද්ධතිය දැඩි අර්බුදයකට ලක්ව තිබුනද කියුබාව බිඳවැට්ටවීමට ඇමෙරිකාව දරන උත්සාහය කිසිදා සාර්ථක නොවන බව කියුබානු නියෝජ්‍ය විදේශ අමාත්‍ය Carlos Fernandez De Cossio මහතා පවසයි.

ඇමරිකාවේ ඩීසල් වල සාමාන්‍ය මිල අඛණ්ඩව දෙවැනි දිනයටත් නව සර්වකාලීන ඉහළම අගයක් වාර්තා කරමින්, ගැලුමකට ඩොලර් 6.31ක් (ලීටර් 3.8ක් පමණ) හෙවත් ඩීසල් ලීටරයක් අමෙරිකානු ඩොලර් 1.67 දක්වා ඉහළ ගොස් ඇති බව, ඊයේ(16) දිනයේදී ජාත්‍යන්තර විශ්ලෙෂකයන් විසින් ඇමරිකානු මෝටර් රථ සංගමයේ (AAA ) දත්ත අධ්‍යයනය කිරීමෙන් පසුව පවසා ඇතැයි වාර්තා වේ.

OpenAI සමාගම සිය කෘත්‍රිම බුද්ධි පද්ධතිවල සිදුවන අනපේක්ෂිත හෝ අවසරයකින් තොර හැසිරීම් පිළිබඳ නිතිපතා වාර්තා පළ කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

නාවික ගමනාගමන දත්තවලට අනුව, එවැනි නැව්ගත කිරීම් මගින් ගල්ෆ් කලාපයේ තෙල් නිෂ්පාදකයන්ට දිනකට තෙල් බැරල් මිලියන 7 සිට 9 දක්වා අපනයනය කිරීමට හැකි වී තිබේ. එය යුද්ධයට පෙර පැවති තෙල් ප්‍රවාහන ප්‍රමාණයෙන් සියයට 30 සිට 40 දක්වා පමණ වේ.

යේමනයේ හූති (අන්සාර් අල්ලාහ්) ව්‍යාපාරය රතු මුහුදු වෙරළ තීරය ඔස්සේ සිය හමුදා වේගයෙන් ඉදිරියට මෙහෙයවමින් උපායමාර්ගික නගරයක් වන අල්-මකා (මෝකා) සහ බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධිය ආසන්නයේ පිහිටි පෙරිම්/මයුන් දූපතේ පාලනය අත්පත් කරගෙන තිබේ.

කෘත්‍රිම බුද්ධි (AI) පද්ධති අධික ලෙස අවදානම් තත්ත්වයකට පත්වුවහොත් ඒවා සම්පූර්ණයෙන් ක්‍රියා විරහිත කළ හැකි ‘Kill Switch’ ක්‍රමවේදයක් සමාගම් සඳහා අනිවාර්ය කිරීමට නීති ගෙන ඒමට සිදුවිය හැකි බව ලොව ප්‍රමුඛ පෙළේ AI සමාගමක් වන Anthropic හි සම නිර්මාතෘ ජැක් ක්ලාක් පවසා තිබේ.


ප්‍රධාන පුවත්

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.