ඊශ්‍රායල මැතිවරණයට අරාබි පක්ෂවලින් අක්‍රමිකතා කළ බවට නෙතන්යාහුගේ පක්ෂයෙන් චෝදනා..
අරාබි දේශපාලන පක්ෂ ලබාගත් ඓතිහාසික ජයග්‍රහණයෙන් පසු, ඔවුන් රජයක් පිහිටුවීමේ තීරණාත්මක සාධකය බවට පත්වෙමින් සිටියදී අරාබි පක්ෂ විසින් මැතිවරණයේදී අක්‍රමිකතා සිදුකර ඇති බවට අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ ලිකුඩ් (Likud) පක්ෂය චෝදනා කරයි.
මේ සම්බන්ධයෙන් පොලිසිය සහ ෂින් බෙට් (Shin Bet) ආරක්ෂක අංශ මගින් පූර්ණ පරීක්ෂණයක් පවත්වන ලෙසද ලිකුඩ් පක්ෂය ඉල්ලා තිබේ.
ලිකුඩ් පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් කියා ඇත්තේ, අල්ලස් දීම, තර්ජනය කිරීම, ප්‍රචණ්ඩත්වය, ව්‍යාජ ලේඛන සෑදීම සහ නීති විරෝධී මෘදුකාංග භාවිතය වැනි බරපතල අපරාධ මගින් ත්‍රස්තවාදයට සහය දක්වන අරාබි පක්ෂ විසින් මෙම මැතිවරණ අක්‍රමිකතා සිදුකර ඇති බවයි.
චන්ද්‍රපත්‍ර සමඟ මුදල් අඩංගු කවර, මැතිවරණ කමිටු සාමාජිකයින්ට තර්ජනය කිරීම්, එකම පුද්ගලයා කිහිප වතාවක් ඡන්දය දීම සහ නීති විරෝධී ලෙස ඡන්දදායකයින් මෙහෙයවීමේ මෘදුකාංග භාවිතය ඇතුළු සාක්ෂි සිය ගණනක් පොලිසියට, ෂින් බෙට් සංවිධානයට සහ මධ්‍යම මැතිවරණ කමිටුවට විසින් බාරදුන් බවයි එම ලිකුඩ් පක්ෂය පවසන්නේ.
ඡන්ද 85% කට වඩා ගණන් කර තිබියදී, රාඅම් (Ra'am) සහ ජොයින්ට් ලිස්ට් (Joint List) යන අරාබි පක්ෂ සන්ධානය ආසන 19 ක් දක්වා වාර්තාගත ලෙස ලබා ගනු ඇතැයි වාර්තා වන අතර, නෙතන්යාහුගේ පිලට හිමිව ඇත්තේ ආසන 53 ක්.
විපක්ෂයේ ගාඩි අයිසෙන්කොට්ගේ (Gadi Eisenkot) පිලට ආසන 48 ක් හිමිව ඇති අතර, දෙපාර්ශවයටම කෙනසෙට් (Knesset) පාර්ලිමේන්තුවේ බහුතරය වන ආසන 61 සපයා ගැනීමට නොහැකි වී ඇති බව සඳහන්.
මේ අතර ලිකුඩ් පක්ෂයේ පැමිණිල්ල ලැබුණු බවත්, මැතිවරණයේ විශ්වාසනීයත්වය සුරැකීමේ සාමාන්‍ය පරීක්ෂණ ක්‍රියාවලිය යටතේ එම චෝදනා සලකා බලන බවත් මධ්‍යම මැතිවරණ කමිටුව තහවුරු කරයි.
ජොයින්ට් ලිස්ට් පක්ෂ නායක යූසෙෆ් ජබරීන් (Yousef Jabareen) පවසන්නේ නෙතන්යාහු බලයෙන් පහකිරීම සඳහා විපක්ෂය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් වුවද, පවතින ගාසා යුද්ධය සහ බටහිර තීරයේ ජනාවාස ප්‍රශ්න හේතුවෙන් සෘජුවම සභාග ආණ්ඩුවකට එකතු වීමට අදහසක් නැති බවයි.
රාඅම් පක්ෂයේ යෝඅව් සෙගාලොවිට්ස් (Yoav Segalovitz) නව රජයක් පිහිටුවීමේදී තමුන්ගේ ඡන්දදායකයින්ගේ මතයද සැලකිල්ලට ගත යුතු බව ප්‍රකාශ කරයි.
මේ අතර ඩෙමොක්‍රැට්ස් පක්ෂයේ යායිර් ගෝලාන් (Yair Golan) දේශපාලන අර්බුදය විසඳීම සඳහා අරාබි පක්ෂ සමඟ සන්ධානගත නොවන බවට වූ පොරොන්දු ඉවත් කරගන්නා ලෙස විපක්ෂයේ අනෙකුත් කණ්ඩායම්වලින් ඉල්ලා තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..